Wednesday, June 24, 2015

C ක්‍රමලේඛන භාෂාව


පරිගණක විද්‍යාවේ දී, C යනු පොදු කාර්ය පරිගණක භාෂාවක් වන අතර, මෙය ලොවට හඳුන්වාදුන්නේ 1969-1979 කාලය අතර AT&T බෙල් පර්යේෂණාගාරයේ දී ඩෙනිස් රිචී මහතා විසිනි.ALGOL සම්ප්‍රදායේ පවතින බොහෝ විධානාත්මක භාෂා වල මෙන්, C පරිගණක භාෂාවද ස්තිථික ටයිප් පද්ධති, බොහෝ අපෙක්ෂා නොකල කාරකයන් වළක්වද්දීත් ව්‍යූහාත්මක වැඩසටහන්කරණයට පහසුකම් සැළසීම සහ lexical විචල්‍ය අවකාශයකට හා සහානුයාත වලට ඉඩදීම සිදු කරයි. C භාෂාවේ ප්‍රභව කේතයන් නිදහස් ආකෘතියක් ගන්නා අතර වැකි අවසන් කිරීමට තිත් කොමාව(;) ද වැකි කාණඩගත කිරීමට සඟල වරහන ද භාවිතා කරයි. එහි පවතින සැකැස්ම නිසා කාර්යක්ෂමව වැඩසටහනක ඇති අංගයන් ඊට අදාළ යන්ත්‍ර උපදෙස් වලට ඈඳීම කල හැකි අතර එම නිසා Unix පරිගණක මෙහෙයුම් පද්ධතියේ අඩංගු පද්ධති මෘදුකාංග වැනි Assembly පරිගණක භාෂාව භාවිතයෙන් ලියන ලද වැඩසටහන් පවා දිගින් දිගටම භාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.

C යනු මෙතෙක් ලොව වැඩියෙන්ම භාවිතා කර ඇති පරිගණක භාෂාව වන අතර C භාෂාව සඳහා භාෂා පරිවර්තකයක් දක්නට නොමැත්තේ ඉතා අඩු පරිගණක ආකෘතීන් කිහිපයක පමණකි.
C#, D, Go, Java, JavaScript, Limbo, LPC, Perl, PHP, Python, සහ Unix's C shell වැනි බොහෝ පසු කාලීන පරිගණක භාෂාවන් C පරිගණක භාෂාවේ ආභාෂය සෘජුව හෝ වක්‍රව ලබා ඇත. මෙවැනි භාෂාවල (Python භාෂාවේ හැර) වැඩිපුරම දක්නට ලැබෙන C භාෂාවේ බලපෑම් වන්නේ ඒවා සරල ආකෘතීමය රීතීන් වශයෙන් පැවතීම (syntactical) සහ C භාෂාවේ පවතින හඳුනාගන්නා ලද ප්‍රකාශනයන් හා වගන්ති ආකෘතීන් (syntax of C), බොහෝ විට වෙනස් විය හැකි මූලික type පද්ධති, දත්ත ආකෘතීන් හා අර්ථවිචාර සමග සංයුක්ත කිරීමට නැඹුරු වීමයි. C++ පරිගනක භාෂාව C භාෂාවේ පෙර සැකසුම් එකතුවක් වශයෙන් ආරම්භ වූ අතර වර්තමානය වන විට එය C භාෂාවේ මව් කුලකයක් (superset) ලෙස පවතී.

C භාෂාව සඳහා නිල ප්‍රමිතියක් තිබීමට ප්‍රථම ඩෙනිස් රිචී සහ බ්‍රයන් කර්නගෙන් විසින් රචිත අවිධිමත් පිරිවිතරක් මත බොහෝ භාවිතාකරන්නන් සහ ක්‍රියාවටනංවන්නන් විශ්වසය තබා තිබින. එම පිරිවිතර “K&R” C ලෙස හඳුන්වන ලදි. 1989 දී ඇමරිකානු ජාතික ප්‍රමිති ආයතනය C භාෂාව සඳහා ප්‍රමිතියක් ප්‍රකාශයට පත් කල අතර එය “ANSI C” හෝ C89 ලෙස හැඳින්වේ. ඉනික්බිති වර්ෂයේදී එම පිරිවිතරම ප්‍රමිතිකරණය සඳහා වන ජාත්‍යන්තර ආයතනය (ISO) අන්තර්ජාතික ප්‍රමිතියක් ලෙස (ව්‍යවහාරයේදී C90) ප්‍රකාශයට පත් කරන ලදි. 1995 දී ISO ව විසින් පසුව එම ප්‍රමිතියේ අන්තර්ජාතික සහයෝගීතවය උදෙසා තවත් දිගුවක් නිකුත් කරන ලදි. මෙම ප්‍රමිතිය 1999 දී සංශෝධනය කරන ලදි (ව්‍යවහාරයේදී C99). වර්ථමානයේදී භාවිතා කරන්නේ 2011 දෙසැම්බරයේ සම්මත කරන ලද C11 නම් ප්‍රමිතියයි.
More.....

From Wikipedia

Tuesday, June 16, 2015

පයිතන් ක්‍රමලේඛන භාෂාව



පයිතන් යනු බහුලව භාවිතාවන උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාවක් වන අතර එය නිර්මානය කර ඇත්තේ කේත කියවීමේ පහසුව අවධාරණය අ‍යුරිනි. පයිතන් සතුව ඇති අපුර්ව ගුණය වන්නේ එහි ඇති නිරවුල් කේත වින්‍යාසය සහ එහි සම්මත වැඩසටහන් ගොනුව ඉතා විශාල හා පරිපූර්ණ එකක් වීමයි. අනෙකුත් ප්‍රචලිත ක්‍රමලේඛන භාෂාවන් අතරින් මෙහි ඇති විශේෂත්වය නම් ක්‍රමලේඛනයේ භාවිතා වන පරිසීමක ඛණ්ඩක අතර හිස් ඉඩ තැබීම් වේ. පයිතන් බහු ක්‍රමලේඛන නාම මාලාවන්ට සහය වන අතර නමුත් එය සීමා නොවන්නේ වස්තු මූල,ප්‍රගම්‍ය හා ඉතා සුළු වශයෙන් කෘත්‍යයාත්මක ක්‍රමලේඛන රටාවන්ට පමණි.එය පූර්ණ ගතික පද්ධති වල ගුණ පෙන්වන අතර ස්වං මතක පාලනයද සිදුකරයි.එම ගුණය සමාන වන්නේ ස්කීම්,පර්ල්,රූබි හා tcl වැනි ගතික ක්‍රමලේඛන භාෂාවන්ටයි.

පයිතන් නොයෙක් විට ස්ක්‍රිප්ටින් ලිවීමට භාවිත කලද එය බහුලව භාවිත වෙනත් කාර්යයන් සඳහාය.පයිතන් ක්‍රමලේඛන පරිගණක වල ධාවනය වන වැඩසටහන් තුලට අන්තර්ගත කල හැකිය.පයිතන් පරිවර්ථක බොහෝ [පරිගණක] පාලක පදධති වල අඩංගු වේ. පයිතන් යනු නිදහස් හා විවෘත මෘදුකාංග ගනයට අයත් මෘදුකාංගයකි. එහි ඇත්තේ ප්‍රජාව මත පදනම්වූ සංවර්ධන ක්‍රමයකි.එහි සම්පූර්ණ හෝ විකල්ප සංස්කරණ සිදුකරයි.සීපයිතන් කළමණාකරනයන් සිදුකරන්නේ ලාභ නොලබන ආයතනයක් වන පයිතන් මෘදුකාංග පදනම මගිනි.

පයිතන් පිළිබඳ මුලින්ම අදහසක් ඇති වූයේ 1980 අග භාගයේය.එය ක්‍රියාත්මක කලේ ගයිඩො වෙන් රොසම්(Guido van Rossum) විසින් 1989 සිටයි.ඔහු ABC ක්‍රමලේඛණ භාෂාවේ ප්‍රවිණයෙකි එමෙන්ම එක්ස්සෙප්ට්ශන් හැඩලින් හා ඇමොයිබා මෙහෙයුම් පද්ධතියේ(Amoeba operating system) මුහුනත නිර්මාණය කිරීමේ ප්‍රවීණයෙකි.ඔහු පයිතන්හි මූලධර්ම රචකයාය. පයිතන් ප්‍රජාව විසින් ඔහුට පිරිණමා ඇති ප්‍රමුඛ ප්‍රධාන කාර්ය වන්නේ පයිතන්හි ඉදිරි ගමන තීරණය කිරීමයි පයිතන් 2.0 සංස්කරණය නිකුත්කලේ 2000වසරේ ඔක්තෝබර් 16 වනදාය.එහි නව අංග රැසක් අන්තර්ගත කර තිබුණා. ඒහි ගාබේජ්කලෙක්ටර් හා යුනිකෝඩ් සඳහාද පහසුකම් ලබාදී තිබුණා ඒමෙන් ම එහි විශේෂම වෙනස නම් සංවර්ධන ක්‍රියාවලිය ඔවුන් විසින් සිදුකිරීමත් එය වඩා විනිවිදභාවයෙන් හා නැවත ප්‍රජාව වෙතම සහන සැලසීමේ වැඩසටහනක් වීමයි.

පයිතන් 3.0(පයිතන් 3000,py3k) සංස්කරණය නිකුත්කලේ විශාල කාලයක් තුල සිදුකල අත්හදා බැලීම් වලින් අනතුරුව 2008 දෙසැම්බර් 3වනදාය.එය නිකුත්කලේ පෙර සංස්කරණ වන 2.6 හා 2.7 සමඟද ක්‍රියාත්මකවන අයුරින්ය. එය TIOBE වසරේ ක්‍රමලේඛන භාෂාව ලෙස 2006 හා 2010 වර්ෂ වලදී දෙවරක් සම්මාන ලබාගත්තා. එය ලබාදීමට එම වසර වලදී හේතුවූයේ පයිතන්හි අසමසම ජනප්‍රියත්වයේ වර්ධනය නිසාය.එය නීර්ණය කලේ TIOBE දර්ශකය අනුවයි.

පයිතන් බහු පැරඩිගමි භාෂාවකි.එම නිසා ක්‍රමලේඛකයන්ට විශේෂ ක්‍රමලේඛණ ආරකට හුරු වීමට සිදුවී තිබුණා.එය ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් හා වි‍යුහාත්මක ක්‍රමලේඛණ වලට සහය දක්වනවා. තවද එය කෘත්‍යාත්මක හා ඇස්පෙක්ට් ඔරියන්ටඩ් ක්‍රම ගනනක භාෂා ලක්ෂණ ලබා දී තිබෙනවා. අනෙකුත් පැරඩිගම් සඳහා භාෂා දිගුවන් මඟින් පහසුකම් ලබා දි තිබෙනවා. ඒ pyDBC හා පයිතන් සඳහා වූ කන්ට්‍රාස්ට්ය. පයිතන් නිර්මාණය කර ඇත්තේ විතන්‍ය භාෂාවක් ලෙසයි. අළුතින් සාදාඇති අංගයන් c හා c++ මඟින් ලියන්නට පුළුවන්. පයිතන් දැනට පවතින මොඩියුල් හා යෙදීම් වල දිගුවන් සඳහා ක්‍රමලේඛන භාෂාවක් ලෙස යොදා ගතහැකියි. මේ සඳහා ක්‍රමලේඛිත මුහුණතක් අවශ්‍යවෙනවා.ABC භාෂාවේ දුර්වලතා නිසා මෙය නිර්මාණය කර ඇත්තේ වෙන් රොසම් විසිනි.
ශ්‍රිතීය ක්‍රමලේඛණය තුල වූ ළිස්ප් සම්ප්‍රදාය සඳහා පයිතන් සීමිත සහයක් පමණක් ලබා දෙයි. කෙසේ වෙතත් පයිතන් හි රටාව පෙන්නුම් කරන්නේ ළිස්ප් වර්ගයට අයත් අවම භාෂාවල වැදගත් සමානකම්ය.(scheme)

පයිතන් ස්ක්‍රිප්ටින් භාෂාවක් ලෙස වෙබ් යෙදුම් සඳහා බොහෝවිට භාවිතා කරයිDjango, Pylons, TurboGears, web2py, Flask.සහ Zope වැනි වෙබ් යෙදුම් මුහුණත්හි සංකීර්ණ යෙදුම්වල නිර්මාණ හා නඩත්තු සඳහා රුකුල් දෙයිNumPy, SciPy,Matplotlib යන ලයිබ්(රී වල පයිතන් කාර්යශම පරිගණය සඳහා භාවිත වේ. මෘදුකාංග නිශ්පාදන ගණනාවක එනම් පරිමිත අංග ක්‍රමයේ මෘදුකාංග එනම් ඇබකස් සහ ත්‍රිමාණ සජීවීකරණ පැකේජ එනම් හොයුඩිනි,මායා,මෝෂන්බිල්ඩර්,සොෆ්ට් ඉමේජ්,සිනමා 4D,මෝඩා හා බ්ලෙන්ඩර් තවද 2D මූර්තන වැඩසටහන් එනම් GIMP,ඉන්ක්ස්පේස්,ක්‍ර‍යිබස් හා පේන්ට් ෂොප් ප්‍රො වල පයිතන් ස්ක්‍රිප්ටින් භාෂාව ලෙස සාර්ථකව භාවිතකරයි.ESRI දැන් පයිතන් ArcGIS වල පිටපත් ලිවීමට ඉතා සුදුසු බව ප්‍රකාශකර ඇත. එය පරිඝණක ක්‍රිඩා වලද භාවිතා කරතිබෙනවා. පයිතන් සම්මත සංරචකයක් ලෙස බොහෝ පාලක පද්ධතිවල එනම් ලිනක්ස්,නිදහස්BSD,ජාලBSD, විවෘතඹ්Sඹ් හා මැක්OSX වල භාවිතා කරයි.ටර්මිනල හරහාද භාවිතා කරයි.

බොහෝ ලිනක්ස් බෙදා හැරීම් ප්යිතන් භාෂාවෙන් ලියවුනු ස්ථාපනය කිරීම් වලද භාවිතා කරයි.උබන්ටු යුබික්විලිටි ස්ථාපන,රෙඩ් හැට් හා ෆෙඩෝරා වල ඇනකොන්ඩා ස්ථාපන,ගැන්ටු ලිනක්ස් හි පැකේජ පාලක පලක පද්ධති,ගැන්ටු ලිනක්ස් හි පැකේජ පාලක පද්ධති වල වලද භාවිතා කරයි.
From wikipedia

Saturday, May 30, 2015

මොකක්ද මේ java script කියන්නේ?


මේ JS (JS යනු java script යන්න කෙටි කර දක්වන යෙදුම වගේම. java script එකක extention එකද මෙය වේ) යන භාෂාවේ නිර්මාතෘ වරයා තමයි .. Brendan Eich මොහු 1961 දී පෙනිසියුලා වල.. පිටර්ස්බර්ග් කියන ගමේ තමයි ඉපදුනේ.. . මොහු මෙම භාෂාව නිර්මාණය කල පසු එම භාෂාව වැඩි දියුණු කරේ netscape කියන සමාගම තමයි...

වෙබ් අඩවියක් වඩාත් ආකර්ෂණීයව හා කාර්යක්ෂමව පරිශීලකයා වෙත ඉදිරිපත් කිරීමට JavaScript ලොකු සහයෝගයක් දෙනවා. එතරම් සංකීර්ණ නැති මේ JavaScript language එක user friendly language එකක් විදියට ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා.ඒ වගේම scripting language එකක්. මේක පාවිච්චි වෙන්නේ website හදනකොට. javascript නැතුව website හදන්න පුළුවන්. html විතරනේ ඕනි. ඒ වුණාට javascript පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා website එක හැඩ වැඩ කරගන්න. ඒ වගේම server side programming වලට වැදගත් වන දේවල් වලට සහයක් කරන්න javascript වලට පුළුවන්. වැදගත් වෙන්නේ මේකෙන් මොනවද කරගන්න පුළුවන් කියන එකනේ.. javascript කරන්න නම් html හා css දැනගෙන ඉන්න වෙනවා. මේ කතාකරන්නේ javascript ගැන නිසා මම html css ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. .. ඒ වගේ ම AJAX වගේ තාක්ෂණයන් ට මුල පිරුම් language එක වෙන්නෙත් මේ .JavaScript .ඒ වගේ ම JQuery කියන්නෙත් මේ JavaScript වලින් ලියපු library එකක් .

ඒ වගේම ඕනෑම කෙනෙකුට නොමිලේම බාවිත කරන්න පුළුවන් language එකක්..java script run කරන්න අපිට ඕන web browser එකක් විතරයි...HTML සමග තමයි java script බොහෝවිට බාවිත වෙන්නේ. web page එකක් තියෙන static ස්වරුපය dynamic සවරුපයට ගන්න java script බාවිත කරනවා (ඇත්තටම dynamic වෙන්නේ නැ ඇත්තටම dynamic කරන්නේ php වලින්)..java script කියන language ඒක case sensitive ඒ කියන්නේ java script එකක් ලියනකොට simple - capital ගැන සැලකිලි මත් විය යුතුය.

ඒ වගේම JS ගැන කතා කරද්දී Client side scripting හා Server side scripting ගැන මූලික අවබෝධයක් තිබීම අවශ්‍ය වෙනවා. සරලව සැලකුවොත් Client කියන්නේ user ට.ඒ කියන්නේ ඔබ.Server එක කියන්නේ ඔබ explore කරන වෙබ් අඩවිය ගබඩා කරලා තිබෙන තැන. සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් ඔබ explore කරද්දි , මේ server එකේ වගේම client ගේ පැත්තෙත් (ඒ කියන්නේ browser එක ) programs run වෙනවා. ඉතින් මේ Server එකේ කරන programming වලට අපි Server side scripting කියන ගමන් browser එකේ කරන programming වලට Client side scripting කියලා කියනවා. Client side scripting වලදී සිද්ධ වෙන්නේ අදාළ script එක අපේ browser එකට ලඟා වුනාට පස්සේ run වෙන එක.

SEO කියන්නේ?


SEO කියන්නේ අපේ වෙබ් අඩවියක් හෝ පිටුවක් සෙවුම් යන්ත්‍ර (Search Engine) මගින් ඉහල වටිනාකමක් සහිත තත්වයකින් පෙන්වීමට සලස්වා ගැනීම. (මොකක්ද ඒ කිව්වේ ?) ඒ කිව්වේ සෙවුම් යන්ත්‍ර මගින් අපේ වෙබ් අඩවිය ඉහල ස්ථානයක් ලබාදී , ඔවුන්ගේ සෙවුම් ප්‍රතිපල වල පෙන්වීම දක්වා රැගෙන එන ක්‍රියාවලිය. 

තවත් සරලව කියනවනම් සිද්දිය මෙහෙමයි. දැන් අපි Google එකේ search 1ක් දැම්මා කියල හිතන්න. එතකොට ඒ search results(සෙවුම් ප්‍රතිපල) අතරේ යම් වෙබ් අඩවි පෙන්වන පිළිවෙලක් තියෙනවනේ. ඒ පෙන්වන පිළිවෙල නිකන් අහම්බෙන් ආපු පිළිවෙලක් නෙමෙයි. ඒ පෙන්වන පිළිවෙල ලොකු ක්‍රියාවලියක ප්‍රතිපලයක්. ඉතින් මේ පිළිවෙල ඇතුලේ සමහර වෙබ් අඩවි මුලිනුත් සමහර වෙබ් අඩවි ඊට පසුවත් පෙන්නනවනේ. (සමහර වෙබ් අඩවි පෙන්වන්නේ අන්තිම හරියේ. ඒවා දකින්න වෙනම වෙලාවක් search results ගොඩක් බලන්න වෙනවා.) ඉතින් මේ කියන පිළිවෙල ඇතුලේ අපේ වෙබ් අඩවියටත් යම් වටිනාකමක් ස්ථානයක් තියෙනවා. එක තවත් වැඩි කරලා , ඉහල වටිනාකමක් ලබාදීලා search results අතරේ හොද ස්ථානයක් ලබාගැනීම තමයි SEO කරනවා කියන්නේ.

Thursday, May 7, 2015

වයි-ෆයි තාක්ෂණය




රැහැන් රහිත ක්‍රමයට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට ගම් නගර වලට වයි-ෆයි තාක්ෂණයෙන් නොමිලේ ඉන්ටර්ට් ලබා දෙයි.

වයි-ෆයි තාක්ෂණයෙන් රැහැන් රහිත ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නන් විඩියෝ ක්‍රීඩා කරන්නන් වැනි බොහෝ දෙනා මේ ගැන කුතුහලයෙන් සිටින්නේ ඒ නිසාය. වයි-ෆයි (Wi-Fi) යනු (Wireless Fidelity) යන සම්පූර්ණ නම කෙටිකර සකසාගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හදුන්වන්නෙ රැහැන් රහිත ජාලයක් (Wireless Network) හරහා තොරතුරු පතුරුවා හැරීමේ (විකාෂණය කිරීමේ) ප්‍රමිතියයි.

රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් දුරකතන, රූපවාහිනී, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරණවල යොදාගන්නාක් මෙන් රේඩියෝ තරංගවලිනි. මෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේශණය සදහා තිබිය යුතු මූලික ඕනෑකම් වන්නේ වයර්ලස් රවුටරයකි. මෙම රවුටරයේ තිබෙන ඇන්ටනා මගින් පරිගණක දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි මේ සදහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතාවය වන්නේ වයි-ෆයි ඇඩැප්ටරයකි. මෙය යූඑස්බී ඇඩැප්ටරයක් නැතිනම් පීසි කාඩ් එකකි.

මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ පරිගණකයක් වයි-ෆයි ජාලයක් හරහා ඉන්ටර්නෙට් සමග සම්බන්ධවීමේදී මූලික වශයෙන් සිදුවන ක්‍රියාවලි දෙකකි. පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්ටරය මගින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව මගින් ඒවා සම්ප්‍රේශණය කරයි. රැහැන් රහිත රවුටරය එම දත්ත ලබාගෙන ඒවා පරිගණක දත්ත බවට ආපසු හරවයි. ඉන්පසු ඒවා සාමාන්‍ය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධකෙරේ.

මෙසේ ඉන්ටර්නෙට් සමග රැහැන්වලින් සම්බන්ධ වූ රවුටරයක තිබෙන කාමරයක් තුල පිහිටුවන්නට පුළුවන. එලිමහනක පිහිටුවන්නටත් පුළුවන්, කොහොම නමුත් මේ රවුටරයෙන් තරංග සම්ප්‍රේශණය කරන හා ලබා ගන්නා බල ප්‍රදේශයක් තිබේ. මේ බල ප්‍රදේශයේ ඇති වයි-ෆයි සම්බන්ධතාවය ලබාගත හැකි තැන් හොස්ට්පොට්ස් (hotspots) නම් වේ. ඒ කියන්නේ ඇඩැප්පරය සහිත ලැප්ටොප් එකක් රැගෙන යන්නෙකු වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නට නම් මෙවැනි වයි-ෆයි හොස්ට්පොට් එකට අතුලු විය යුතුය.

වයි-ෆයි හොට්ස්පොට් එකක් සිසාරා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන,වෝකිටෝකි, රූපවාහිනි යන්ත්‍ර යනාදිය හුවමාරු කරන රේඩියෝ තරංග වුවත් මේවායේ සංඛ්‍යාතය ඒ හැමටම වඩා ඉහලය. ඒ නිසා මේවාට වැඩි තොරතුරු ප්‍රමාණයක් හුවමාරු කරගන්නට පුළුවන.

වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්මෙන් තාක්ෂනික ප්‍රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය (IEEE – Institute of Electrical and Electronics Engineering) නියමයන්ට අනුවය. ඔවුන් සැකසූ802.11 යන ජාල ප්‍රමිතිය (802.11 Networking Standard) මෙහිදී යෙදා ගැනේ.



වයි-ෆයි ජාලයක් වැඩ කරන හැටි

කණුවක පිහිටුවා අැති Wi-Fi විකාශනය කිරීමේ උපකරණයක්
01) වයි-ෆයි හොට්ස්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලි වල, පහන් කණුවල හා වෙනත් ස්ථානවල ඇන්ටනා සවි කරයි.

02) වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉන්ටර්නෙට් සම්බන්ධය (Source internet connection)ඇති ඩෙස්ක්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සමග රැහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කෙරේ.

03) දැන් සමහර මොබයිල් ෆෝන්වලටත් පාම්ටොප් පරිගණකවලටත් වයි-ෆයි තාක්ෂණය හදුනා ගැනීමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහා ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක.

04) ලැප්ටොප් පරිගණක ද වයි-ෆයි ලබා ගත හැකි උපාංග (ඇඩැප්ටර්) සමග එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වෙන්නට පුළුවන.

වයි-ෆයි තාක්ෂණය යොදා ගෙන ඉන්ටර්නෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සම්බන්ධතා හෝ ලබා ගන්නා විට ඇති වාසි

01) කේබල් යෙදීමේ අවශ්‍යතාවක් නැති නිසා ජාලය ස්ථාපිත කිරීම පහසුය.
02) බොහොමයක් ලැප්ටොප් සමග වයි-ෆයි ඇඩැප්ටර් සවි කොට තිබීම නිසා ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගැනීමට යන මූලික වියදමද අඩුය.

03) වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය.

මේ වාසිදායක තත්වයන් සහිතව වුවත් වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ. එනම්,

01) මේ සදහා යෙදවිය යුතු ශක්තිය ඉහල නිසා ලැප්ටොප් වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහල යාම සිදුවේ.
02) වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උපදින හොට්ස්පොට් එකක් අඩි 150ක පමණ ප්‍රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ්‍රෙයන් පිහිටුවන හොට්ස්පොට් එකක් වුවත් බල පවත්වන්නේ අඩි 300ක පමණ දුරකටය.

මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මොටර් රථ එකිනෙකට හදුනාගැනීමට පුළුවන් සේ වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් දැන් යුරෝපයේ ක්‍රියාත්මකයි. යුරෝපීයන් කාර් ටූ කාර් (European Car – 2 – Car) ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාධන සමාගම් හා විශ්ව විද්‍යාල කීපයකි. මෙහීදී කරන්නේ වාහනවල වයි-ෆයි පද්ධති පිහිටුවා ඒවා අතර සම්බන්ධය ඇති කිරීමටය. එවිට නොපෙනෙන වංගුවකදී වුවත් එක් මෝටර් රථයකට අනෙක හදුනාගන්නට පුළුවන.

වයි-ෆයි තාක්ෂණයෙන් ජනයා හදුනාගැනීමේ ක්‍රමයක් ෆින් ලන්තයේ ඉකාහෝ (Ekahua)සමාගම හදුන්වා දී තිබෙනවා, මෙය වයි-ෆයි ජාලයකින් හදුනාගන්නට පුළුවන් රේඩියෝ ටැග් එකකි. මෙම ටැග් (Battery Powerd RFID Tags) වලට ගැලපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් ඒවා හදුනා ගන්නට පුළුවන. දියුණු රට වල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැලැදී රෝගීන් දැන් සිටන්නේ කොතනදැයි දැන ගැනීම මෙමගින් පහසුය.
 From Elakiri

2026 A/L ICT Classes