Articals

සෙල්ෆි ගැනීම රෝගයක්ද?


නෙත පින්නවන දසුනක් දුටුවිට එය කැමරාගත කර ගැනීම අප පුරුදු වී සිටින්නෙමු.නිතර කැමරාවක් අත නොමතිවීම රූප රාමු ගැනීමට අද බාධාවක් නොවන්නේ ස්මාර්ට් ජන්ගම දුරකතනයෙන් එම කාරිය මනාව ඉටුකොට ගත හැකි බැවිනි.තම දෛනික කටයුතුවලදී පවා රූප ගැනීම අද විලාසිතාවක් බවට පත්ව ඇත.

සීමාව ඉක්මවා සෙල්ෆි ගැනීම මානසික සමබරතාවයට ගැටලුවක් ඇතිකරන බව විද්වතුන් සිදුකල පරීක්ෂණ වල ප්‍රතිඵල දෙස බැලූවිට දැන් පෙනීගොස් ඇත.සෙල්ෆි ගැනීම සමහර පුද්ගලයන්ගේ හුදු විනෝදාංශයක් බවට අද පත්ව අත්තාක් සේම එය විලාසිතාවක් බවටද පත්ව ඇත.කරුනු කෙසේ වුවද තම ජීවිත අනතුරු ගැනද නොසලකා සෙල්ෆි ගැනීම අද උන්මාදයක් බවට පත්ව ඇත.සමාජීය ගැටලු රැසකටද අත වැනීමට මෙම සෙල්ෆි කලාව දායක වී ඇත.

සෙල්ෆි නිසාම වැළදෙන "සෙල්ෆයිටිස්" ලෙසින් හැදින්වෙන මානසික රෝගයක් ගැන APA(American Psychsrtic Association) නොබෝදා අනාවරණය කරගෙන ඇත.සෙල්ෆි කලාව හිණිපෙත්තේම වැජඹුනු අවධියේ APA මගින් මෙය මානසික රෝගයක් බවට පත්විය හැකි බැව් අනතුරු හැගවුවද එය ගණනකට නොගැනීම නිසා සෙල්ෆයිටිස් නම් වූ මානසික රෝගය දක්වා එය ඔඩුදිවීමට හේතුපාදක වී ඇත.

මෙය කොතරම් දරුණු තත්වයකට පත්වී ඇතිද යන්න පවසනවානම් සෑම පුද්ගලයින් 12 දෙනෙකුටම 1 අයෙක් සෙල්ෆයිටිස් රෝගයෙන් පෙළෙනබව සොයාගෙන ඇත.මෙහි අවධි 3 ක් ඇති බවද පළමු හා දෙවන අවධියේ පසුවන්නන් සුව කිරීමට පහසු වුවත් තෙවන අවධිය ගැන විශ්වාස තැබිය නොහැකි බව APA හි විද්වතුන්ගේ මතයයි.

අසාමාන්‍ය ලෙස නොනවත්වා සෙල්ෆි ගැනීමට යම් කිසි කෙනෙකු නිරන්තරයෙන් යොමුවේනම් සහ එම සෙල්ෆි සමාජ ජාල ගත කරනවානම් එවන් අය ගැන විශ්ෂ සැලකිල්ලක් දක්වන ලෙස APA අනතුරු හගවයි.
තාක්ශණය දියුණු මෙවන් ලෝකයක විවිධ විකාරරූපී ක්‍රියාවලීන් ඉදිරියටත් වැඩි වැඩියෙන් සිදුවිය හැකි සේම මිනිසුන්ගේ මානසික සමබරතාවය රැකගැනීමට නම් සිහිකල්පනාවෙන් එම තාක්ශණය බුක්තිවිදිය යුතු බවද කිවමනාය.නැතහොත් මෙලොව සෑම පුද්ගලයෙක්ම තාක්ශණය සීමාව ඉක්මවා භාවිතාකිරීම නිසා විවිධ රෝගපීඩා වලට පත්වීම වැළැක්විය නොහැකි බව දැන් පසක් වී හමාරය.
සටහන:- තිස්ස නවරත්න විසිනි

තොරතුරු තාක්ශණය පරිසර හිතකාමී කිරීම

 


පරිසරය මිනිසාට නොනැසී පැවතීමට කෙතරම් දායක වන්නේද යන්න පැවසීමට අටුවා අටීකා අවැසි නැත.මැක්සිම් ගෝර්කි පවසන පරිදි "මවගේ කිරි වලින් හා හිරුගේ කිරණින් මෙලොව නිර්මාණය වී ඇත" යන ප්‍රකාශය ඊට කදිම නිදසුනකි.

තොරතුරු තාක්ශණයේ වේගවත් දියුණුව සමග පරිසරයේ තිරසාර පැවත්මට දැන් කණකොකා හඩා ඇත.ඒ මන්ද යත් පාරිසරික උෂ්ණත්වය ඉහලයාම,ස්වාභාවික විපත් තීව්‍රර වීම,ස්වාභාවික චක්‍ර විකෘති වීම වැනි අහිතකර විපත් වලට හුදු මහත් ලෝ වැසියන්ට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවීමයි.මේ සදහා විවිධ හේතු බලපෑවද තාක්ශණය අහිතකර ලෙස භාවිතා කිරීම සෘජුවම බලපා ඇති බව පිළිගත යුතු සත්‍යයකි.එංගලන්තය පාදක කොටගත් ග්ලෝබල් ඇක්ශන් ප්ලෑන්(Global Action Plan)නැමති ආයතනය පවසන පරිදි තොරතුරු තාක්ශණය 2% පමණ බලශක්තියක් භාවිතා කරන බව පෙන්වා දී ඇත.

පරිසර හිතකාමී තොරතුරු තාක්ශණය (Green IT) නමින් කරළියට ඒමත් සමගම දැන් දැන් ලොව ප්‍රකට තොරතුරු හා සන්නිවේදන සමාගම් 15 ක් තම නිපැයුම් පරිසර හිතකාමී වන ලෙස නිර්මාණයට උනන්දු වී සිටීම සැබැවින්ම සතුටුදායකය.HP,Blackberry,Apple වැනි සමාගම් තම නිපැයුම් සදහා පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වැඩි වශයෙන් යොදාගැනීමටත් ඒ හරහා පරිසරයට නිකුත්වන තාපය,බැරලෝහ,විකිරණශීලී ද්‍රව්‍ය අවම කිරීමටත් ප්‍රමාණවත් තරම් උත්සාහයක් ගන්නා බවද නව පර්යේෂණ නිරන්තරයෙන් සිදුකරන බවටද සාක්ෂි ඕනෑ තරම් පෙන්වා දිය හැක.නමුත් එමකාර්යය 100% සාර්ථක වීමට නම් තව බොහෝ වෙහෙසිය යුතුව ඇත.

ක්ලවුඩ් පරිගණක තාක්ශණය (Cloud Computing) හරහා ශක්තිය ඉතිරිකිරීම,වීඩියෝ කොන්ෆරනස් (Video conference) වැනි ක්‍රියාදාමයන් සීමා කිරීම,යල් පැනගිය පරිගණක භාවිතයෙන් ඉවත්කිරීම,ශක්තිය පිරිමසන ලැප්ටොප් පරිගණක භාවිතය වැඩි කිරීම CRT වැනි යල්පැනගිය පරිගණක තිර ඉවත්කොට ඒ සදහා නවීන LCD,LED තිර හදුන්වාදීම හා විද්‍යුත් උපකරණ වල ආයු කාලය වැඩි කිරීම,පහසුවෙන් ප්‍රතිචක්‍රීය කලහැකි ලෙස විද්‍යුත් උපකරණ නිපදවීම වැනි උපක්‍රම මේ වන විටද කරළියට පැමිණ හමාරය.

Irish ආයතනයක් වන Micro Pro විසින් "iameco" නමින් දැවයෙන් නිමකරන ලද ආවරණයක් සහිත පරිගණකයක් නිපදවා තිබේ.මෙය සාම්ප්‍රදායික පරිගණක වලට වඩා70% කටත් අඩු බලයකින් ක්‍රියාත්මක වන අතර 98% පමණ එම පරිගණක ප්‍රතිචක්‍රීයකරණය කල හැකි බව නිෂ්පාදකයින් පෙන්වා දී ඇත.ලෝ ප්‍රකට Apple සමාගම Apple Mac Book පරිගණකය නිපදවීමෙන් ඔවුන්ද පරිසර හිතකාමී තාක්ශණයකට ලැදි බව පෙන්වා දී ඇත.

පරිසර හිතකාමී තොරතුරු තාක්ශණය එලෙසම භාවිතා කිරීම,විනාශ කිරීම,නිර්මාණය හා නිපදවීම යන ක්‍රියාවලීන් හරහා ලගාකර ගතහැකි බව විද්වතුන් විසින් පෙන්වා දී ඇත.ඒ අනුව යමින් පරිසර හිතකාමී ලෙස තොරතුරු තාක්ශණය දියුණුකිරීම සැබැවින්ම මිනිසාගේ ස්ථිරසාර පැවැත්ම තහවුරු කරන හුදු පරාර්ථකාමී ක්‍රියාවලියක්ම නොවන්නේද?

ක්ලවුඩ් පරිගණක සේවාව
 
නූතන පරිගණක ලෝකයේ පෙරලියක් අති කිරීමට හැකිවූ  තාක්ෂණයක් ලෙස ක්ලවුඩ් පරිගණක සේවාව හදුන්වා දිය හැක.අධිවේගී අන්තර්ජාල සබදතාවයක් හරහා මෘදුකාංග වෙබ්බ්‍රවුසර මත දිගහැරෙන්නේ මේ තාක්ෂණයේ බලමහිමයෙනි.

තාක්ෂණයේ දියුණු රටවල යහමින් වැජඹෙන මෙම සේවාවෙන් සැලසෙන වාසි අති මහත්ය.සිතූ සිතූ විට තමන්ට අවශ්‍ය මෘදුකාංග වල සේවාව පහසුවෙන් ලබාගතහැකි වීම අත්තෙන්ම ආශ්චර්යමත් සේම ඉමහත් පහසුවකි.

නමුත් තාක්ශණයෙන් එතරම් නොදියුණු ශ්‍රීලංකාව වැනි තුන්වන ලෝකයේ රටකට මෙම සේවාව ලබාගතහැකි වන්නේ අල්ප මාත්‍රයකට පමණි. ශ්‍රීලංකාවේ තවමත් පවතින්නේ සතුටුදායක ලෙස මෙම සේවාව අත්විදීමට හැකි අන්තර්ජාල සබදතා නොවීම මීට හේතුවයි.

ක්ලවුඩ් පහසුකම දියුණු රටවල මෙන් අත්විදියහැකි අන්තර්ජාල සේවාවන් වැඩි දියුණු වනතෙක් ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටින පරිගණක ලෝලීන්ගේ එකම පැතුම හැකි ඉක්මනින් අන්තර්ජාල තාක්ෂණය කිහිප ගුණයකින් දියුණුවනු දැකීමයි.

සටහන:- තිස්ස නවරත්න විසිනි.


පරිගණක ක්‍රීඩා තුලින් ඉගෙනීම




පරිගණක ක්‍රීඩා කියූ සැනින් අප කාට වුවත් මතකයට නැගෙන පරිගණක ක්‍රීඩාවක් නොමැති තරමට අද එය ප්‍රචලිත වී ඇත.වයස් බේදයකින් තොරව කාගේත් සිත් ඇදගන්නා පරිගණක ක්‍රීඩා අද ලෝකයේ එමට ඇත.මතකය,ආවර්ජනය,ගොනුකිරීම,වේගවත් තීරණ ගැනීම,ක්‍රියාශීලී බව,විමසිලිමත්කම යනාදී වූ හැකියාවන් දියුණු කර ගැනීමට පරිගණක ක්‍රීඩා අප නොදැනුවත්වම වුවද ඉවහල් වූ බව තර්කයකින් තොරව පිලිගැනීමට තරම් ප්‍රමාණවත් සාධක මේ වන විටත් විද්වතුන් විසින් ඉදිරිපත්කොට ඇත.

ඉහල තාක්ශණික ශිල්ප ක්‍රම හරහා නිර්මාණය කොට ඇති දියුණු පරිගණක ක්‍රීඩා පිලිබදව අප අසා ඇත්තෙමු.විද්වතුන් ලොව පුරා කරන ලද පරීක්ශණ වලට අනුව පරිගණක ක්‍රීඩා පිලිබදව අප දැරූ සාම්ප්‍රදායික ආකල්ප වෙනස් කරගැනීමට දැන් කාලය එලඹ ඇත.ඊට හේතු පාදක වී ඇත්තේ අද පවතින විවිධාකාර පරිගණක ක්‍රීඩා ක්‍රීඩා කිරීම තුලින් බොහෝ දේ ඉගෙනගැනීමට හැකිබව මෙන්ම සමහර පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ අරමුණද වී ඇත්තේ ඒ හරහා විෂය කරුණු ඉගැන්වීමය.

ඉගෙනීමේ නව ක්‍රමවේදයක් ලෙස අද GBL (Game Based Learnning) පිළිගෙන ඇත.මෙහි අර්ථය නම්,විවිධාකාර ක්‍රමශිල්ප භාවිතා කොට නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩා ඒකරාශී කොට එම ක්‍රීඩා වල ඇති විවිධාකාර  ක්‍රමවේද (Machanics) ක්‍රීඩා කිරීම තුලින් අධ්‍යනය කොට තම හැකියාවන්(Skills) හා දැනුම (Knowledge) ඒ හරහා ලබා ගැනීමයි.විද්වතුන් පවසන පරිදි කුඩා ළමුන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා යම් යම් පරිගණක ක්‍රීඩා වල යෙදීම තුලින් රාජකාරි මෙන්ම එදිනෙදා වැද කටයුතු වලදී පවා අලුත් යමක් ශණිකව ඉගෙනීමේ හා ඵලදායිතාවය (Productivity) ඉහල තලයකට ගෙන ආ හැකි බවයි.

GBL ක්‍රමවේදය Play station,Tablets,Video Games වලට පමණක්ම සීමාකල නොහැකිය.ඒ මන්ද යත් ක්‍රීඩා කිරීමේදී පුද්ගලයින්ගේ  භෞතික තත්වයන් (Physical Form) හරහාද යමක් ඉගෙනීමට හැකි බව විද්වතුන්ගේ මතය වන බැවිනි.බොහෝ පරිගණක ක්‍රීඩා හරහා විනය,හොද ගතිගුණ,ඉලක්කයකට වැඩ කිරීම,සමාජශීලී වීම,තම ජීවන අත්දැකීම් අත්හදා බැලීම යනාදී හැකියාවන් මේ හරහා වැඩිදියුණු වන බව සොයාගෙන ඇත.

GBL Serious Games ලෙසද අර්ථ දැක්විය හැක.එනම් සමහර පරිගණක ක්‍රීඩා නිර්මාණය කොට ඇත්තේද ඉගෙනීමට සහ එම ක්‍රීඩා හරහා ලැබෙන නිපුණත්වය තම පෞද්ගලික ජීවිතයේ එදිනෙදා ක්‍රියාකාරකම් වල යහපත් වෙනසක් ඇතිකරගැනීමට හැකිවන ලෙසයි.මෙම ක්‍රීඩාවල ත්‍රිමාන රූප හරහා එම ක්‍රීඩකයාට සජීවී ලෝකය මනාව අධ්‍යනය කොට තේරුම් ගැනීමට හැකිවන ලෙස සකසා තිබීමද විශේෂත්වයකි.

GBL ක්‍රියාවලිය හා සසැදෙන Gamification නම් වූ ක්‍රියාවලිය තුල පරිගණක ක්‍රීඩා හරහා සිතීමේ හැකියාව හා ක්‍රීඩාවේ ක්‍රියාදාමයන් (Machanics) ගැටලු සාර්ථක ලෙස විසදීමටද මංපෙත් විවරකර දෙන ක්‍රියාවලියකි.Portal2 වැනි පරිගණක ක්‍රීඩා හරහා ක්‍රීඩකයාට ගැඹුරු ලෙස සිතීමේ හැකියාව,නිර්මාණශීලී හැකියාව ප්‍රගුණ කරවයි.මෙම හැකියාවන් ප්‍රගුණ වීම නිසා ශිෂ්‍යාට සාම්ප්‍රදායික ක්‍රමවේද වලින් බැහැරව සිතීමේ හා නිර්මාණය කිරීමේ හැකියාව ඇති වේ.ගුරුවරුන්ටද පරිගණක ක්‍රීඩාවල ඇති සිත් ඇදගන්නාසුලු අතුරු මුහුණත්,චලනයන්,වර්ණවත් රූපරාමු භාවිතා කොට විෂය කරුණු නව මුහුණුවරකින් ශිෂ්‍යාට ඉගැන්විය හැකිය.

කරුණු කෙසේ වුවද ගුරුවරයා මෙහිදී වඩා උපක්‍රමශීලී වීමට වගබලා ගත යුතු වන්නේ ශිෂ්‍යාට පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වීමට වැඩි ඉඩකඩක් ඇති බැවිනි.

සටහන:- තිස්ස නවරත්න විසිනි.

තොරතුරු තාක්ෂණයේ ප්‍රගමණය හා මිනිසාගේ අනාගතය



තාක්ෂණයේ වේගවත් දියුණුව හා පරිණාමය අනාගත ලෝකය අසුරුසැනින් වෙනස් කිරීමට යහමින් දායක වෙමින් ඇතිබව අප කාටත් පුදුමයක් නොවේ.මානව ශිෂ්ඨාචාරයේ දියුණුව,අතිනවීන තාක්ෂණික මෙවලම්,ජෛව තාක්ෂණික නිපැයුම් වැනි නවීන සොයාගැනීම් සීඝ්‍ර ලෙස ඉහලයාම අප කවුරුත් නොසිතනා ලෙස ඉතාවේගයෙන් සිදුවෙමින් පවතී.

ඉදිරි දශක කිහිපය තුල නිර්මාණය වන පරිගණක වල මිනිස් මොළයේ ආගනන හැකියාවට (Computational Speed) ළගාවිය හැකිවනු ඇති බවද විද්වතුන්ගේ මතයයි.එපමණක්ද නොව මෙම පරිගණක වලට මිනිසුන් හා කතා කිරීමට අමතරව සවන්දීමේ හා මතක තබාගැනීමේ හැකියාවද ලැබෙනු ඇත.මේ හරහා මිනිසුන් පශ්චාත් මානව අවදියකට ගමන් කරනු ඇති බව බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත.

නැනෝ තාක්ශණය(Nano Technology) ආශ්‍රිතව නිපදවන ඉතා කුඩා ප්‍රමාණයේ රොබෝ යන්ත්‍ර මිනිස් සිරුරට අතුලුකොට ඒ හරහා මිනිසාගේ හැකියාව වැඩිදියුණු කිරීමේ ඉඩකඩක් ඇතිබවද සිතිය හැක.මෙමගින් ලෙඩරෝග මැඩපැවත්වීම, ශුද්‍ර සැත්කම්(Microsurgery) හා මිනිසාගේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීම කලහැකි බව විද්වතුන් පෙන්වා දී ඇත.මෙමගින් සිදුවනුයේ මිනිසාගේ ශරීරයේ ඇති සීමාවන් හා අඩුලුහුඩුකම් මගහැරී ගොස් මිනිසා ජෛව යාන්ත්‍රික තත්වයට පත්වීමය.

මිනිස් මොළය පරමාණුවෙන් පරමාණුවට පිටපත් කොට එම තොරතුරු පරිගණකයට අතුලත් කිරීම(Upload) තුලින් අවසානයේ දිනයක මරණය පවා ජයගැනීමට මිනිසාට හැකිවනු අති බව නිගමනය කල හැකිය.ආලෝකයේ වේගයෙන් තොරතුරු රටාවන්(Information Pattern) ලෙස පරිගණක පද්ධති හරහා ගමන් කිරීමේ හැකියාව මිනිසාට උදාවනු ඇති අතර,මිනිස් සිරුර මුලුමනින්ම අතහැර දැමිමේ හැකියාව ලැබෙනු ඇත.දැනටමත් ලොව වටා ජීවත්වන විද්වතුන් මෙවනි පෙරළිකාර සොයාගැනීම් සදහා ක්‍රියා කරමින් සිටින බවද අප කාටත් නොරහසකි.
සටහන:- තිස්ස නවරත්න විසිනි. Monday, May 9, 2016


ශ්‍රීලංකාවේ තොරතුරු සන්නිවේදන සාක්ෂරතාව



එදිනෙදා වැඩකටයුතු සදහා යම් මට්ටමක හෝ පරිගණක දැනුමක් තිබීම යුගයේ අවශ්‍ය තාවයක් වී ඇත.කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා පරිගණක භාවිතා කරන යුගයක් අප පසුකරමින් සිටින්නෙමු.දියුණු යුරෝපා රටවල නම් ආසන්න වශයෙන් 80% වත් ජනතාව තම එදිනෙදා වැඩකටයුතු සදහා තොරතුරු තාක්ෂණය මෙවලමක් ලෙස භාවිතා කරන බව අප කාටත් නොරහසකි.තම ආහාරවේල පවා අන්තර්ජාලය හරහා ඇණවුම් කරන මිනිසුන් වෙසෙන ලෝකයක කුප්පිලාම්පුවේ කනාමැදිරි එලියෙන් ජීවත්වන මිනිසුන්ද නොඅඩුව වෙසෙති.

කරුණු කෙසේ වුවද ශ්‍රීලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල තොරතුරු සන්නිවේදන සාක්ෂරතාවය යන මාතෘකාව කථාකිරීම පවා එක් අතකින් හාස්‍යජනක කාරණයකි.ඒ මන්ද යත් අත්‍යාවශ්‍ය පහසුකම් හෝ නොමැති මිනිසුන් අප රටේ කොතරම් අතිද?ඔවුන් හමුවේ තොරතුරු සන්නිවේදන සාක්ෂරතාව ගැන උදම් ඇනීම හරියට කනාට මැණිකක අගය කියනවා වැනිය.එයට හේතුව නම් පරිගණක යන්ත්‍රයක් ස්පර්ශ කිරීමට පවා වරම් නොලද ජනතාව තවමත් අපරට තුල ජීවත්වන බැවිනි.මුදල් යහමින් ඇති අයට නම් කෑම වට්ටෝරු බැලීමට පවා අන්තර්ජාල පහසුකම් ඇත.ඔවුන් හමුවේ මෙම කාරණය පයපාමුල ගෑවෙන දූවිල්ලකට සමානය.

සත්‍යවශයෙන්ම අප රට තුල මූලිකව ගොඩනැගිය යුත්තේ මූලික  අවශ්‍යතාවයන්ය.එම අවශ්‍යතා සම්පූර්ණ වූ කල මිනිසා වුවද නිතැතින්ම පෙලඹෙන්නේ ඊලග අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීමට බව"ඒබ්‍රහම් මැස්ලෝ" නැමැති ලෝ ප්‍රකට මනෝ විද්‍යාඥයා දක්වා ඇත.

අප කවුරුත් දන්නා ලෝ ප්‍රකට "බිල් ගේට්" මහතා සමාජ සත්කාර සදහා 90% තම දනය යෙදවීම මානව දයාව ප්‍රකට කරවන සිදුවීමකි.ඒ මන්ද යත්,තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට පවා තොරතුරු සන්නිවේදන සාක්ෂරතාවය දියුණු කිරීමට වඩා මිනිසාගේ මූලික අවශ්‍යතා සාක්ෂාත් කරගැනීමට උදව් උපකාර කිරීම වඩා වැදගත් බව මනාව තේරුම් ගොස් අති බැවිනි.කෙසේ නමුදු කරුණු කරනා මෙසේ වුවද තොරතුරු සාක්ෂරතාවය වැඩි කිරීමට අනාගත පරපුර තාක්ෂණික සමාජයක් බිහිකිර්‍රමෙහි ලා වැදගත්ම ක්‍රියාවලියකි.රටක් ලෙස එදිරියට යාමට තොරතුරු සන්නිවේදන සාක්ෂරතාවය අත්‍යාවශ්‍ය සාධකයක් බව කිව මනාය. 
සටහන:- තිස්ස නවරත්න විසිනි. Sunday, February 28, 2016

 

ජංගම දුරකථන හා සමාජය



අතීතය මෙන් නොව
තාක්ෂණය දියුණු වීමත සමගම මිනිසාගේ අවශයතාවයන්ද ඒ හා සමානව ඉහල ගිය යුගයක අන්තර් පුද්ගල සබදතා ඉතා සීඝ්‍රයෙන් ඩිජිටලීකරණයට ලක්වූයේ මුලු විශ්වයම ක්ෂණික ව කනපිට පෙරලමිනි.
කෙනෙකු සමග අදහස් හුවමාරු කරගැනීමට දුරකථන භාවිතාකල යුගය අද නව මන්පෙතකට යොමුව ඇත.හුදෙක්ම කතාකිරීමට පමණක් නොව කෙටි පණිවිඩ,චිත්‍රමය පණිවිඩ වලටත් එහා ගිය තාක්ෂණයක් ජoගම දුරකථනයේ ඇත.
ස්මාර්ට්  පෝන් යුගයේ නවමු පැතිකඩවල දොරගුලු දැන් විවර වී හමාරය.ගමන්කරනවිට,කාර්යාලයේදී,නිවසේදී පමණක් නොව එගෙනුම් ලබන පන්තිකාමරවලදී පවා ජoගම දුරකථන ගජරාමෙට කාර්යබහුල වී ඇත්තේ අන්තර්ජාලයට ප්‍රවිශ්ඨවීමට හෑකි පහසුම මගක් ස්මාර්ට් පෝන් හරහා විවරවීම නිසාය.තොරතුරු සෙවීමට ගූගල් කිරීමද අද මිනිසාගේ මතක ශක්තිය හා ආවර්ජන හැකියාව මොට කිරීමට සමත්ව ඇත.
කරුණු මතකතබාගැනීමේ අවශ්‍යතාවයක් දැන් නැත. ජoගම දුරකථන හරහා ගූගල් වෙත පිවිස අවශ්‍ය කරුනු ක්ෂණිකව වෙබ් අඩවි හරහා පීරා බැලීමට හැකිවීම මීට හේතුවයි.හොද හෝ නරක රූපරාමු,වීඩියෝ දර්ශණ කෂණිකව අන්තර්ජාලයට එක් කිරීමට තාක්ෂණය සමත්වී ඇත.ලොව පුරා තත්පර කිහිපයකදී බොහෝ දේ එක් කිරීමට ජoගම දුරකථනය සමත්ව ඇත.පුද්ගල අනන්‍යතාවයට හා විවිධාකාර වූ සමාජමය ගැටලු ඇතිකිරීමටද හේතුපාදක වී ඇත.
කෙසේ නමුදු මිනිසා යනු බුද්ධිමත් සත්වයෙක් බව අපි හොදින් දන්නෙමු. ජoගම දුරකථන මෙන්ම නවීන මෙවලම් හා තාක්ෂණය තමාට මෙන්ම සමාජයටද වැඩදායක ලෙස භාවිතා කිරීම අපසතු වගකීමකි.

සටහන:- තිස්ස නවරත්න විසිනි.  Thursday, February 11, 2016

ගූගලීකරණය වූ නූතන මිනිසා

 
මිනිසා යනු හොද මතක ශක්තියක් ඇති බුද්ධිමත්ම සත්ව කොට්ඨාශයකි.අනෙකුත් ජීවීන්ට වඩා බොහෝ සෙයින් කරුණු මතක තබා ගැනීමට මිනිසාට හැකියාවක් ඇත.එපමණක්ද නොව කරුණු විශ්ලේෂණය කිරීම,වඩාත් සුදුසු කරුණු තෝරා බේරා වෙන්කර ගැනීමටද මිනිසාට මනා හැකියාවක් ඇත.විද්වතුන් පවසන පරිදි මිනිසාගේ මොළයේ මතක ධාරිතාව 3TB තරම් වේ.

තාක්ශණයේ විප්ලවීය වෙනස්කම් රාශියක් මේ වන විටත් සිදු වී හමාරය.පරිගණක තාක්ශණය ඒ අතරින් ඉදිරියෙන්ම සිටී.කාලයාගේ ඇවෑමෙන් මිනිසා අද තම ජීවිතයේ බොහෝ කටයුතු පරිගණකය ලවා ඉටුකර ගැනීමට හුරු වී සිටී.මේ අතරින් කරුණු සෙවීමට හා මතක තබාගැනීමට මැළිකමක් දක්වන බව නොරහසකි.මොළය වෙහෙසවමින් කරුණු කාරණා පරිගණකය ලවා ඉටුකර ගැනීමට වැඩි වැඩියෙන් පෙලඹී ඇත.

මේ හේතුව නිසා අද ඉතා කුඩා ගණනය කිරීමකට වුවද ගණක යන්ත්‍ර භාවිතයට හුරුවී සිටී.මේ නිසා මනෝමය හැකියාව සෑහෙන දුරකට මොට වී ඇති බව පිළිගත යුතු සත්‍යයකි.කරුණු සෙවීමට පොත පත පරිශීලනය කරනවාට වඩා ගූගල් වල පිහිට පැතීම සැබැවින්ම පහසුවකි.ගූගල් නිරන්තරයෙන් එම කාර්‍ය‍ය සදහා සැදී පැහැදී සිටී.මේ නිසාම ගූගල් වැනි සෙවුම් යන්ත්‍ර අද මිනිසාගේ පරම මිතුරෙකු වී හමාරය.

දිනපතා බිලියන ගණනක් මිනිසුන් ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා ඉතා විශාල ලෙස තොරතුරු සෙවීමට පෙලඹී ඇත්තේ එය Yahoo,Lycos,Bing,Altavista වැනි අනෙකුත් සෙවුම් යන්ත්‍ර වලට වඩා වේගයෙන් එකවර බිලියන 6 ක පමණ තොරතුරු සොයා දෙන බැවිනි.2013 දී හදුන්වාදුන් හමින්බර්ඩ්(Hummingbird) ඇල්ගොරිදමය නිසා ගූගල් වල වේගය සැලකිය යුතු තරමකින් ඉහල ගොස් ඇති බව විද්වතුන්ගේ මතයයි.

කරුනු එසේ වුවද ගූගල් සෙවුම් යන්ත්‍රයට ඇත්තේ දැනට අන්තර්ජාලයේ ඇති තොරතුරු සොයාදීමේ හැකියාව පමණි.නව දැනුම,තොරතුරු නිර්මාණය කිරීමට ගූගල්හට හැකියාව නොමැත.ඒ අතින් බැලූවිට මිනිස් මොළය තවමත් ඉදිරියෙන් ඇත්තේ මිනිස් මොළයට තොරතුරු අලුතින් නිර්මාණය කල හැකි බැවිනි.එය මිනිස් මොළයට ලැබී ඇති සුවිශේෂී හැකියාවකි.

ගූගලීකරණය 2003 දී John Battelle සහ Alex Salkever විසින් හදුන්වා දෙන ලද සංකල්පයකි.ගූගල් නිර්මාණය වූ මුල් කාලවලදී එම සේවාවට හැකිවූයේ අක්ශර මූලික කොටගත් තොරතුරු සෙවීමට පමණකි.නමුත් වර්තමානයේ එය රූප,වීඩියෝ,ඩිජිටල් පොත්,ප්‍රවෘත්ති යනාදී වශයෙන් සොයා දීමට හැකිවන ලෙස සකසා ඇත.එමෙන්ම එහි සේවාවන්ද පුලුල් කොට අති බව අප කාටත් දැකගත හැකිව ඇත.

Desktop,Laptop,Notebook,Tablet,Smart Phone හරහාද දැන් මෙම සේවාව අත්විදිය හැකිවීම එක් අතකින් පහසුවක් ලෙස පෙනුනද තොරතුරු මතකතබා ගැනීමට එය ඍජු බාධාවක් ලෙස දැක්විය හැක්කේ ඒ සදහා මොළය වෙහෙසවීම අවශ්‍ය නොවන හෙයිනි.තමන්ට යමක් දැනගැනීමට අවශ්‍යනම් ගූගල් ඒ සදහා සැදී පැහැදී සිටීම අපට මහා අස්වැසිල්ලක් සේ දැනුනද බුද්ධිමත්ව සිතා බැලුවහොත් ගූගල් අපේ මොළයේ මතක තබා ගැනීමේ හැකියාව,විශ්ලේෂණ හා ආවර්ජන හැකියාව මොට කරන තවත් එක් තාක්ශණික ප්‍රයෝගයක් නොවන්නේද?
සටහන:- තිස්ස නවරත්න විසිනි
 

No comments: