Saturday, May 30, 2015

මොකක්ද මේ java script කියන්නේ?


මේ JS (JS යනු java script යන්න කෙටි කර දක්වන යෙදුම වගේම. java script එකක extention එකද මෙය වේ) යන භාෂාවේ නිර්මාතෘ වරයා තමයි .. Brendan Eich මොහු 1961 දී පෙනිසියුලා වල.. පිටර්ස්බර්ග් කියන ගමේ තමයි ඉපදුනේ.. . මොහු මෙම භාෂාව නිර්මාණය කල පසු එම භාෂාව වැඩි දියුණු කරේ netscape කියන සමාගම තමයි...

වෙබ් අඩවියක් වඩාත් ආකර්ෂණීයව හා කාර්යක්ෂමව පරිශීලකයා වෙත ඉදිරිපත් කිරීමට JavaScript ලොකු සහයෝගයක් දෙනවා. එතරම් සංකීර්ණ නැති මේ JavaScript language එක user friendly language එකක් විදියට ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා.ඒ වගේම scripting language එකක්. මේක පාවිච්චි වෙන්නේ website හදනකොට. javascript නැතුව website හදන්න පුළුවන්. html විතරනේ ඕනි. ඒ වුණාට javascript පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා website එක හැඩ වැඩ කරගන්න. ඒ වගේම server side programming වලට වැදගත් වන දේවල් වලට සහයක් කරන්න javascript වලට පුළුවන්. වැදගත් වෙන්නේ මේකෙන් මොනවද කරගන්න පුළුවන් කියන එකනේ.. javascript කරන්න නම් html හා css දැනගෙන ඉන්න වෙනවා. මේ කතාකරන්නේ javascript ගැන නිසා මම html css ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. .. ඒ වගේ ම AJAX වගේ තාක්ෂණයන් ට මුල පිරුම් language එක වෙන්නෙත් මේ .JavaScript .ඒ වගේ ම JQuery කියන්නෙත් මේ JavaScript වලින් ලියපු library එකක් .

ඒ වගේම ඕනෑම කෙනෙකුට නොමිලේම බාවිත කරන්න පුළුවන් language එකක්..java script run කරන්න අපිට ඕන web browser එකක් විතරයි...HTML සමග තමයි java script බොහෝවිට බාවිත වෙන්නේ. web page එකක් තියෙන static ස්වරුපය dynamic සවරුපයට ගන්න java script බාවිත කරනවා (ඇත්තටම dynamic වෙන්නේ නැ ඇත්තටම dynamic කරන්නේ php වලින්)..java script කියන language ඒක case sensitive ඒ කියන්නේ java script එකක් ලියනකොට simple - capital ගැන සැලකිලි මත් විය යුතුය.

ඒ වගේම JS ගැන කතා කරද්දී Client side scripting හා Server side scripting ගැන මූලික අවබෝධයක් තිබීම අවශ්‍ය වෙනවා. සරලව සැලකුවොත් Client කියන්නේ user ට.ඒ කියන්නේ ඔබ.Server එක කියන්නේ ඔබ explore කරන වෙබ් අඩවිය ගබඩා කරලා තිබෙන තැන. සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් ඔබ explore කරද්දි , මේ server එකේ වගේම client ගේ පැත්තෙත් (ඒ කියන්නේ browser එක ) programs run වෙනවා. ඉතින් මේ Server එකේ කරන programming වලට අපි Server side scripting කියන ගමන් browser එකේ කරන programming වලට Client side scripting කියලා කියනවා. Client side scripting වලදී සිද්ධ වෙන්නේ අදාළ script එක අපේ browser එකට ලඟා වුනාට පස්සේ run වෙන එක.

SEO කියන්නේ?


SEO කියන්නේ අපේ වෙබ් අඩවියක් හෝ පිටුවක් සෙවුම් යන්ත්‍ර (Search Engine) මගින් ඉහල වටිනාකමක් සහිත තත්වයකින් පෙන්වීමට සලස්වා ගැනීම. (මොකක්ද ඒ කිව්වේ ?) ඒ කිව්වේ සෙවුම් යන්ත්‍ර මගින් අපේ වෙබ් අඩවිය ඉහල ස්ථානයක් ලබාදී , ඔවුන්ගේ සෙවුම් ප්‍රතිපල වල පෙන්වීම දක්වා රැගෙන එන ක්‍රියාවලිය. 

තවත් සරලව කියනවනම් සිද්දිය මෙහෙමයි. දැන් අපි Google එකේ search 1ක් දැම්මා කියල හිතන්න. එතකොට ඒ search results(සෙවුම් ප්‍රතිපල) අතරේ යම් වෙබ් අඩවි පෙන්වන පිළිවෙලක් තියෙනවනේ. ඒ පෙන්වන පිළිවෙල නිකන් අහම්බෙන් ආපු පිළිවෙලක් නෙමෙයි. ඒ පෙන්වන පිළිවෙල ලොකු ක්‍රියාවලියක ප්‍රතිපලයක්. ඉතින් මේ පිළිවෙල ඇතුලේ සමහර වෙබ් අඩවි මුලිනුත් සමහර වෙබ් අඩවි ඊට පසුවත් පෙන්නනවනේ. (සමහර වෙබ් අඩවි පෙන්වන්නේ අන්තිම හරියේ. ඒවා දකින්න වෙනම වෙලාවක් search results ගොඩක් බලන්න වෙනවා.) ඉතින් මේ කියන පිළිවෙල ඇතුලේ අපේ වෙබ් අඩවියටත් යම් වටිනාකමක් ස්ථානයක් තියෙනවා. එක තවත් වැඩි කරලා , ඉහල වටිනාකමක් ලබාදීලා search results අතරේ හොද ස්ථානයක් ලබාගැනීම තමයි SEO කරනවා කියන්නේ.