Sunday, June 13, 2021

විද්‍යුත් අපද්‍රව්‍ය(E Waste)



මිනිසා කාර්‍යබහුල වීමත් සමගම තම කටයුතු පහසුවෙන්,වේගයෙන් කාර්‍යක්ශමව සිදුකරගැනීම සදහා විදුලි බලයෙන් ක්‍රියාකරනු ලබන විවිධාකාර උපකරණ භාවිතය සීඝ්‍ර ලෙස වැඩිවී ඇත.

පරිගණක,රූපවාහිනී,ජංගම දුරකථන වැනි විදුලිබලයෙන් හෝ බැටරියකින් ක්‍රියාකරන නොයෙකුත් ඉලෙක්ට්‍රොනික නිශ්පාදන ඒවායේ ක්‍රියාකාරී,ප්‍රයේජනවත් කාලය අවසන්වූ විට ඒවා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (E Waste) ලෙස හඳුන්වනු ලැබේ.

නොයෙකුත් හානිකර මූලද්‍රව්‍යවලින් නිෂ්පාදනය කර ඇති මෙම උපකරණ ප්‍රයෝජනවත්,සක්‍රීය කාලය අවසානයේදී අනිසි ලෙස පරිසරයට බැහැරකිරීම නිසා මිනිසාට මෙන්ම පරිසරයට අතිවිශාල හානියක් සිදුවී ඇත.පරිසරය අපවිත්‍ර වීම නිසා එහි අහිතකර ප්‍රතිඵල වලට නිතැතින්ම ගොදුරුවීමට මිනිසාට සිදුවී ඇත.

කැළිකසළ සමග බොහෝ නිවෙස්වලින්,ආයතන වලින් CFL බල්බ වලින් මිනිස් සෞඛ්‍යයට අහිතකර රසදිය පරිසරයට එකතුකරයි.රසදිය නිසා මිනිසාගේ සෞඛ්‍යයට පහත පරිදි හානි ගෙනදේ.

ස්නායු පද්ධතිය අඩපණ වේ.

මොළයේ සෛලවලට හානිවේ.

මද්‍යස්නායු පද්ධතියට හානි ගෙනදේ.

සමේ අසාත්මිකතා ඇතිවේ.

වකුගඩු, අක්මාවට හානි ගෙනදේ.

•DNA හා ක්‍රොමොසෝම වලට හානි ගෙනදේ.

මෙලෙසම අනෙකුත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැරකිරීම නිසා ශරීරයේ ඉදිමුම සහිත දැවිල්ල,ඔක්කාරය,හෘදවාහිනී ආබාධ,ආතතිය,DNA විනාශවීම,පිළිකා ආදිය දැක්විය හැක.රසදිය පමණක් නොව විවිධාකාර සෞඛ්‍ය ගැටලු ඇතිකරන මූලද්‍රව්‍ය මෙම විද්‍යුත් අපද්‍රව්‍ය වල අඩංගු වී ඇත.ඒවානම්,ආසනික්,බේරියම්,බෙරිලියම්,ඊයම්,ක්‍රරෝමියම්,ඩයොක්සීන්,සෙලිනියම් ආදිය දැක්විය හැක.මිනිසාට පමණක් නොව සතුන් හා ශාක වලටද මෙම අහිතකර මූලද්‍රව්‍ය හානි ගෙනදේ.

යුරෝපියානු කොමිසමේ(European Commission) හි ආධාර සහිතව CWIT නම් ව්‍යපෘතිය මගින් 2012 වර්ෂය වනවිට,ටොන් මිලියන 3.5(35%) ක විද්‍යුත් අපද්‍රව්‍ය යුරෝපයේ පමණක් විනාශ කොට ඇත.ටොන් මිලියන 6.15(65%) ක් ප්‍රතිචක්‍රීකරණය කොට ඇත.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආරක්ෂකාරීව බැහැරකිරීම සදහා ක්‍රමවේද 3ක්(3R) ලෙස සොයාගෙන ඇත.

භාවිතය අඩු කිරීම(Reduce)- දැනට ප්‍රයෝජනයට ගන්නා ඉලෙක්ට්‍රොනික උපකරණ නිසිපරිදි නඩත්තු කිරීම හා සම්පාදනය කිරීම තුලින් අනවශ්‍යාපරිදි මිළදීගැනීම් අඩුකරගත හැක.

නැවත ප්‍රයෝජනයට ගැනීම(Reuse) - පැරැණි නමුදු ක්‍රියාකාරී තත්වයේ ඇති ඉලෙක්ට්‍රොනික උපකරණ විනාශ නොකොට භාවිතයට ගැනීම, පරිත්‍යාග කිරීම හෝ විකිණීම.

ප්‍රතිචක්‍රීකරණය(Recycle)- ඇලුත්වැඩියා කලනොහැකි උපකරණ ප්‍රතිචක්‍රීකරණ මද්‍යස්ථාන වෙත ලබාදීම.

මෙම ක්‍රමවේද 3 මගින් අනවශ්‍ය ලෙස පරිසරයට එකතුවන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය අඩුකරගැනීමටත් ඒ හරහා මිනිසාට,සතුන්ට මෙන්ම ගංගා,ඇලදොල වැනි ස්වාභාවික සම්පත් වලට සිදුවන බලපෑම් අවමකරගත හැක.

හරිත පරිගණකය(Green Computing) ජංගම දුරකථන ප්‍රතිචක්‍රීකරණය,ආරක්ෂිත දත්ත ලේඛණය(Safety data sheet),ප්‍රතිපරිගණක(Retro computing) යන ක්‍රමවේද තුලින් විද්‍යුතමය අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණයට,හදුනාගැනීමට,ඒවායේ අඩංගු බැරලෝහ පිළිබඳ විස්තර අනාදිය හඳුනාගත හැක.

විශේෂයෙන්ම හරිත පරිගණක සංකල්පය තුලින් පරිගණකයක බහුතර කොටස් පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කිරීමට Apple පරිගණක සමාගම සමත්වී ඇත.ආරක්ෂිත දත්ත ලේඛණය තුලින් විද්‍යුත් උපකරණ තුල අඩංගු අහිතකර මූලද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය පිළිබඳව විස්තර අඩංගු වේ.ප්‍රතිපරිගණක තාක්ෂණයදී පැරණි පරිගණක කොටස් නව පරිගණක වලට භාවිතාකරයි.

මෙම විද්‍යුත් අපද්‍රව්‍ය වල පුද්ගල සංවේදී තොරතුරු අඩංගු වන බැවින් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේදී ඒ සදහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අනුගමනය කරයි.මෙහිදී පළමුව එම දත්ත මකාදමා ඉදිරි පියවර සදහා යොමුවේ.

වර්තමාන ලෝකය මුහුණදෙමින් සිටින මෙම විද්‍යුත් අපද්‍රව්‍ය පිළිබඳ ගැටලු සදහා සාධනීය විසඳුම් මේවන විටත් පර්යේෂකයන් විසින් සොයාගෙන ඒ සදහා සුදුසු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනුලබන අවධියක අපේ යුතුකම හා වගකීම වන්නේද විද්‍යුත් අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය කිරීමට හැකි පමණ දායක වීමයි.