ICT Lessons


තොරතුරු පද්ධති

මූලික වශයෙන් ගත් කල තොරතුරු පද්ධතියක් යනු මිනිසුන්,ක්‍රියාකාරකම් සහ තාක්ෂණයේ එකතුවකි. මෙමගින් දත්ත එක්රැස් කිරීම (Data Collection), දත්ත විශ්ලේෂණය කිරීම (Analyse), දත්ත සැකසීම (Data Processing) තුලින් තොරතුරු නිර්මාණය කිරීම (Creation), දත්ත ගබඩා කිරීම (Storage) හා බෙදාහැරීම (Distribution) සඳහා උපකාර කරනු ලබනවා.



තොරතුරු පද්ධතියක ක්‍රියාකාරිත්වය


තොරතුරු පද්ධතියක ලක්ෂණ (Characteristics of an Information System)

  1. ඕනෑම තොරතුරු පද්ධතියක් සඳහා ආදාන හා ප්‍රතිදාන තොරතුරු ඇත.
  2. අදාන දත්ත තොරතුරු බවට සංවිධනය කිරීමේ හැකියාව ඇත.
  3. තොරතුරු විශ්ලේෂණය (Information Analysis ) කර ඒ මගින් දැනුම (Knowledge) උකහා ගැනීමේ හැකියාව පවතී.
  4. පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව (Accessibility) – පරිශීලනය කරන්නන් හට පහසුවෙන් ප්‍රවේශනය වීමේ හැකියාව හොඳ තොරතුරු පද්දතියක ලක්ෂණයකි.
  5. නිරවද්‍යතාවය (Accuracy) – තොරතුරු සකස්කිරීමේදී හා ඒවා ඉදිරිපත් කිරීමේදී නිවැරදි බව වැදගත් වේ. නිරවද්‍යතාවයෙන් අඩු තොරතුරු මගින් තීරන ගැනීමේදී ගැටළු මතුවේ.
  6. සරල බව (Simplicity) – මිනිසාගේ කටයුතු පහසුකර ගැනීම සඳහා නිර්මාණය කර ඇති බැවින් මේවා සරල විය යුතුයි.
  7. සුරක්ෂිතභාවය (Secure) – වැදගත් තොරතුරු වලින් යුක්ත නිසා මේවයේ ආදාන හා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට බලයලත් පරිශීලකයින් (Authorized users) අවශ්‍ය වේ.


තොරතුරු පද්ධතීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැක. එනම්,
1. පරිඝනක තාක්ෂණය මත පදනම් වූ තොරතුරු පද්ධතීන් (Information systems based on computer technology)

කෘතීම පද්ධතියක් වන මෙය,පරිඝනක මෘදුකාංග හා දෘඩාංග භාවිතයෙන් නිර්මාණය කරනු ලබන අතර මේවා සැලසුම් කිරීම (Planning), පාලනය කිරීම (Controlling), සමායෝජනය කිරීම (Coordination) සහ තොරතුරු පද්ධතීන් මගින් වැදගත් තීරන ගැනීම (Decision making) සිදු කරනු ලබයි.

උදා :- ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය (Automated Teller Machine)

2. පරිඝනක තාක්ෂණය මත පදනම් නොවූ තොරතුරු පද්ධතීන් (Information systems not based on computer technology)

පරිඝනක මෘදුකාංග හෝ දෘඩාංග වැනි තාක්ෂණික මෙවලම් භාවිතයෙන් තොරව නිර්මාණය වූ පද්ධතීන් මෙම වර්ගයට අයත් වේ. බොහෝ විට මේවා ස්වභාවික ජීවී පද්ධතීන් හෝ භෞතික පද්ධතීන් වේ.

උදා :- මානව ස්නායු පද්ධතිය, පරිසර පද්ධති
තොරතුරු පද්ධති වර්ග (Information System Types)

පරිඝනක තාක්ෂණය උපයෝගී කර නොගන්නා තොරතුරු පද්ධති භාවිතයේදී ඇතිවන ගැටළු නිරාකරණය කරගැනීම සඳහා මිනිසා විසින් පරිගණක තාක්ෂණය යොදාගන්නා තොරතුරු පද්ධති නිර්මාණය කරනු ලබයි.මෙම තොරතුරු පද්ධති නිපදවීමේදී සෑම විටම එක්තරා අරමුණක් හෝ අවශ්‍යතාවක් ඉටුකර ගැනීම සඳහා අවදානය යොමු කර ඇත.ඒ අතරින් පුද්ගල සම්බන්දතාවකින් තොරව ක්‍රියාත්මක වීම සඳහා ස්වයංක්‍රීය තොරතුරු පද්ධති නිපදවා තිබේ. පහත දැක්වෙනුයේ මිනිසා විසින් නිපදවා ඇති තොරතුරු පද්ධති වර්ග කිහිපයකි.

  1. ස්වයංක්‍රීය කල පද්ධති (Automated Systems)
  2. කළමනාකරණ සහය පද්ධති (Management Support Systems)
  3. භූගෝලීය තොරතුරු පද්ධති (Geographical Information Systems)
  4. දැනුම් කළමනාකරණ පද්ධති (Knowledge Management Systems)
  5. අන්තර්ගත කළමනාකරණ පද්ධති (Content management Systems)
  6. ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධති (Enterprise Resource Planning Systems)
  7. ප්‍රවීන පද්ධති (Expert Systems)
  8. නිහිත පද්ධති (Embedded Systems)




පද්ධතියක වැඩිදියුණු කිරීමේ ජීවන චක්‍රයේ අවධි (Implementation Phases of the system development life cycle)

පද්ධතියක් වැඩිදියුණු කිරීමේ ජීවන චක්‍රයේ අවධි (Phases of the system development life cycle) පියවරෙන් පියවරට සිදුවන ක්‍රියාවලියකි. මෙහි මුලික පියවර පිලිබඳ ඔබ මේ වන විටත් දැනුම්වත් වී අවසානයි. 

පද්ධතියක වැඩිදියුණු කිරීමේ ජීවන චක්‍රයේ, පද්ධතිය වැඩිදියුණු කිරීමෙන් පසු අවදියේදී සිදුවන්නේ පද්ධතිය, එය භාවිතා කරන පරිසරයේදී (real environment)ක්‍රියාත්මක කිරීමයි.මෙය තරමක අවදානම් සහිත ක්‍රියාවලියකි.මන්ද යත් මෙහිදී සිදුවන්නේ පද්ධතිය පරික්ෂා කිරීමෙන් පසුව එහි ගණුදෙනුකරුවා සමග සෘජුවම ගණුදෙනු කිරීමයි. මෙහිදී පද්ධතිය පරික්ෂා කිරීමෙන් අනතුරුව පද්ධතිය විසින් දක්වන ප්‍රතික්‍රියා(responses) ඇගයීම (assessment) කල හැකි වීමයි.

මේ සඳහා මුලික වශයෙන් යොදා ගන්නා ක්‍රියාත්මක කිරීමේ ක්‍රම 04 ක් පවතී.ඒවා නම්,
  1. සෘජු (Direct) 
  2. සමාන්තර (Parallel) 
  3. නියාමක (Pilot) 
  4. අවධිය (Phase) 
වැඩිදියුණු කරන ලද පද්ධති ඒවා ක්‍රියාත්මක කරන පරිසරය අනුව ඉහත යොදාගන්නා ක්‍රම එකිනෙකට වෙනස් වේ.අපි එකිනෙක පිළිබදව සොයා බලමු.

සෘජු ක්‍රමය (Direct)

මෙහිදී සිදුවන්නේ පැරණි පද්ධතිය, නව පද්ධතිය මගින් ප්‍රතිස්ථාපනය කිරීමයි. සරල ක්‍රියාවලියක් සහිත කුඩා සංවිධාන සදහා මෙය වඩා සුදුසුය. පද්ධතිය ප්‍රතිස්ථාපනය කල විගසම ක්‍රියාත්මක කිරීමට සංක්‍රමණ කාලයක් (transition time)නොමැත. තවද පැරණි හා නව පද්ධති යන දෙකම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍ය තාවයක් ද නොමැත.මෙම ක්‍රමය අනිකුත් ක්‍රම වලට වඩා ලාබදායක වේ.තවද නව පද්ධතිය මගින් ඉක්මන් වාසි අත්කර ගැනීමේ හැකියාව පවතී.නමුත් පැරණි පද්ධතිය, නව පද්ධතිය මගින් ප්‍රතිස්ථාපනය කිරීමට පෙර, පළමුව නව පද්ධතිය හොදින් පරික්ෂාවට ලක් කිරීම හා අදාළ සංවිධානය මගින් හොදින් පුහුණු කාර්ය මණ්ඩලයක් ඒ වෙනුවෙන් පත් කිරීමද කල යුතුය.


සමාන්තර ක්‍රමය (Parallel)

සමාන්තර ක්‍රමයේදී සිදුවන්නේ පැරණි පද්ධතිය හා නව පද්ධතිය යන පද්ධති දෙකම සමාන්තරව ක්‍රියාත්මක කිරීමයි.මෙහිදී පැරණි පද්ධතිය සම්පුර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කිරීමක් සිදු නොකරයි.මෙම ක්‍රමය වඩාත් සුදුසු වන්නේ පද්ධතිය ක්‍රියාත්මක වන අතරම අදාළ කාර්ය මණ්ඩලයද පුහුණු වෙමින් සිටින විටය.සෘජු ක්‍රමයේදී මෙන් නොව මෙහිදී නව පද්ධතිය අසමත් වුවහොත් සංවිධානයේ ක්‍රියාවලිය නොනවතී.මන්ද යත් පැරණි පද්ධතිය තවදුරටත් ක්‍රියාත්මක වන බැවිනි.මෙහිදී පද්ධති දෙකක් ක්‍රියාත්මක වන බැවින් එකම ක්‍රියාවලිය දෙවරක් සිදු වේ. එ බැවින් අධික වියදමක් සහ අනවශ්‍ය කාලය වැයවීමක් සිදුවේ.


නියාමන ක්‍රමය (Pilot)

නියාමක ක්‍රමයේදී,සංවිධානය දෙපාර්තමේන්තු රැසක එකතුවක් ලෙස සැලකේ.එවිට නව පද්ධතිය එක් දෙපාර්තමේන්තුවකට හදුන්වා දෙන අතර එම කාලය අතරතුර දීම තවත් දෙපාර්තමේන්තුවක පැරණි පද්ධතිය ක්‍රියාත්මක කෙරේ.මෙහිදී නව පද්ධතියේ යම් ගැටළුවක් ඇතිවුව හොත් පැරණි පද්ධතිය පහසුවෙන් නැවතත් හදුන්වා දිය හැකිය.නව පද්ධතිය එක් දෙපාර්තමේන්තුවකට හදුන්වා දීමෙන් පසුව, එය වෙනත් දෙපාර්තමේන්තුවක් සදහා හදුන්වා දීමට පෙර එහි සම්පුර්ණ ක්‍රියාකාරිත්වය තහවුරු කර ගත යුතුය. දෙපාර්තමේන්තු රැසක් ඇති විශාල සංවිධාන සදහා මෙම ක්‍රමය වඩාත් සුදුසු වේ.


අවධි ක්රමය (Phase)

අවධි ක්‍රමයේදී නව පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ කොටස් වශයෙන්ය.උදාහරණයක් ලෙස ගතහොත් පද්ධතියෙහි දත්ත ගබඩාව(database) එක් කොටසක් ලෙස සලකා නව පද්ධතිය ක්‍රියාත්මක කළ හැකිය. සෑම කොටසක්ම මුලික වශයෙන් හදුන්වා දෙනු ලබන්නේ අත්හදා බැලීම් ලෙසය.එම කොටස සාර්ථක ලෙස ක්‍රියා කළහොත්, පද්ධතියේ අනිකුත් කොටස් ක්‍රියාත්මක කරන්නේ අනුක්‍රමයෙනි. මෙම ක්‍රමය අනුමත කරනු ලබන්නේ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සදහා සහ පද්ධතියේ විශ්වාස වන්ත භාවය සමගින් ප්‍රයෝජනයක් ලබා ගැනීම සදහාය.මෙම ක්‍රමය incremental development වැනිය. පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී ඉහල අවිනිශ්චිතතාවක් ඇතිනම් මෙම ක්‍රමය වඩාත් සුදුසු වේ.







ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය
( Structured System Analysis and Design Methodology )




ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය යන්න සැලකීමේදී ප්‍රථමයෙන්ම ඔබ වටහාගතයුතු වන්නේ තොරතුරු පද්ධතියක් (information system) යනු කුමක්ද යන්න පිලිබදවයි. තොරතුරු පද්ධතියක් යනු විසිරී පවතින තොරතුරු ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් සලසුම්සහගතව ගොනුකර පරිශීලකයා වෙත සේවා සැපයීම සදහා විවිධ ආකාරයෙන් එම තොරතුරු නැවත ගොඩනගනු ලබන, මිනිසා සහ විවිධ පරිගණක උපාංග වලින් සමන්විත වූ පද්ධතියකි. ඉතාම සරලව සලකා බැලුවහොත් ඔබ නිරන්තරයෙන් ක්ෂණිකව මුදල් ලබාගැනීමට භාවිත කරනු ලබන ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රයේ(ATM) සිට අභ්‍යවකාශ යානා , භූගෝලීය තොරතුරු පද්ධති ( Geographical Information Systems – GIS ) වැනි ඉතා සංකීර්ණ නිමැවුම් දක්වා සියල්ලම ඉතා සංකීර්ණ තොරතුරු පද්ධති වලින් සමන්විත නිමවුම් ලෙස හැදින්විය හැකිය.

මෙවැනි සංකීර්ණ තොරතුරු පද්ධති ගොඩනැගීම සදහා නිත්‍යවශයෙන්ම ඊට ගැලපෙන නිසි ක්‍රමවේදයක් තිබිය යුතුය. එය විශාල ගොඩනැගිල්ලක් සෑදීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කලයුතු වීම හා සමාන වේ. මන්දයත් එසේ නොමැති වුවහොත් ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරවන්නා සේම තොරතුරු පද්ධතිය ප්‍රවර්ධනයද අදාල ප්‍රමිතියෙන් යුතුව නිම කර ගැනීමට නොහැකිවේ. එසේ වීමෙන් නිමැවුම්කරු හට තමන් බලාපොරොත්තුවන ප්‍රතිලාබ ලබාගත නොහැකිවනවාසේම බලාපොරොත්තු නොවන ආකාරයේ දෝෂ වලට මුහුණ පෑමටද සිදුවේ.

තොරතුරු පද්ධතියක් ප්‍රවර්ධනයේදී අනුගමනය කලයුතු නිසි ක්‍රමවේදයන් හදුන්වා දෙනු ලබන සාම්ප්‍රදායික මෙන්ම නුතන ක්‍රමවේදයන් බොහොමයක් පවතී. ඒ අතුරින් බහුලව ප්‍රචලිත වී ඇති සම්ප්‍රදායික ක්‍රමවේදයක් ලෙස ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය (SSADM ) හදුන්වාදිය හැක . ප්‍රධාන වශයෙන් ඕනැම තොරතුරු පද්ධති ප්‍රවර්ධන ක්‍රමවේදයක මෙන්ම ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදයේ ද දැකිය හැකි මුලික ලක්ෂණ ද්විත්වයක් පවතී.


1.) තොරතුරු පද්ධතියක් ප්‍රවර්ධනයේදී පවතින සංකීර්ණ බව අවම කිරීම සදහා පියවරෙන් පියවර සරල අවස්ථාවේ සිට සංකීර්ණ අවස්ථාව දක්වා ක්‍රමානුකුලව පද්ධතිය ගොඩනැංවීම (Step by Step Process).


මෙය පහදා ගැනීම සදහා ගොඩනැගිල්ලක් නිමවීමේදී අනුගමනය කරනු ලබන පියවර සලකා බැලිය හැක. මෙහිදී පළමුව ගොඩනැගිල්ල සැකසීමට සුදුසු භූමියක් වෙන්කරගනු ලබන අතර දෙවනුව පිඹුරුපත් සකසනු ලබය්. ඉන් අනතුරුව පාදම සකස්කිරීමත් , අනතුරුව බිත්ති බැදීමත් සිදුකර අවසානයේ වහලය සෙවිලිකිරිම සිදුකරනු ලබය්. මේ අයුරින්ම තොරතුරු පද්ධතියක් ප්‍රවර්ධනයේදී ද මෙලෙස අදියරෙන් අදියර ක්‍රමානුකුලව ප්‍රවර්ධනය සිදුකිරීම මගින් සංකීර්ණ බව අවම කරගැනීමට හැකිවනු ඇත.

2.) ව්‍යාපෘති කලමනාකරණය පහසුවන ආකාරයේ සැකිල්ලක්(Structure) සහිත ක්‍රමවේදයක් වීම.
මෙය අදියරෙන් අදියර ක්‍රමානුකුලව ප්‍රවර්ධනය සිදුකිරීමේ ක්‍රමවේදයක් වීම හේතුවෙන් එය ව්‍යාපෘති කළමනාකරණය සැලකිය යුතු ලෙස පහසු කරවීමට දායක වේ.

SSADM ක්‍රමවේදයට අනුව පද්ධති ප්‍රවර්ධන ව්‍යාපෘතියක් මොඩියුල (Module) කිහිපයකින් සමන්විත වන අතර එම මොඩියුල තවදුරටත් අදියර(Stages), පියවර(Steps), කාර්යන්(Tasks) ලෙස කොටස් වලට බෙදා දැක්විය හැකි වේ.

SSADM ක්‍රමවේදයේ මුලික අරමුණු කිහිපයක් ප්‍රධාන වශයෙන් දැක්වියහැකි වේ. 
ව්‍යාපෘති කළමනාකරණය පහසු කරවීම. (අදියරෙන් අදියර ප්‍රවර්දනය වන මොඩියුල පැවතීම මගින්.) 
පුහුණු නුපුහුණු සියලුම කාර්ය මණ්ඩලයෙන් උපරිම ප්‍රයොජනය ලබා ගැනීම. 
එක් එක් අදියරේදී පළමුව පුහුණු ශ්‍රමිකයින් භාවිත කර නුපුහුණු ශ්‍රමිකයින්ට අදාල කාර්යන් පුහුණු කිරීම හා පසුව ඔවුන්ගේ අධීක්ෂණය යටතේ එම එක් එක් අදියර සදහා නවකයින් යෙදවීමට හැකිවීම මගින්. 
තත්වයෙන් උසස් තොරතුරු පද්ධති ප්‍රවර්ධනය කිරීම. (අදියරෙන් අදියර ක්‍රමානුකුලව සිදුවන ප්‍රවර්ධනයක් බැවින් ) 
කාර්ය මණ්ඩලයේ අඩුවක් සිදුවුවත් ව්‍යාපෘතිය අකණ්ඩව සිදුකල හැකි වීම. 
එක් කාල ප්‍රන්තරයකදී කාර්යමණ්ඩලය එක නිශ්චිත අදියරක සේවය සැපයීම නිසා. එනම් එක් නිශ්චිත කාල ප්‍රාන්තරයකදී එකිනෙකට බහිෂ්කාර නොවන අදියරයන් කිහිපයක සේවකයන් සේවය සපයන්නේ නම් එක් අදියරක සේවය කරන්නෙකුගේ අඩුවීම අනික් අදියරයන්ගේ වැඩකටයුතු කරගෙන යාමටද බාධාවක් විය හැකි නමුත් මෙහිදී එක කාල ප්‍රන්තරයකදී සිදුකෙරෙනුයේ එක් අදියරක් පමණක් බැවින් කාර්යමණ්ඩලයේ අඩුවීම විශාල ලෙස ව්‍යාපෘතියේ ඉදිරි ගමනට බලපෑමක් එල්ල නොකරයි. 
ව්‍යාපෘතියේ නියුතු පිරිස අතර මනා සන්නිවේදනයක් ගොඩනැගීම හා ව්‍යාපෘති සදහා පරිගණක ආශ්‍රිත මෘදුකාංග පද්ධති භාවිතයට ගත හැකි වීම. 


SSADM හි භාවිත වන ඉතා වැදගත් තාක්ෂණික ක්‍රම (technologies) ත්‍රිත්වයක් වේ.


1.) තාර්කික දත්ත මත පදනම්ව ආකෘති නිර්මාණය (Logical Data Modeling )

මෙහිදී පද්ධතියේ පවතින ඒකක(Entities) හදුනාගෙන ඒවායේ අන්තර්ගතය නිර්ණය කිරීම හා ඒකක(Entities) අතර පවතින අන්තර් සම්බන්දතාවයන් නිරුපනය වන සේ රූසටහන් (Diagrams) නිර්මාණය කිරීම සිදුකරනු ලබයි.
  
2.) දත්ත ප්‍රවාහ මත පදනම්ව ආකෘති නිර්මාණය (Data Flow Modeling)

මෙහිදී පද්ධතිය තුල දත්ත හුවමාරු වන ආකාරය රූසටහන්(Diagrams) මගින් නිරුපනය කිරීම සිදු කරනු ලබයි.

3.) වස්තු-සිදුවීම් මත පදනම්ව ආකෘති නිර්මාණය (Entity Event Modeling)

මෙහිදී පද්ධතිය තුල දත්ත – කාලය සමග වෙනස්වීම රූසටහන්(Diagrams) මගින් නිරුපනය කිරීම සිදු කරනු ලබයි.

ඉහත දක්වනු ලැබූ කොටස් ත්‍රිත්වයම පද්ධතිය පිලිබදව වෙනස් වූ දෘෂ්ටිකෝණ 3 කින් තොරතුරු, පද්ධතිය ප්‍රවර්ධනය කරන්නන් වෙත ලබා දෙනු ලැබේ. එය ඉතා උසස් තත්වයෙන් යුත් අවසාන නිමවුමක්කරා යාමට විශාල රුකුලක් ලෙස හැදින්විය හැකි වේ. SSADM ක්‍රමවේදය පද්ධතියක් ශක්‍යතා අධ්‍යයන මට්ටමේ සිට භෞතික සැලසුම් නිමැවුම දක්වා සෑම අදියරක්ම එක් අදියරකින් අනික් අදියරට ගලායනසේ නිර්මාණය වී ඇති අතර මෙය දියඇලි ආකෘතියට යම් සමානකමක් දක්වයි.

ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය ප්‍රධාන පියවර 7 කින් නිරුපනය කලහැකිවේ .
  1. ශක්‍යතාව පරික්ෂා කිරීම. 
  2. පවතින පරිසර තත්වයන් ගවේෂණය කිරීම. 
  3. විකල්ප ව්‍යාපාර පද්ධති ගොඩනැගීම. 
  4. අවශ්‍යතා නිර්වචනය කිරීම. 
  5. විකල්ප තාක්ෂණික පද්ධති ගොඩනැගීම. 
  6. ආර්ථික සැලසුම් නිර්මාණය කිරීම. 
  7. භෞතික සැලසුම් නිර්මාණය කිරීම. 
මීට අනුකුලව පද්ධතිය නිර්මාණය කිරීමේදී පැනනගින ගැටළු නිරාකරණය කරගැනීමට රුකුලක් වීම සදහා පද්ධති සැලසුම්කරුවන් පෙර සදහන් කරන ලද තාක්ෂණික ක්‍රම භාවිත කර රූසටහන් නිර්මාණය කරගනු ලබයි.


පද්ධති ප්‍රවර්ධන ජිවන චක්‍රය (Systems Development Life Cycle – SDLC )


අභ්‍යන්තර හා බාහිර මුලාශ්‍ර වලින් ලබාගන්නා දත්ත උපයෝගී කරගනිමින් නිශ්චිත තීරණ ගැනීමට අවශ්‍යය වන තොරතුරු නිර්මාණය කරගැනීමේ ක්‍රමවේදයක් තොරතුරු පද්ධති වල දක්නට ලැබේ.


තාක්ෂණික හෝ තාක්ෂණික නොවන පද්ධති හෝ ක්‍රියාකාරකම් සාර්ථක කරගෙනීම උදෙසා මෙම පද්ධති ප්‍රවර්ධන ජිවන චක්‍රය ආකෘතියක් ලෙස භාවිත කරමින් ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන ලබාගත හැකි අතර මෙම ක්‍රමවේදය භාවිතයෙන් ඔබගේ අපේක්ෂික ඉලක්ක කරා පහසුවෙන් ළඟාවිය හැක.


යම්කිසි ක්‍රමවේදයකට අනුකුලව පද්ධතියක් නිර්මාණය කිරීම මගින් කාර්යයන් පහසු කර ගතහැකි වන අතර වැයවන කාලය අවම වේ. එමෙන්ම කාර්යක්ෂමව කටයුතු කරගැනීම සඳහාද උපකාරී වේ. තවද සංකීර්ණ පද්ධති නිර්මාණය කිරීමේදී ඇතිවන ව්‍යයාකුල බව අවම කිරීම සඳහාද උපකාරීවේ .


තොරතුරු පද්ධති ගොඩනැගීම සඳහා භාවිත කරනු ලබන විවිධ ක්‍රමවේයන් දැකිය හැක. මෙම ක්‍රමවේදයන් පියවර කිහිපයකින් සමන්විත වන පුනරාවර්තී ක්‍රියාදාමයකි. එනම් සමනළයාගේ ජීවන චක්‍රය මෙන් පියවර කිහිපයකින් සමන්විත වන අතර එක් පියවරක් සම්පුර්ණ කිරීමෙන් පසු ඊළඟ පියවර සිදුවේ. එක් එක් පියවර අවසනයේ ලබාගන්නා ප්‍රතිධානය (Output) ඊළඟ පියවරෙහි ප්‍රධානය (Input) බවට පත්වේ. පියවරෙන් පියවරට නිර්මාණය කරනු ලබන පද්ධතිය ක්‍රමානුකුලව ප්‍රවර්ධනයවී අවසානයේ සාර්ථක නිර්මාණයක් ලබාගත හැකිවේ .

මේ අනුව තොරතුරු පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිත කරනු ලබන එක් ක්‍රමවේදයක් ලෙස පද්ධති ප්‍රවර්ධන ජිවන චක්‍රය (SDLC ) හැඳින්විය හැක .

පද්ධති ප්‍රවර්ධන සැලසුම් කරුවන් විසින් අදාළ පද්ධතිය පුළුල් ලෙස අධ්‍යයනය කිරීම සඳහා සමස්ත පද්ධතියම කොටස් වශයෙන් වෙන්කර අදාල කොටස් සඳහා වෙන් වෙන් වශයෙන් අවධානය යොමුකරයි.

පද්ධති ප්‍රවර්ධන ජිවන චක්‍රය (SDLC) පියවර හතකින් සමන්විතවේ. එක් එක් පියවරට එකිනෙකට වෙනස් කාර්යයන් පවතී. එක් පියවරකින් පසු එයට අදාල වූ ප්‍රතිදානයක් (Output) ලබාදේ. එමනිසා පද්ධතිය වෙනස් කිරීමට හෝ වැඩිදියුණු කිරීමට අවශ්‍ය වූ විට එම පියවර නැවත සිදුකිරීම හෝ පෙර පියවරට ගමන්කිරීම හෝ සිදුකල හැක.


පද්ධති ප්‍රවර්ධන ජිවන චක්‍රයේ ප්‍රධාන අවධි

පද්ධති හඳුනාගැනීම හෙවත් විමර්ශනය ( System Investigation)
පද්ධති විශ්ලේෂණය ( System Analysis)
පද්ධති සැලසුම් කිරීම ( System Design)
පද්ධති සංවර්ධනය ( System Development)
පද්ධති පරික්ෂාව ( System Testing)
පද්ධති ක්‍රියාත්මක කිරීම ( System Implementation)
පද්ධති නඩත්තුව ( System Maintenance)

පද්ධති හඳුනාගැනීම හෙවත් විමර්ශනය ( System Investigation)


සාර්ථක පද්ධතියක් නිර්මාණය කිරීමේ තීරණාත්මක පියවර ලෙස මෙය හැඳින්විය හැක. මන්ද පද්ධතියක් නිර්මාණය කිරීම හෝ පවතින පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා තීරණය ගනුලබනුයේ මෙම පියවර මගිනි . ඒ සඳහා පද්ධතිය පිළිබඳ පුර්ණ අවබෝධයක් ලබාගත යුතුවේ. එමනිසා මෙය ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ විමර්ශනය කරනු ලැබේ . 

මුලික විමර්ශනය ( Preliminary Investigation)

මෙහිදී ප්‍රධාන වශයෙන් පද්ධතිය හඳුනාගැනීම හා එහි පවතින ගැටලු හඳුනාගැනීම සිදුකෙරේ. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවක් මත හෝ සමාගමේ අවශ්‍යතාවක් මත නව පද්ධතියක් නිර්මාණය කිරීමට යෝජනාවක් පැමිණි විට එම පද්ධතිය පිලිබඳ විශ්ලේෂණයක් කල යුතුය.

ප්‍රථමයෙන්ම ඒ සඳහා පාදක වූ ගැටලුව පිලිබඳ අධ්‍යයනය කිරීම සිදුකලයුතුවේ. උදාහරණයක් වශයෙන් ස්වයංක්‍රිය මුදල් ගැනීමේ යන්ත්‍රයක්(ATM) නිර්මාණය කිරීම අවශ්‍ය වුයේ ගිණුම්හිමියාට තම ගිණුමෙන් පහසුවෙන්, සතියේ ඕනෑම දිනක, දිනයේ ඕනෑම වෙලාවක මුදල් ගැනීමේ අවශ්‍යතාව ඇතිවූ නිසාවෙනි. මෙලෙසම මෙම ව්‍යාපෘතියෙහි / ගැටලුවෙහි විෂයපථය හා සීමාවන් පැහැදිලිව අවබෝධ කරගත යුතුවේ. එනම් ATM යන්ත්‍රයෙන් කුමන සීමාවක් දක්වා පාරිභෝගිකයන් හට සේවාවන් සැපයිය යුතුද යන්න හඳුනාගත යුතු වේ. තවද මෙම පද්ධතිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන සම්පත් හඳුනාගැනීම, එම සම්පත් ළඟාකර ගත හැකිද යන්න අධ්‍යයනය කලයුතුවේ.

මෙම පියවරෙහි ප්‍රතිඵලයක් ලෙස තෝරාගත් පද්ධතිය පිලිබඳ අවසන් තීරණයක් කරා එළඹෙනු ලැබේ. එනම් අලුත්ම පද්ධතියක් නිර්මාණය කිරීම හෝ පවතින්නා වූ පද්ධතියක් දියුණු කිරීම හෝ එම පද්ධතියට කිසිදු වෙනසක් නොකර එලෙසම තැබීම යන තීරණ ගැනීම සිදුකරනු ලබයි. 

ශක්‍යතා අධ්‍යයනය (Feasibility Study)

පද්ධතිය පිහිටුවීම පිලිබඳ යෝග්‍යතා පරීක්ෂණයක් සිදුකරන අතර එහිදී යෝජිත පද්ධතිය පුද්ගලයාට හෝ ආයතනයට කෙතරම් දුරට ගැලපේද යන්න පිළිබඳව විස්තරාත්මකව විමර්ශනයක් ලබා දෙයි.

මෙහිදී අදාල පද්ධතිය ප්‍රායෝගිකව නිපදවිය හැකිද යන්න, පාරිභෝගිකයාගේ අවශ්‍යතා යෝජිත පද්ධතිය මගින් සපුරනේද යන්න, යොදාගනුලබන සම්පත් කාර්යක්‍ෂමව භාවිතයට ගතහැකිද යන්න සහ පිරිවැය ඵලදායි ලෙස භාවිතයට ගතහැකිද යන්න පිලිබඳවද, පද්ධතිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතාවයන් සමාගම සතුව පවතීද යන්නද අධ්‍යයනය කලයුතුවේ.

මෙහිදී පහත දැක්වෙන කරුණු පිලිබඳ සැලකිලිමත්වේ .
තාක්ෂණික ශක්‍යතාව – ( අවශ්‍යවන පරිදි මෘදුකාංග හා දෘඩාංග පවතීද යන්න )
ආර්ථික ශක්‍යතාව – ( පිරිවැය, මුල්‍යමය ප්‍රතිලාභ මගින් පියවේද යන්න )
නෛතික හා සදාචාරාත්මක ශක්‍යතාව – ( පද්ධති ක්‍රියාකාරකම් සිමාවන් තුල ක්‍රියාත්මක වේද යන්න )
සමාජීය ශක්‍යතාව – ( මෙමගින් සමාජීය වශයෙන් ප්‍රශ්ණ ඇතිවේද යන්න )

පද්ධති විශ්ලේෂණය ( System Analysis)

ශක්‍යතා වාර්තාව පිලිබඳ ව්‍යාපෘති භාර කමිටුව විසින් නව පද්ධතියක අවශ්‍යතාව ගැන සැහීමකට පත්වුවහොත් ඒ පිළිබඳව සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීමට තීරණය කරනු ලබයි. ඒ අනුව ශක්‍යතා වාර්තාව මගින් ලබාදී ඇති තොරතුරු තවදුරටත් අධ්‍යයනය කිරීම මෙහිදී සිදුකරනු ලබයි. නව පද්ධතියේ අරමුණු, ඊට අදාල විෂය කරුණු, පද්ධතියේ ක්‍රියාකාරකම්, අවශ්‍යවන භෞතික හා මානව සම්පත්, පද්ධතිය නිර්මාණය කිරීමේදී ඇතිවිය හැකි ගැටලු, පද්ධතිය දියුණු කිරීම සඳහා යෝජනා සහ පද්ධතියේ සිමාවන් පිළිබඳව විශේෂයෙන් මෙම පියවරෙන් සලකා බලනු ලබයි. තවද පද්ධතියෙහි පවතිනා වූ දුර්වලතාවන් හා එම දුර්වලතාවන්ගෙන් අත්මිදීම සඳහා විසඳුම් යෝජනා කරණු ලබයි.

එසේම පද්ධති විශ්ලේෂණ ක්‍රියාවලියේදී ආයතනයේ ව්‍යුහය පිළිබඳවත්, කළමනාකරණ මට්ටට්ම් සහ මෙහෙයුම් මට්ටම් පිළිබඳවත් විස්තරාත්මකව තොරතුරු රැස්කරගැනීම සිදු කරණු ලබයි. යෝජිත නව පද්ධතිය මගින් කළමනාකරුවන්ගේ හා පරිශීලකයන්ගේ අවශ්‍යතා සපුරාලීම මෙයට හේතුව වේ. ඒ අනුව මෙම අවධියදී දත්ත එක්රැස් කිරීම හා එම දත්ත තොරතුරු බවට පත්කිරීම තුලින් පද්ධතියේ අවශ්‍යතා විස්තරාත්මකව විමර්ෂණයකට ලක්කරනු ලබයි. මෙම පියවර අවසානයේ පද්ධතියේ අවශ්‍යතා පිලිබඳ වාර්තාවක් සහ ව්‍යාපෘතියේ විෂය පථය පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබාගැනීම සිදුවේ. 

පද්ධති සැලසුම් කිරීම (System Design)

පද්ධති සැලසුම් කිරීමේ පියවරේදී සිදුවන්නේ පද්ධති විශ්ලේෂණ පියවරේදී ලබාගත් වාර්තාව අනුව පද්ධතියේ අවශ්‍යතා කොටස් වලට වෙන් කිරීමයි. මෙහිදී සම්පුර්ණ පද්ධතියේ ආකෘතිය ගොඩනැගීම සිදුවේ. පද්ධති සැලසුම් කිරීම ප්‍රධාන ආකාර දෙකකින් සිදු කළ හැකිය.

1.තාර්කික පද්ධති සැලසුම් කිරීම (Logical System Design).

මෙහිදී යෝජිත නව පද්ධතියේ දත්ත, තොරතුරු, ක්‍රියාවලින් සහ ගොනු ආදිය එකිනෙකට සම්බන්ද වන ආකාරය තාර්කික වශයෙන් ඉදිරිපත් කරයි . මේ සදහා,
ගැලීම් රූ සටහන් (System Flow Diagram)
දත්ත ප්‍රවාහ රූ සටහන්(Data Flow Diagram)

වැනි ක්‍රමවේදයන් භාවිතා කළහැක. මෙහිදී පද්ධතිය තුල දත්ත ගලයන ආකාරය සහ බාහිර වස්තුන්, ක්‍රියාවලි සහ දත්ත අතර දත්ත ගලායන ආකාරය(Data Flow) සහ පද්ධතිය ගලායන ආකාරය(System Flow) ඉදිරිපත් කෙරේ.

2.භෞතික පද්ධති සැලසුම් කිරීම (Physical System Design).

මෙහිදී ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන සාධක කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.
අතුරු මුහුණත් නිර්මාණය
ආදානය
සැකසුම
ප්‍රතිදානය
ක්‍රමලේඛනය
පරිශීලනය
ආරක්ෂාව

මෙහිදී පද්ධතිය සදහා වන පිරිවැය සහ අවශ්‍ය වන ද්‍රව්‍ය පිළිබදවද අවදානය යොමු කෙරේ. අවසානයේදී තාර්කික හා භෞතික පද්ධති සැලසුම් වලට අනුව ලබාගත් තොරතුරු විධිමත් ලෙස ලේඛණ ගත කරයි.

පද්ධති සංවර්ධනය ( System Development)

මෙම පියවරේදී පද්ධති සැලසුම් අවධියේ සැලසුම් ක්‍රමවේද වලට අනුව බෙදාගත් සම්පුර්ණ පද්ධතියේ මොඩියුල ක්‍රමලේඛකයන් අතර බෙදා දෙනු ලැබේ . ඔවුන් විසින් උචිත පරිගණක භාශාවක් යොදා ගනිමින් මෘදුකාංග පද්ධති සාදනු ලැබේ. මොඩියුල නිර්මාණයේදී දෝෂ අවම වන ආකාරයට සාදනු ලබන අතර අවසානයේදී එම සාදාගත් මොඩියුල කලින් සාදාගත් අතුරු මුහුණත් හා සම්බන්ධ කරමින් සමස්ථ පද්ධතිය ගොඩනගනු ලැබේ. පද්ධති ප්‍රවර්ධන ජිවන චක්‍රයේ (SDLC) දීර්ඝතම අවදිය ලෙස මෙය හැදින්විය හැකිය. 

පද්ධති පරික්ෂාව ( System Testing)

මෙම පියවරේදී පද්ධති සංවර්ධනය පියවරේදී සාදාගත් පද්ධතිය සම්පුර්ණ පරික්ෂාවකට භාජනය කෙරේ. මෙය සිදුකරනු ලබන්නේ ස්වාධීන කණ්ඩායමක් විසින් වන අතර ඔවුන් විසින් ක්‍රම ලේඛණයේ ඇති දෝෂ විමර්ශනය කරන අතර පද්ධතිය සේවාදායකයාගේ අවශ්‍යතාවයන් ඔහු බලාපොරොත්තු වන ආකාරයට ඉටු කරඇත්දැයි යන්න පරික්ෂා කරනු ලැබේ .

පද්ධති පරික්ෂාවේදී පද්ධතිය කිහිප ආකාරයේ පරික්ෂාවන්ට යොමු කෙරේ . ඒවා නම්

ඒකක පරික්ෂාව (Unit Testing)

මෙහිදී අවධානය යොමු කරනුයේ පද්ධතියේ කුඩා ඒකක වෙතයි.එම නිසා පද්ධතියේ ඒකක/මොඩියුල වෙන වෙනම පරික්ෂාවට යොමු කෙරේ . 

සමස්ථ පරික්ෂාව (Integrated Testing)

මෙහිදී මොඩියුල එකතු කර පරික්ෂා කරන අතර එහි අරමුණ වන්නේ පද්ධතියේ මොඩියුල එකිනෙක හා හරිආකාරව සම්බන්ද කර ඇතිදැයි බැලීමයි. 

පද්ධති පරික්ෂාව (System Testing)

මෙහිදී සම්පුර්ණ පද්ධතියම පරික්ෂාවට ලක් කරන අතර මෙහි අරමුණ වන්නේ පද්ධතියේ සියලුම ක්‍රියාවලින් නිවැරදිද යන්න බැලීම හා සියලුම අවශ්‍යතාවයන් සපුරා ඇතිදැයි පරික්ෂා කිරීමයි.
 
ප්‍රතිග්‍රහණ පරික්ෂාව (Acceptance Testing)

මෙම පරික්ෂාව බොහෝ විට සිදු කරනු ලබන්නේ පද්ධතිය භාවිතා කරනු ලබන පුද්ගලයාගේ ස්ථානයේ (User’s Perspective) සිටයි. මෙහිදී පද්ධතියේ සැබැ හැසිරීම පරික්ෂා කෙරේ
මෙම අදියරය අවසානයේදී දෝෂ අවම තත්වයෙන් උසස් පද්ධතියක් සේවා දායකයා වෙත ලබා දීමට හැකි වේ.

පද්ධති ක්‍රියාත්මක කිරීම ( System Implementation)



මෙම අදිරයේදී සාදාගත් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. මෙහිදී සම්පුර්ණ පද්ධතියේ ක්‍රියකාරිත්වය ලේඛණ ගත කරන අතර පද්ධතිය භාවිතා කරනු ලබන ආකාරය පිළිබදව පරිශීලකයන් දැනුවත් කරන අතර නව පද්ධතිය ස්ථාපනය කරනු ලැබේ.


නිමකරගත් පද්ධතිය ස්ථාපනය කිරීම පියවර කිහිපයකින් සිදු කරනු ලැබේ. ඒම පියවර පහත දැක්වේ. 
සෘජු ස්ථාපනය (Direct Implementation) – මෙහිදී පරණ පද්ධතිය වෙනුවට නව පද්ධතිය සම්පුර්ණයෙන් ස්ථාපනය කරයි. 
සමාන්තර ස්ථාපනය (Parallel Implementation) – මෙහිදී භාවිත කරමින් තිබු පද්ධතිය සහ නව පද්ධතිය සමාන්තරව ක්‍රියාත්මක කරනු ලැබේ . 
අදියරමය ස්ථාපනය (Phased Implementation) – මෙහිදී ආයතනයේ කොටසකට පමණක් නව පද්ධතිය ස්ථාපනය කරනු ලැබේ . 
නියමුමය ස්ථාපනය (Pilot Implementation) – මෙහිදී නව පද්ධතියේ ස්වාධින කොටස් කමක්‍රමයෙන් ස්ථාපනය කරනු ලැබේ . 

මෙම පියවරේදී පද්ධතිය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන දෘඩාංග(Hardware) ස්ථාපනය කරයි. මෙම අදියරයේදී පද්ධතියේ සාර්ථකත්වය අසාර්ථක බව තීරණය වේ .

පද්ධති නඩත්තුව ( System Maintenance)

නව පද්ධතියක් ස්ථාපනය කර භාවිතා කිරීමේදී විවිධ වූ ගැටළු පැන නැගිය හැක. මෙම පියවරේදී එම ප්‍රශ්න නිරාකරණය කරනු ලැබේ. තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් සමඟ පරිගණක පද්ධති නිරතුරුවම යාවත්කාලින(Update) කිරීමට අවශ්‍ය වේ. එම කාර්යයන් සිදු කරනු ලබන්නේ මෙම අදියරේදීය .


මෙම අදියරේදී පද්ධතියට බලපාහැකි වෙනස්වීම් පද්ධති කමිටුව මගින් පරික්ෂාකර ඒවා ආයතනයේ කළමනාකාරිත්වයට ඉදිරිපත් කරනු ලැබේ. මෙහිදී නඩත්තු කමිටුව සහ ආයතනයේ කළමනාකාරිත්වය විසින් නිර්ණායක කිහිපයක් වෙත අවධානය යොමු කරයි. ඒවායින් ප්‍රධාන සාධක ලෙස,

පද්ධතියක අරමුණු
කාර්යක්ෂමතාව
ඵලදායිතාව
යොදාගන්නා තාක්ෂණය
වැයවන පිරිවැය
ආරක්ෂාව

පද්ධතිය මගින් ලැබෙන ප්‍රතිලාභ සලකනු ලැබේ .
පද්ධතියේ යම් කිසි වෙනස්කමක් සිදුකිරීමට අවශ්‍ය නම් ඉහත කරුණු වල වෙනස්වීම් සලකා බලා සිදු කළ යුතුය .මේ අයුරින් පද්ධති ප්‍රවර්ධන ජිවන චක්‍රයේ ප්‍රධාන අවධි සවිස්තරාත්මකව ගොනුකොට දැක්විය හැකි වේ.






ක්‍රමලේඛන භාෂාව
ක්‍රමලේඛන භාෂාව යනු විශේෂයෙන් පරිගණකය වැනි යන්ත්‍රයක හැසිරීම පාලනය කිරීමට යොදා ගනු ලබන කෘත්‍රිම භාෂාවකි. ක්‍රමලේඛන භාෂාව පිළිවෙලින් ඒවායේ ව්‍යුහය හා අර්ථය විස්තර කරන ව්‍යාකරණ හා අර්ථ විචාර හා රීති මගින් අර්ථකථනය කෙරෙයි. බහුතර ක්‍රමලේඛන භ‍ාෂාවලට ඒවායේ ව්‍යාකරණ හා අර්ථ විචාරවල විශේෂ ලි‍වීමේ ආකාර ඇත. සමහර ඒවා නිලවශයෙන් ක්‍රියාවට නැංවීමක් මගින් පමණක් අර්ථ දක්වයි.
ක්‍රමලේඛන භාෂාව භාවිතා කරනුයේ තොරතුරු සංවිධානය හා මෙහෙයවීම යන කටයුත්තට පහසුකම් සැලසීමට මෙන්ම, අතිශයින් නිරවද්‍ය ලෙස ඇල්ගෝරිතම ප්‍රකාශ කිරීමටය. ඇතැම් ක්‍රමලේකයන් පවතින සියලු ඇල්ගෝරිතම් ප්‍රකාශ කළ හැකි භාෂා බවට ක්‍රමලේඛන භාෂා සීමා කරයි. සමහර විට‍ “පරිගණක භාෂාව” යන වදන වඩාත් සීමාසහිත කෘත්‍රීම භාෂා සදහා භාවිතා කරයි.
දහස් ගණන් වෙනස් ක්‍රමලේඛන භාෂා නිර්මාණය කර තිබෙන අතර නව භාෂා සෑම වසරකම නිර්මාණය කෙරෙයි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

Learn Programming Languages online 



C Language


In computing, C is a general-purpose programming language initially developed by Dennis Ritchie between 1969 and 1973 at AT&T Bell Labs.Like most imperative languages in the ALGOL tradition, C has facilities for structured programming and allows lexical variable scope and recursion, while a static type system prevents many unintended operations. Its design provides constructs that map efficiently to typical machine instructions, and therefore it has found lasting use in applications that had formerly been coded in assembly language, most notably system software like the Unix computer operating system.

From Wikipedia, the free encyclopedia

C (ක්‍රමලේඛන භාෂාව)

පරිගණක විද්‍යාවේ දී, C (/ˈs/, C අකුර ශබ්ද කරන අයුරින්) යනු පොදු කාර්ය පරිගණක භාෂාවක් වන අතර, මෙය ලොවට හඳුන්වාදුන්නේ 1969-1979 කාලය අතර AT&T බෙල් පර්යේෂණාගාරයේ දී ඩෙනිස් රිචී මහතා විසිනි.ALGOL සම්ප්‍රදායේ පවතින බොහෝ විධානාත්මක භාෂා වල මෙන්, C පරිගණක භාෂාවද ස්තිථික ටයිප් පද්ධති, බොහෝ අපෙක්ෂා නොකල කාරකයන් වළක්වද්දීත් ව්‍යූහාත්මක වැඩසටහන්කරණයට පහසුකම් සැළසීම සහ lexical විචල්‍ය අවකාශයකට හා සහානුයාත වලට ඉඩදීම සිදු කරයි. C භාෂාවේ ප්‍රභව කේතයන් නිදහස් ආකෘතියක් ගන්නා අතර වැකි අවසන් කිරීමට තිත් කොමාව(;) ද වැකි කාණඩගත කිරීමසඟල වරහන ද භාවිතා කරයි. එහි පවතින සැකැස්ම නිසා කාර්යක්ෂමව වැඩසටහනක ඇති අංගයන් ඊට අදාළ යන්ත්‍ර උපදෙස් වලට ඈඳීම කල හැකි අතර එම නිසා Unix පරිගණක මෙහෙයුම් පද්ධතියේ අඩංගු පද්ධති මෘදුකාංග වැනි Assembly පරිගණක භාෂාව භාවිතයෙන් ලියන ලද වැඩසටහන් පවා දිගින් දිගටම භාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.

C යනු මෙතෙක් ලොව වැඩියෙන්ම භාවිතා කර ඇති පරිගණක භාෂාව වන අතර C භාෂාව සඳහා භාෂා පරිවර්තකයක් දක්නට නොමැත්තේ ඉතා අඩු පරිගණක ආකෘතීන් කිහිපයක පමණකි.

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්



C++ Language


C++ (pronounced see plus plus) is a general purpose programming language that is free-form and compiled. It is regarded as an intermediate-level language, as it comprises both high-level and low-level language features. It provides imperative, object-oriented and generic programming features.

C++ is one of the most popular programming languages and is implemented on a wide variety of hardware and operating system platforms. As an efficient performance driven programming language it is used in systems software, application software, device drivers, embedded software, high-performance server and client applications, and entertainment software such as video games.[6] Various entities provide both open source and proprietary C++ compiler software, including the FSF, LLVM, Microsoft and Intel.
From Wikipedia, the free encyclopedia


C++ (ක්‍රමලේඛන භාෂාව)

C++ (කියැවීම: සී ප්ලස් ප්ලස්) යනු C (පරිඝනක භාෂාව) හී වස්තු පාදක(en:object oriented) වෙළුමයි. C++ හී නිර්මාණකරු වන්නේ බිහානෙ ස්ටෘස්ට්‍රප් (en:Bjarne Stroustrup) ය. මුල් අවදියේ දී C++, C with Classes නමින් හැදින් වුවද 1983 දී C++ ලෙස නම් කරන ලදී. C++ ජනප්‍රිය ක්‍රමලේඛන භාෂා අතර ප්‍රධාන තැනක් ගනී. C මෙන්ම C++ ද සම්පාදනය කරන්නේ සහජ(native) ගොනුය. මේ නිසා C++ වේගවත් ව ක්‍රියාත්මක වන ගොනු සෑදීමට බහුල වශයෙන් යොදාගනී.

C++ දෘඩාංග නිර්මාණකරනයේද(en:hardware design) භාවිතා වේ. මූලික සැලසුම් C++ භාවිතයෙන් ලියා පසුව දෘඩාංග විස්තර කිරීමේ භාෂාවකට පරිවර්තනය කරනු ලැබේ.
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

 
http://www.c4learn.com/cplusplus/cpp-history/ 
http://www.cppforschool.com/tutorials.html

 

Java

Java is a computer programming language that is concurrent, class-based, object-oriented, and specifically designed to have as few implementation dependencies as possible. It is intended to let application developers "write once, run anywhere" (WORA), meaning that code that runs on one platform does not need to be recompiled to run on another. Java applications are typically compiled to bytecode (class file) that can run on any Java virtual machine (JVM) regardless of computer architecture. Java is, as of 2014, one of the most popular programming languages in use, particularly for client-server web applications, with a reported 9 million developers.[10][11] Java was originally developed by James Gosling at Sun Microsystems (which has since merged into Oracle Corporation) and released in 1995 as a core component of Sun Microsystems' Java platform. The language derives much of its syntax from C and C++, but it has fewer low-level facilities than either of them
From Wikipedia, the free encyclopedia

ජාවා(ක්‍රමලේඛන භාෂාව)

ජාවා යනු පරිගණක ක්‍රමලේඛණය කිරිමට හාවිතා කරයි. Sun Microsystems නැමැති ආයතනය විසින් 1995 වර්ෂෙය්දි හදුන්වාදෙන ලදි. මෙමය C සහ C++ යන පරිගණක ක්‍රමලේඛණ හාෂා වලට සමානකම් දැක්වුවද ඊට වඩා වැඩි පහසුකම් අන්තර්ගතය. ජාවා වැඩසටහන් bytecode නැමැති ක්‍රමයට පරිවර්තනය කොට "ජාවා වැඩකරන පරිසරය" තුල ක්‍රියාත්මක වේ. "ජාවා" යනු දැනට භාවිතයේ පවතින ජනප්‍රියතම ක්‍රමලේඛන භෂාවක් වන අතර,එය පරිගනක යෙදවුම් මෘදුකාංග (Computer Application Software) සැකසීමේ සිට වෙබ් යෙදවුම් (Web Application) දියුණු කිරීම දක්වා වූ පුළුල් පරාසයක ව්‍යප්ත වී පවතී. නමුත් දැන් ජාවාහි අයිතිය Oracle ආයතනය සතුව පවති.
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

http://docs.oracle.com/javase/tutorial/getStarted/index.html

 

C#.Net

C# (pronounced as see sharp) is a multi-paradigm programming language encompassing strong typing, imperative, declarative, functional, generic, object-oriented (class-based), and component-oriented programming disciplines. It was developed by Microsoft within its .NET initiative and later approved as a standard by Ecma (ECMA-334) and ISO (ISO/IEC 23270:2006). C♯ is one of the programming languages designed for the Common Language Infrastructure. C♯ is built on the syntax and semantics of C++, allowing C programmers to take advantage of .NET and the common language runtime.

C♯ is intended to be a simple, modern, general-purpose, object-oriented programming language. Its development team is led by Anders Hejlsberg. The most recent version is C♯ 5.0, which was released on August 15, 2012.
From Wikipedia, the free encyclopedia 

http://www.tutorialspoint.com/csharp/index.htm
http://www.homeandlearn.co.uk/csharp/csharp.html

VB6.0



Visual Basic is a third-generation event-driven programming language and integrated development environment (IDE) from Microsoft for its COM programming model first released in 1991. Microsoft intends Visual Basic to be relatively easy to learn and use.[1][2] Visual Basic was derived from BASIC and enables the rapid application development (RAD) of graphical user interface (GUI) applications, access to databases using Data Access Objects, Remote Data Objects, or ActiveX Data Objects, and creation of ActiveX controls and objects.
From Wikipedia, the free encyclopedia 

විෂුවල් බේසික්
විෂුවල් බෙසික් යනු ‍තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා මෘදුකාංගයකි. ලොව සුපතල මයික්‍රොසොෆ්ට් ආයතනය (Microsoft Corporation) මෙහි නිර්මාතෘවරයා වෙයි. බොහෝ විට මෙය විෂුවල් ස්ටුඩියෝ නමි පැකේජය සමග දැකගත හැක (Version 6.0) මෙහි IDE (interrogated development Environment) මගින් පරිගණක භාෂා කිහිපයක් සමග වැඩකිරීමට අවශ්‍ය මෘදුකාංග කොටස් සකස් කර ගැනීමට උපකාරීවේ. විෂුවල් බේසික් භාවිතයට ඉතා පහසු පරිගණක භාෂාවක් වෙයි. මෙහි ආදිතමයා ලෙස BASIC (Beginner's All-purpose Symbolic Instruction Code) පරිගනක භා‍ෂාව හදුනාගත හැක. මෙය මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් COM උපාංග සාදාගැනීම සදහා උපයෝගී වනලෙස නිපදවා ඇත නිපදවා ඇත. මෙය ක්‍රියාකිරීමට ඉතා සරල ලෙස සාදා ඇති මෘදුකාංගයකි. මෙහි GUI (Graphical user Interface) නැමති අතුර මුහුණත යොදා ඇත. මෙ මගින් ෆෝර්ම උපාංගය මත වෙනත් උපාංග දමා ඉතා පහසුවෙන් මෘදුකාංග නිපදවීමෙ හැකියාව ලැබේ. තවද මෙය දත්ත පාදමයන් (Database ) සමග මුසුවී ක්‍රියා කිරීමට හැකිවී ඇත. එනමි Microsoft Access, Microsoft SQL Server, MySQL හා ORCLE වැනි විෂාල දත්ත පාදමයන් ගනනාවක් සමග සමිබන්ධ වෙමින් කටයුතුකිරීමට හැකියාව ලැබී ඇත.
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්


http://www.vbtutor.net/vb6/vbtutor.html

 

VB.Net

Visual Basic .NET (VB.NET) is a multi-paradigm, high level programming language, implemented on the .NET Framework. Microsoft launched VB.NET in 2002 as the successor to its original Visual Basic language. Along with Visual C#, it is one of the two main languages targeting the .NET framework.

Microsoft currently supplies two main editions of IDE for developing in VB.NET: Microsoft Visual Studio 2013, which is commercial software and Visual Studio Express Edition 2013, which is free of charge. The command-line compiler, VBC.EXE, is installed as part of the freeware .NET Framework SDK. Mono also includes a command-line VB.NET compiler.
From Wikipedia, the free encyclopedia


විෂුවල් බේසික් .නෙට් (VB.NET),

විෂුවල් බේසික් .නෙට් (VB.NET), යනු මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් මෘදුකාංග සංවර්ධනය සඳහා රූපක අතුරු මුහුණත යොදාගෙන නිපදවූ .Net තාක්‍ෂනය භාවිතා කරන මෘදුකාංග සංවර්ධන පද්ධතියකි.
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

http://www.tutorialspoint.com/vb.net/index.htm
http://www.homeandlearn.co.uk/NET/vbNet.html

 

  Python



Python is a widely used general-purpose, high-level programming language. Its design philosophy emphasizes code readability, and its syntax allows programmers to express concepts in fewer lines of code than would be possible in languages such as C.The language provides constructs intended to enable clear programs on both a small and large scale.
From Wikipedia, the free encyclopedia

පයිතන්

පයිතන් යනු බහුලව භාවිතාවන උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාවක් වන අතර එය නිර්මානය කර ඇත්තේ කේත කියවීමේ පහසුව අවධාරණය අ‍යුරිනි. පයිතන් සතුව ඇති අපුර්ව ගුණය වන්නේ එහි ඇති නිරවුල් කේත වින්‍යාසය සහ එහි සම්මත වැඩසටහන් ගොනුව ඉතා විශාල හා පරිපූර්ණ එකක් වීමයි. අනෙකුත් ප්‍රචලිත ක්‍රමලේඛන භාෂාවන් අතරින් මෙහි ඇති විශේෂත්වය නම් ක්‍රමලේඛනයේ භාවිතා වන පරිසීමක ඛණ්ඩක අතර හිස් ඉඩ තැබීම් වේ. පයිතන් බහු ක්‍රමලේඛන නාම මාලාවන්ට සහය වන අතර නමුත් එය සීමා නොවන්නේ වස්තු මූල,ප්‍රගම්‍ය හා ඉතා සුළු වශයෙන් කෘත්‍යයාත්මක ක්‍රමලේඛන රටාවන්ට පමණි.එය පූර්ණ ගතික පද්ධති වල ගුණ පෙන්වන අතර ස්වං මතක පාලනයද සිදුකරයි.එම ගුණය සමාන වන්නේ ස්කීම්,පර්ල්,රූබි හා tcl වැනි ගතික ක්‍රමලේඛන භාෂාවන්ටයි.පයිතන් නොයෙක් විට ස්ක්‍රිප්ටින් ලිවීමට භාවිත කලද එය බහුලව භාවිත වෙනත් කාර්යයන් සඳහාය.පයිතන් ක්‍රමලේඛන පරිගණක වල ධාවනය වන වැඩසටහන් තුලට අන්තර්ගත කල හැකිය.පයිතන් පරිවර්ථක බොහෝ [පරිගණක] පාලක පදධති වල අඩංගු වේ. පයිතන් යනු නිදහස් හා විවෘත මෘදුකාංග ගනයට අයත් මෘදුකාංගයකි. එහි ඇත්තේ ප්‍රජාව මත පදනම්වූ සංවර්ධන ක්‍රමයකි.එහි සම්පූර්ණ හෝ විකල්ප සංස්කරණ සිදුකරයි.සීපයිතන් කළමණාකරනයන් සිදුකරන්නේ ලාභ නොලබන ආයතනයක් වන පයිතන් මෘදුකාංග පදනම මගිනි.
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

Phython Reference Site
Download Phython Software Here
Download Phython IDE



Objective-C

 

Objective-C is a general-purpose, object-orientedprogramming language that adds Smalltalk-style messaging to the C programming language. It is the main programming language used by Apple for the OS X and iOS operating systems, and their respective application programming interfaces (APIs), Cocoa and Cocoa Touch.

The programming language Objective-C was originally developed in the early 1980s. It was selected as the main language used by NeXT for its NeXTSTEP operating system, from which OS X and iOS are derived. Generic Objective-C programs that do not use the Cocoa or Cocoa Touch libraries, or using parts that may be ported or reimplemented for other systems can also be compiled for any system supported by GCC or Clang.

Objective-C source code program files usually have .m filename extensions, while Objective-C header files have .h extensions, the same as for C header files.
From Wikipedia, the free encyclopedia 

 

No comments: