Tuesday, June 21, 2016

අන්තර්ජාලය තුල අප සුරක්ෂිතද?


වයස් බේදයකින් තොරව බැලූවිට වර්තමානයේ අන්තර්ජාලය අප කාටත් නැතුවම බැරි සේවාවක් වී හමාරය.දිනකට අන්තර්ජාලය පරිශීලනය කරන ප්‍රමාණය එන්න එන්නම ඉහලයාම එහි අවශ්‍යතාවය මනාව පිළිබිඹු කරයි.දියුණු යුරෝපා රටවල ජනතාව තම ආහාරවේල පවා අන්තර්ජාලය හරහා ඇණවුම් කිරීම,තම දෙනික කටයුතු,කාර්‍යාල කටයුතු පවා අන්තර්ජාලය මූලික කොටගෙන සිදුකරනු ලබන බව අපහට රහසක් නොවේ.

යුරෝපා රටවලට පමණක් නොව ආසියානු රටවල පවා අද අන්තර්ජාලය සහ ඒහා බැදුනු සේවාවල් වන Email, Social Network, Online Services(Banking,Shopping,Storage) භාවිතා කරන ප්‍රමාණය අතිමහත්ය.Pew Reserch Internet Project නැමැති ව්‍යාපෘතියට අනුව 57% තරුණ ළමුන් මිතුරන් ඇතිකරගැනීමටද 84% පිරිමි ළමුන් අන්තර්ජාලය හරහා බැදුනු ක්‍රීඩාවල නිරතවීමද 68% තරුණ ළමුන් සමාජ ජාල ආශ්‍රිත මිතුරන් හා සම්බන්ධ වී ඇතිබව සොයාගනුලැබ ඇත.එම දත්ත දෙස බැලූ විට අන්තර්ජාලය භාවිතය ගැන මනා අවබෝධයක් ලබාගත හැක.

කාරණය එසේවුවද අද ලෝක ප්‍රජාව මුහුණ දී ඇති බරපතල ගැටළු වලට හේතුපාදක වී ඇත්තේද අන්තර්ජාලයම බව කිවමනාය.ඇත්තෙන්ම "අන්තර්ජාලය තුල අප සුරක්ෂිතද?" යන ප්‍රශ්ණයට පිළිතුරු සෙවීමට කාලය එලබ තිබේ.ප්‍රතිවෛරස වැනි මෘදුකාංග(Antivirus), ෆයර් වෝල්(Firewall),  මුරපද යෙදීම, Parental Control Options, Blocking & Filtering Software වැනි පරිගණක ආරක්ෂක වැඩසටහන් හා විවිධාකාර වූ තාක්ශණික උපක්‍රම භාවිතා කල පමණින්ම අප අන්තර්ජාලය තුල සුරක්ෂිත නැත.එයට හේතුව තාක්ෂණික උපක්‍රම පමණක් යෙදූ පමණින් අප අන්තර්ජාලය තුල හැසිරෙන ආකාරය හා අපේ ක්‍රියාවලීන් පාලනය කල නොහැකි බැවිනි.

අප අන්තර්ජාලය තුල හැසිරෙන ආකාරය,අපේ රුචි අරුචිකම්,අවශ්‍යතා ශණිකව අවබෝධකරගත හැකි පිරිසක් නිරන්තරයෙන් අන්තර්ජාලය තුල සැරිසරමින් සිටී.සේවා සහායකයින් (Service Assistants, Black Hackers, Crackers) වැනි පුද්ගලයින් අපට හිතවත් ලෙස පෙනී සිටිමින් හොර රහසේම අපව ඔවුන්ගේ පාලනයට නතුකරගැනීමට මෙන්ම අපේ පෞද්ගලිකත්වයට මෙන්ම Credit Card හා බැංකු ගිණුම් තොරතුරු සූක්ෂම ලෙස ලබාගත හැකිදැයි සොයනු ලබයි.

විවිධ ව්‍යාපාර වෙබ් අඩවි හරහා මනස විනාශකරන අසැබි වීඩියෝපට,ආයුධ නිපදවන ක්‍රම,වසවිෂ නිපදවන ක්‍රම වැනි සමාජ විරෝධී ක්‍රියා සිදුකරන ආකාරය දැක්වෙන රූපරාමු,වීඩියෝපට වැනි බහුමාද්‍ය භාවිතා කරමින් ඔවුන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට නිරන්තර උත්සාහයක යෙදෙන පුද්ගලයින් අඩු නැතිව අන්තර්ජාලය තුල සැරිසරනු ලබයි.එවැනි දේ ගැන දැණුම අඩු පුද්ගලයින් ඔවුන්ගේ ගොදුරුවලට පත්වී තම මනස පමනක් නොව තම දේපල,මුදල් මෙන්ම තම පවුල් සන්ස්ථාව පවා විනාශ කරගැනීම සම්බන්ධයෙන් උදාහරණ ඕනෑතරම් දැක්විය හැක.ඒ පිළිබදව විමසන විට පෙනී යන්නේ සැබැවින්ම අප අන්තර්ජාලය තුල සුරක්ෂිත නැත යන්නයි.

මෑත කාලයේ විවිධ සමාජජාල (Social Networks) වෙබ් අඩවි හරහා සිදුවී ඇති අන්තර්ජාල අපරාධ (Cyber Crimes) දෙස බැලූවිට ප්‍රජාව කෙතරම් දැනුවත් වුවද ඊටත් වඩා දැනුවත්,උපක්‍රමශීලී පුද්ගලයින් අන්තර්ජාලය තුල බැටළු හම පොරවාගෙන හිතවතුන් ලෙස පෙනී සිටින බවයි.

සමාජසේවා ආයතන හා විවිධ තාක්ශණික ආයතන අන්තර්ජාලය පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමට දැඩි පරිශ්‍රමයක් දරනු ලබයි.Child Exploitation & Online Protection Center (CEOP) පිටුදැකීම (Prevent), ආරක්ෂාවීම (Protection),ලුහුබැදීම(Pursue) යන ත්‍රිවිධ ක්‍රියාවලි හරහා අන්තර්ජාලය තුල පුද්ගලයින් ආරක්ෂාකිරීමට පරිශ්‍රමයක් දරනු ලැබීම තරමක අස්වැසිල්ලකි.ISP හෙවත් අන්තර්ජාල සේවා සපයන ආයතනද Parental Control Options, Blocking & Filtering Software,Firewalls වැනි පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය තුල පරිවහණය වැළැක්වීමේ උපක්‍රම හරහා අන්තර්ජාලය තුල යම්කිසි ආරක්ෂාවක් ගොඩනැගීමට සමත්ව ඇතිබව කිව යුතුමය.

කරුණු මෙසේ සිදුවුවත් කුමන මට්ටමේ මෘදුකාංග වැනි තාක්ශණික ප්‍රයෝග භාවිතා කලත් අන්තර්ජාලය තුලදී පුද්ගල ආරක්ෂාව ගොඩනගාගැනීමේ ප්‍රධාන වගකීම ඇත්තේ අපසතුවම බව කිව යුතුමය.