Tuesday, June 7, 2016

තාක්ශණයෙන් ව්‍යාපාර නව්‍යකරණය


තාක්ශණය වර්තමානයේ විවිධාකාර අංශවල අනාගතය,අභිවෘර්ධිය තීරණය කරන ප්‍රධානතම සාධකය වී ඇත්තාසේම ව්‍යාපාර ලෝකයේ පැවැත්මට අද නැතුවම බැරි සාධකයක් වී ඇත.තාක්ෂණය භාවිතා නොකලහොත් ව්‍යාපාර අතර පවතින තරගකාරී තත්වයට මුහුණදීමට අපොහොසත් වනවා මෙන්ම ව්‍යාපාර බිදවැටීමටද හේතු වන බව පිළිගතයුතු සත්‍යයකි.

සන්නිවේදනය වනාහි ව්‍යාපාරික ලෝකයට අත්‍යාවශ්‍යම සාධකයකි. ගණුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, කොටස්කරුවන්,බැංකු හා වෙනත් මූල්‍ය ආයතන වැනි පාර්ශවයන් නිසි ආකාරයට කලමණාකරණය කිරීමට අද දුරකතන ඇමතුම් වලට වඩා එහාගිය Email,Chatting,Vedio Calling,Vedio Conference වැනි නවීන සන්නිවේදන උපක්‍රම භාවිතා කරන බව අප කවුරුත් දනිමු.සාම්ප්‍රදායික දුරකතන ඇමතුම් වලට එහාගිය ඉහත සන්නිවේදන ක්‍රම නිසා ව්‍යාපාරික ක්‍රියාවලි වලට සක්‍රීයව දායක වන සියලු පාර්ශවයන්ට එම කටයුතු පහසුවෙන්, ක්‍රමවත්ව, ඉක්මනින් සිදුකරගත හැකිවනවා මෙන්ම අන්තර් පුද්ගල සබදතා ආයතනය තුලදී මෙන්ම ඉන් පිටතදී ඕනෑම අවස්ථාවකදී පවත්වාගත හැකිවීම මහත් ප්‍රතිඵලදායකය. "Asana" වැනි Vertual meeting තාක්ශණයන් නිසා වෙළද ව්‍යාපෘති පවා නිසි ආකාරව කලමණාකරණය කල හැකිබව ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන "Lexion Capital" පෙන්වා දෙයි.

අන්තර්ජාල අද ව්‍යාපාර සංවර්ධනයෙහි ලා තෝතැන්නක් වී ඇත.සාම්ප්‍රදායික ගණුදෙනුකිරීම් වලට එහා ගිය ක්‍රමවේදයන් නිසා ගණුදෙනුකරුවන්ට වෙළදපොල තුල භාණ්ඩ තෝරාගැනීමට කාලය වෙන්කල යුතු නැත.නිවසේදීම අන්තර්ජාලය භාවිතයෙන් Online Shopping පහසුකම හරහා  ඉටුකරගත හැක.භාණ්ඩයක වර්ණය, හැඩය, තත්වය එය මිලදී ගැනීමට පෙර හොදින් පිරික්සා බැලිය හැක්කේ "Try Before Buy" ක්‍රමවේදයට අනුවය.

මෙය නිමි අදුම් මෙන්ම ජංගම දුරකථන ,වාහන මිලදී ගැනීමට පෙරද කල හැක.ලෝ ප්‍රකට "Toyota" සමාගමේ නිල වෙබ් අඩවියෙන් තමාට කැමති වාහනයක් තෝරගෙන එයට තමන් කැමති වර්ණය ඇතුලත් කොට විවිධ දිශානති වලට හරවා හැඩ බැලිය හැක.එමෙන්ම  "Vertual Driving" තාක්ෂණය අනුව වාහන ඇතුලත තත්වය මෙන්ම එය ධාවනය කොට බලා ගුණ අගුණ තමාටම තක්සේරු කල හැක.භාණ්ඩ හා සේවා අලෙවිය සදහා Online Marketing , Email Marketing වැනි ක්‍රමවේද උදාහරණ ලෙස දැක්විය හැක.

"Zoho" වැනි Cloud Based Customer Relationship (CRM) සොෆ්ට්වෙයා නිසා ගණුදෙනුකරුවන් මනාව කලමණාකරනය කිරීමට හැකි වූ බව "Stitch to My Lue Promotions" සමාගම පෙන්වා දෙයි.එලෙසම යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවියෙන් පසු සේවාවන් සැපයීම සදහා Online සේවාවන් වන Email, Chatting,Online Trainning ප්‍රතිඵලදායක මෙන්ම කාලය ඉතිරිකරන පහසු ක්‍රමවේදයක් බව ව්‍යාපාරික ලෝකයේ ප්‍රබලයන් පෙන්වා දේ.

Business Intelligence (BI) Tools භාවිතාකිරීමට පෙලඹීම තුලින් ආයතනයේ තොරතුරු භාණඩ හා සේවා වල මිල,සැපයුම්කරුවන්ගේ තොරතුරු පවා ස්වයංක්‍රීය ලෙස විශ්ලේෂණය කොට සකසා ගත හැක.සැබැවින්ම එය ව්‍යාපාරික ක්‍රියාවලීන් වේගවත් කිරීමට හා පහසු කිරීමට මනා පිටුවහලක් වන බව කිව හැක.

Quick Books Online, Vocus PR, Drop Box, Evernote, FTP Hosting වැනි Cloud Based වැඩසටහන් භාවිතාකිරීම නිස ව්‍යාපාරික ක්‍රියවලීන් ඕනෑම තැනක සිට ඕනෑම වේලාවකදී සිදුකරගත හැකිය.මෙනිසා ගමනාගමන වියදම්වල විශාල ඉතිරියක් සිදුවන බවද නිතර කාර්යාලය වෙත යෑමේ අවශ්‍යතාවයක් ඇති නොවන බවද "Style House Public Relation"  සමාගමේ නිර්මාතෘ පවසයි.

තාක්ශණයේ මෙවන් නවමුකරණයන් නිසා ව්‍යාපාරික ආයතන හිමිකරුවන්ට පමණක් නොව සමස්ථ ව්‍යාපාරික ක්‍රියාවලීන් සමග සක්‍රීයව ගැටෙන සියලුම පාර්ශවයන් හට තම ව්‍යාපාරික ක්‍රියාවලීන් වේගවත්ව, ක්‍රමානුකූලව, නිවැරදිව, පහසුවෙන්, ලාභදායීව මෙන්ම ප්‍රතිඵලදායකව ඉටුකරගත හැකිවීම සැබැවින්ම සමස්ථ ව්‍යාපාරික ලෝකයම උඩුයටිකුරු කිරීමට සමත්ව ඇති බව කිසිදු විවාදයකින් තොරව පිළිගත යුතුව ඇත.