Thursday, February 11, 2016

ජංගම දුරකථන හා සමාජය



අතීතය මෙන් නොව තාක්ෂණය දියුණු වීමත සමගම මිනිසාගේ අවශයතාවයන්ද ඒ හා සමානව ඉහල ගිය යුගයක අන්තර් පුද්ගල සබදතා ඉතා සීඝ්‍රයෙන් ඩිජිටලීකරණයට ලක්වූයේ මුලු විශ්වයම ක්ෂණික ව කනපිට පෙරලමිනි.
කෙනෙකු සමග අදහස් හුවමාරු කරගැනීමට දුරකථන භාවිතාකල යුගය අද නව මන්පෙතකට යොමුව ඇත.හුදෙක්ම කතාකිරීමට පමණක් නොව කෙටි පණිවිඩ,චිත්‍රමය පණිවිඩ වලටත් එහා ගිය තාක්ෂණයක් ජoගම දුරකථනයේ ඇත.
ස්මාර්ට්  පෝන් යුගයේ නවමු පැතිකඩවල දොරගුලු දැන් විවර වී හමාරය.ගමන්කරනවිට,කාර්යාලයේදී,නිවසේදී පමණක් නොව එගෙනුම් ලබන පන්තිකාමරවලදී පවා ජoගම දුරකථන ගජරාමෙට කාර්යබහුල වී ඇත්තේ අන්තර්ජාලයට ප්‍රවිශ්ඨවීමට හෑකි පහසුම මගක් ස්මාර්ට් පෝන් හරහා විවරවීම නිසාය.තොරතුරු සෙවීමට ගූගල් කිරීමද අද මිනිසාගේ මතක ශක්තිය හා ආවර්ජන හැකියාව මොට කිරීමට සමත්ව ඇත.
කරුණු මතකතබාගැනීමේ අවශ්‍යතාවයක් දැන් නැත. ජoගම දුරකථන හරහා ගූගල් වෙත පිවිස අවශ්‍ය කරුනු ක්ෂණිකව වෙබ් අඩවි හරහා පීරා බැලීමට හැකිවීම මීට හේතුවයි.හොද හෝ නරක රූපරාමු,වීඩියෝ දර්ශණ කෂණිකව අන්තර්ජාලයට එක් කිරීමට තාක්ෂණය සමත්වී ඇත.ලොව පුරා තත්පර කිහිපයකදී බොහෝ දේ එක් කිරීමට ජoගම දුරකථනය සමත්ව ඇත.පුද්ගල අනන්‍යතාවයට හා විවිධාකාර වූ සමාජමය ගැටලු ඇතිකිරීමටද හේතුපාදක වී ඇත.
කෙසේ නමුදු මිනිසා යනු බුද්ධිමත් සත්වයෙක් බව අපි හොදින් දන්නෙමු. ජoගම දුරකථන මෙන්ම නවීන මෙවලම් හා තාක්ෂණය තමාට මෙන්ම සමාජයටද වැඩදායක ලෙස භාවිතා කිරීම අපසතු වගකීමකි.

සටහන:- තිස්ස නවරත්න විසිනි.