Thursday, June 10, 2021

ව්‍යාපාරික බුද්ධිය(Business Intelligence-BI)

ව්‍යාපාරික බුද්ධිය(Business Intelligence-BI)

IBM ආයතනයේ පර්යේෂකයෙකු ලෙස සේවයකල Hans Peter Luhn” විසින් ව්‍යාපාරික බුද්ධිය යන වචනය 1958 දී පළවූ ලිපියක දක්වා ඇත. එහිදී “දැනට පවතින සිද්ධි වල ඇති  අන්තර්සබදතා, අනාගත අරමුණු සදහා මාර්ගය පෙන්වන බව” දක්වා ඇත.1989 දී Howard Dresner” විසින් BI යනු “Umbrella Term” ලෙසත් “සිද්ධි මූලික කරගත් පද්ධති නිර්මාණය කිරීමෙන් ව්‍යාපාරයක් තුල තීරණගැනීම සිදුකල හැකි බවත් මේ සදහා ව්‍යාපාරික  සංකල්ප හා ක්‍රමවේදයන් භාවිතා කල හැකි බවත් පෙන්වා දෙන ලදී.

ඒ අනුව,ව්‍යාපාරික බුද්ධිය හෙවත් Business Intelligence යනු උපක්‍රම,තාක්ෂණික ක්‍රමවේදයන් රාශියක එකතුවකි.ව්‍යාපාරික ආයතනයක ව්‍යාපාරික තොරතුරුවල දත්ත විශ්ලේෂණ(Data analysis)කිරීමක් ලෙස සරලව අර්ථ දැකිවිය හැක.

මෙම ක්‍රියාවලි සඳහාම නිර්මාණය කරන ලද තොරතුරු පද්ධති(Information System) වලින් දත්ත ඒකරාශි කිරීම(Data gathering),දත්ත තැන්පත් කිරීම(Data storage),දැනුම කළමනාකරණය(Knowledge management) යන මූලික ක්‍රියාවලි සිදුකරයි.BI තාක්ෂණය හරහා විශාල මෙන්ම සංකීර්ණ දත්ත විශ්ලේෂණය කොට ව්‍යාපාරික ආයතනයක තීරණගැනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කරණු ලබයි.

BI ක්‍රියාවලියේදී භාවිතා වන තාක්ෂණය හරහා ව්‍යාපාරික ආයතනයක අතීත, වර්තමාන ක්‍රියාවලි විශ්ලේෂණය කිරීමෙන් ව්‍යාපාරික ක්‍රියාවලි පිළිබඳව පුරෝකථනයන් සිදුකරනු ලබයි. මෙම ක්‍රියාවලිය සදහා පහත දැක්වෙන පොදු කර්තව්‍යයන් තාක්ෂණික සහය ඇතිව සිදුකරයි.

ඒවානම්,ව්‍යාපාරාකට අවශ්‍ය වාර්තා සැපයීම,මාර්ගගතව ව්ශලේෂණ ක්‍රියාවලි සිදුකිරීම,දත්ත විශ්ලේෂණය,පාලක පුවරුව වැඩිදියුණුව(Dashboard development),Data mining, Process mining,සංකීර්ණ සිදුවීම් ක්‍රියාකරවීම,ව්‍යාපාරික කාර්‍ය්යසාධනය කළමනාකරණය,Text mining,පුරෝකථන විශ්ලේෂණය,නිර්දේශ විශ්ලේෂණය යනාදී වූ බහුවිධ,සංකීර්ණ මෙන්ම තාක්ෂණික ක්‍රියාවලි ඉතා කාර්‍යක්ශමව සිදුකරනු ලබයි.

BI තාක්ෂණයේදී ඉතා විශාල වූත්, ව්‍යුහගත හෝ ව්‍යුහගත නොවන දත්ත හඳුනාගැනීම, වැඩිදියුණුව හෝ නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය සදහා උපයෝගී කරගැනේ. ව්‍යාපාරික ආයතනයක් මෙවැනි තාක්ෂණික ශිල්පක්‍රම දියුණු කිරීමට උනන්දු වන්නේ ඒ හරහා ආයතනයක විශාල දත්ත විශ්ලේෂණයට හා පරිවර්තනයට පහසු වීමත්,තරගකාරී ව්‍යාපාරික ලෝකයේ නව අවස්ථා සොයාගැනීමටත්,ප්‍රතිඵලදායක ව්‍යාපාරික උපක්‍රම සූක්ෂම ලෙස සොයාගැනීමටත් ඒ හරහා ආයතනයේ දීර්ඝකාලීන ස්ථාවරත්වය පවත්වාගැනීමටත් යන කාරණාවලටය.

දීර්ඝ ඉතිහාසයක් සහිත ව්‍යාපාරික ආයතනවල අති විශාල වූ දත්ත(Big data)BI ක්‍රියාවලියට භාජනයකිරීමට පෙර විශාල දත්ත ගබඩාවක(Data warehouse),Data mart වැනි දත්ත ආචයන මාධ්‍ය වල තැන්පත් කොට BI තාක්ෂණය භාවිතයෙන් මෘදුකාංග වෙත ලබාගනී.එනිසා මෙම තාක්ෂණික ශිල්පක්‍රම දෙකම ඒකාබද්ධ කොට “BIDW” ලෙස නව සංකල්පයක් නිර්මාණය කොට ඇත.මෙහිදී Data warehouse  තුල ආයතනයක ව්‍යාපාරික දත්ත විශ්ලේෂණයෙන් ලබාගන්නා පිටපත් තැන්පත් කරගැනීම මූලිකව සිදුකරන අතර එම දත්ත එම ආයතනයේ තීරණගැනීමේ ක්‍රියාවලියට ඍජුවම යොදාගනී.

BI තාක්ෂණය විවිධාකාර වූ ව්‍යාපාරික ක්‍රියාවලි සදහා භාවිතා කෙරේ. එනම්,

ව්‍යාපාරික ක්‍රියාවලි කළමනාකරණය සදහා,

ව්‍යාපාරික දැනුම සොයාගැනීම සදහා මෙන්ම තීරණ අතරින් වඩාත්ම ගැලපෙන තීරණ ලබාදීම සදහා,

ව්‍යාපාරික ආයතනයේ වාර්තා අවශ්‍ය මොහොතේ ක්ෂණිකව ලබාදීම සදහා. මේ සදහා Data visualization, Execute Information systems, OLAP(Online Analytical Processing)භාවිතා කරයි.

ව්‍යාපාරික ආයතනයක ඇතුලත හා පිටත දත්ත හුවමාරුකරගැනීම හා විද්‍යුතමය වශයෙන් දත්ත හුවමාරුකරගැනීම සදහා (Electronic Data Exchange).

ව්‍යාපාරික දැනුම කළමනාකරණය (දැනුම නිර්මාණය, බෙදාහැරීම හා භාවිතය) සදහා.

BI තාක්ෂණයේදි භාවිතා වන දත්ත වර්ග කිහිපයක් ඇති අතර ඒවාගෙන් 85% වන ව්‍යාපාරික දත්ත ආවරණය කරයි. ඒවානම්,ව්‍යුහගත(structured),අර්ධ ව්‍යුහගත(Semi Structured),ව්‍යුහගත නොවන(Unstructured) දත්ත ලෙස දැක්විය හැක.BI හා Data Warehouse නිර්මාණයේදී ව්‍යුහගත දත්ත වඩා ප්‍රතිඵලදායක වේ.Business Intelligence, Data warehouse යන තාක්ෂණ ඒකාබද්ධ කොටගෙන වර්තමාන හා අනාගත ව්‍යාපාරික ක්‍රියාවලි වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රතිඵලදායක ලෙස භාවිතා කල හැක.