Wednesday, June 24, 2015

C ක්‍රමලේඛන භාෂාව


පරිගණක විද්යාවේ දී, C යනු පොදු කාර්ය පරිගණක භාෂාවක් වන අතර, මෙය ලොවට හඳුන්වාදුන්නේ 1969-1979 කාලය අතර AT&T බෙල් පර්යේෂණාගාරයේ දී ඩෙනිස් රිචී මහතා විසිනි.ALGOL සම්ප්රදායේ පවතින බොහෝ විධානාත්මක භාෂා වල මෙන්, C පරිගණක භාෂාවද ස්තිථික ටයිප් පද්ධති, බොහෝ අපෙක්ෂා නොකල කාරකයන් වළක්වද්දීත් ව්යූහාත්මක වැඩසටහන්කරණය පහසුකම් සැළසීම සහ lexical විචල් අවකාශයකට හා සහානුයාත වලට ඉඩදීම සිදු කරයි. C භාෂාවේ ප්රභව කේතයන් නිදහස් ආකෘතියක් ගන්නා අතර වැකි අවසන් කිරීම තිත් කොමාව(;) වැකි කාණඩගත කිරීම සඟල වරහන භාවිතා කරයි. එහි පවතින සැකැස්ම නිසා කාර්යක්ෂමව වැඩසටහනක ඇති අංගයන් ඊට අදාළ යන්ත් උපදෙස් වලට ඈඳීම කල හැකි අතර එම නිසා Unix පරිගණක මෙහෙයුම් පද්ධතියේ අඩංගු පද්ධති මෘදුකාංග වැනි Assembly පරිගණක භාෂාව භාවිතයෙන් ලියන ලද වැඩසටහන් පවා දිගින් දිගටම භාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.

C යනු මෙතෙක් ලොව වැඩියෙන්ම භාවිතා කර ඇති පරිගණක භාෂාව වන අතර C භාෂාව සඳහා භාෂා පරිවර්තකයක් දක්නට නොමැත්තේ ඉතා අඩු පරිගණක ආකෘතීන් කිහිපයක පමණකි.
C#, D, Go, Java, JavaScript, Limbo, LPC, Perl, PHP, Python, සහ Unix's C shell වැනි බොහෝ පසු කාලීන පරිගණක භාෂාවන් C පරිගණක භාෂාවේ ආභාෂය සෘජුව හෝ වක්රව ලබා ඇත. මෙවැනි භාෂාවල (Python භාෂාවේ හැර) වැඩිපුරම දක්නට ලැබෙන C භාෂාවේ බලපෑම් වන්නේ ඒවා සරල ආකෘතීමය රීතීන් වශයෙන් පැවතීම (syntactical) සහ C භාෂාවේ පවතින හඳුනාගන්නා ලද ප්රකාශනයන් හා වගන්ති ආකෘතීන් (syntax of C), බොහෝ විට වෙනස් විය හැකි මූලික type පද්ධති, දත්ත ආකෘතීන් හා අර්ථවිචාර සමග සංයුක්ත කිරීමට නැඹුරු වීමයි. C++ පරිගනක භාෂාව C භාෂාවේ පෙර සැකසුම් එකතුවක් වශයෙන් ආරම්භ වූ අතර වර්තමානය වන විට එය C භාෂාවේ මව් කුලකයක් (superset) ලෙස පවතී.

C භාෂාව සඳහා නිල ප්රමිතියක් තිබීමට ප්රථම ඩෙනිස් රිචී සහ බ්රයන් කර්නගෙන් විසින් රචිත අවිධිමත් පිරිවිතරක් මත බොහෝ භාවිතාකරන්නන් සහ ක්රියාවටනංවන්නන් විශ්වසය තබා තිබින. එම පිරිවිතර “K&R” C ලෙස හඳුන්වන ලදි. 1989 දී ඇමරිකානු ජාතික ප්රමිති ආයතනය C භාෂාව සඳහා ප්රමිතියක් ප්රකාශයට පත් කල අතර එයANSI Cහෝ C89 ලෙස හැඳින්වේ. ඉනික්බිති වර්ෂයේදී එම පිරිවිතරම ප්රමිතිකරණය සඳහා වන ජාත්යන්තර ආයතනය (ISO) අන්තර්ජාතික ප්රමිතියක් ලෙස (ව්යවහාරයේදී C90) ප්රකාශයට පත් කරන ලදි. 1995 දී ISO විසින් පසුව එම ප්රමිතියේ අන්තර්ජාතික සහයෝගීතවය උදෙසා තවත් දිගුවක් නිකුත් කරන ලදි. මෙම ප්රමිතිය 1999 දී සංශෝධනය කරන ලදි (ව්යවහාරයේදී C99). වර්ථමානයේදී භාවිතා කරන්නේ 2011 දෙසැම්බරයේ සම්මත කරන ලද C11 නම් ප්රමිතියයි.
More.....

From Wikipedia