Sunday, June 6, 2021

සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය(Internet of Things - IOT)

සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය(Internet of Things - IOT)


භූගෝලීය වශයෙන් වෙන්වුණු ප්‍රදේශ දෙකක ජීවත්වන මිනුසුන් හට සන්නිවේදන කාර්‍යයන් වඩා පහසුවෙන්,කාර්‍යක්ශම ලෙස සිදුකරගැනීම සදහා අන්තර්ජාලය මනා පිටුවහලක් වූ බව නොරහසකි. මිනිසුන්ට පමණක් නොව විවිධාකාර උපාංගවලටද අන්තර්ජාලය හා සම්භන්දවී තවත් උපාංග සමග සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සාකෂාත් කරගැනීම සදහා සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාල සංකල්පය බිහිවිය.

මෙය හුදෙක්ම සංකල්පයකට එහා ගිය ප්‍රායෝගික යෙදවුම් සමුදායකි.පරිගණකය,ජංගම සුහුරු දුරකථන වලට අමතර විවිධාකාර වූ විද්‍යුත් උපකරණ අන්තර්ජාලය හරහා සන්නිවේදන කාර්‍යයන් සිදුකරමින් එම උපකරණ දුරස්ථව පාලනයට පසුකම් ලබාදීම IOT තාක්ෂණය හරහා සිදුවේ.මෙම IOT තාක්ෂණයට් අදාල උපාංග නිර්මාණයේදී සංවේදක,මෘදුකාංග ,අන්තර්ජාල සම්බන්ධතා සහ ප්‍රතිචාර දක්වනයන් භාවිතා කරනු ලැබේ.

IOT සංකල්පය තුල භාවිතා කරනු ලබන ද්‍රව්‍ය ලෙස, “Real time analytics, Machine Learning, Ubiquitous Computing, Commodity Sensors, Embedded Systems” යන ද්‍රව්‍ය දැක්විය හැක.

පාරිභෝගික වෙළෙඳපොලේදී බහුලවශයෙන් “සුහුරු නිවාස- Smart Home” සංකල්පය භාවිතාවේ.නිවාස තුල භාවිතා කරන Lightning fixes, Thermostat, Home Security Systems, Camera සහ අනෙකුත් උපකරණ මෙම IOT තාක්ෂණය හරහා පහසුවෙන් පාලනය හා සන්නිවේදනය කල හැකි වීම විශේෂත්වය වේ.

මෙම සංකල්පය තුල භාවිතාකරන උපාංග පාරිභෝගික,වෙළෙඳ,කර්මාන්ත,යටිතල පහසුකම් ලෙස වර්ගකල හැක.පාරිභෝගික උපාංග ලෙස ගෘහස්ථ ස්වයංක්‍රීය උපකරණ(Room control unit, Thermostat, Ring video doorbell, Home smart lock) යනාදිය දැක්විය හැක.මෙම උපකරණ “ස්මාර්ට් හෝම් හබ්(Smart home hub)ලෙස හැඳින්වෙන Amazon Echo, Google Home, Appl's Home Pad, Samsung Smart Thing Lab මෙන්ම විවෘත කේත මෘදුකාංග ලෙස Home Assistant ,OpenHAB ,Domoticz හරහාද පාලනය කල හැක.

IOT වල තවත් ප්‍රධාන භාවිතක් ලෙස වැඩිහිටි සුරැකුම් (Elder Care) දැක්විය හැක. විවිධ ආබාධ ඇති වයස්ගත ප්‍රජාව සදහා IOT උපාංග මනා පිටුවහලක් සපයයි.”Voice control” නැමති යෙදුම ඒකාබද්ධ කිරීම හරහා වඩා පහසුවෙන් මෙම උපකරණ හැසිරවීමට හැකිවී තිබේ.

වෛද්‍ය හා සෞඛ්‍ය අංශ තුල භාවිතයට ගැනෙන "Internet of Medical Things(IOMT)” ලෙස යෙදුමක් භාවිතා වේ.එම යෙදුම හරහා ක්‍රියාත්මක වන උපාංග Smart Healthcare” ලෙස හැඳින්වේ.Remote health monitoring ,Emergency notification system හරහා මෙම උපකරණ ක්‍රියාත්මක වේ.රෝගීන්ගේ රුධිර පීඩනය,හදවතේ ක්‍රියාකාරිත්වය වැනි අතාවශ්‍යාකරුණු IOT උපාංග වලින් පරීක්ෂා කර බලා එම තොරතුරු අන්තර්ජාලය හරහා අදාල අංශ වෙත සන්නිවේදනය කරනු ලබයි.එමෙන්ම දුරස්ථව සිටින රෝගියෙකු පරීක්ෂා කිරීම(Remote monitoring) සදහාද IOT තාක්ෂණය භාවිතා කරයි.මෙම IOMT යෙදුම් හරහා රෝගීන්ගේ ජීවිත අවදානම සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට හැකියාව ලැබී ඇත.

රක්ෂණ අංශය තුලදී පාරිභෝගිකයාගේ සෞඛ්‍ය තත්වය පිරික්සීම සදහා සංවේදක වර්ගයක් වන “ Bio Sensors” මෙන්ම Wearables, Connected health devices හා ජංගම යෙදුම් භාවිතා වේ.

ගමනාගමන(Transportation) වලදී  විවිධ ගමනාගමන පද්ධති සමග සන්නිවේදනට,පාලනයට හා තොරතුරු සැකසීමේ ක්‍රියාවලියට IOT තාක්ෂණය භාවිතාවේ.Smart traffic control, Smart parking, Electronic toll collection systems, Logistics, Fleet Management, Vehicle control වැනි භාවිතයන් වඩා ආරක්ෂකාරීව සිදුකරගැනීමට IOT තාක්ෂණය භාවිතා වේ.වාහන හා වාහන අතර(V2V), වාහන හා අනෙකුත් වස්තු අතර(V2X), වාහන හා පදිකයන් අතර(V2P) හා වාහන හා යටිතල පහසුකම් අතර(V2I) අතර මනා සන්නිවේදනයක් ඇතිකරගැනීමට IOT තාක්ෂණය භාවිතා වේ.

ගොඩනැගිලි තුල අඩංගු යන්ත්‍රසූත්‍ර,විදුලි උපකරණ පිරික්සීම හා පාලනය සදහා Building automation systems” භාවිතා වේ.මෙම යෙදුම IOT තාක්ෂණය හරහා ක්‍රියාත්මක වේ.අන්තර්ජාලය හා ගොඩනැගිලි තුල ඇති බලශක්ති ප්‍රභව ඒකරාශී කරගනිමින් මෙම යෙදුම IOT තාක්ෂණය හරහා ක්‍රියාත්මක වන අතර එම සංකල්පය Smart Building” ලෙස හඳුන්වයි.

පාරිසරික වෙනස්වීම් ග්‍රහණය කරගැනීම සදහා “Environment Monitoring” නම් වූ යෙදුම ක්ෂුද්‍ර පාලක මූලික කොටගෙන IOT සංකල්පය මට ක්‍රියාත්මක වන යෙදවුමකි.ජලයේ තත්වය, වායුගෝලයේ තත්වය, පසේ තත්වය මෙන්ම සතුන් හා ඔවුන්ගේ හැසිරීම් රටා අධීක්ෂණය කොට එම විස්තර එකතුකොට අදාල පාලන මධ්‍යස්ථාන වෙත ලබාදීම තුලින් පරිසරය ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබී තිබේ.සුනාමි,භූචලන,නායයෑම්,ගංවතුර තත්ව,අධික සුලං,වර්ෂාපතන තත්ව වැනි ස්වාභාවික ව්‍යසනයන් කල්තියාම හදුනාගෙන ඒ හරහා මිනිස් හා සත්ව ජීවිත,දේපල හානි අවම කර ගැනීමට හැකියාව ලැබී ඇත.

IOT තාක්ෂණය මෙලෙස තවත් විවිධාකාර අංශ (සමුද්‍රීය කලාප, හමුදා, බලශක්ති කළමනාකර, යටිතල පහසුකම්) සදහා ඉතා සාර්ථකව භාවිතයට ගැනේ.

මෙලෙස IOT තාක්ෂණය සදහා සහය ලබාදෙන රැහැන් රහිත(Wireless) තාක්ෂණික ක්‍රම ලෙස ,Bluetooth,Zigbee,Z-Wave,LoRa,NB-IOT,CatM1 දැක්විය හැක.IOT තාක්ෂණයේ අවාසි ලෙස,ආරක්ෂාව ,දත්ත තැන්පත් කිරීමට වැඩි ආචයන ධාරිතාවක් වැයවීම,වේගවත් අන්තර්ජාල සම්භන්ධතා අවශ්‍යවීම,පරිසරයේ ස්ථිරසාරත්වයට ඇතිවන බලපෑම යනාදිය දැක්විය හැක.