Saturday, June 4, 2016

තාක්ශණය හා මිනිස් මොළය


තාක්ශණයේ සීග්‍ර දියුණුවට මිනිසාගේ සමස්ථ ජීවන රටාවට විවිධාකාරයෙන් බලපා ඇති බව අප කාටත් මනාව වැටහෙන කරුණකි.මිනිසාගේ ශරීරය,මනස,ජීවන රටාව,මතකය,අවධානය පමණක් නොව නිදි චක්‍රය (Sleep Cycle) පවා වෙනස් කොට ඇති බව ලෝ වටා නිරන්තරයෙන් කරණු ලබන පර්යේෂණ වලින් මනාව තහවුරු කොට ඇත.

මිනිසාගේ මොළය වූකලී අසීමිත හැකියාවන් වලින් පිරිපුන් වූ අසිරිමත් නිර්මාණයකි.තාක්ශණයේ දියුණුව සමග මිනිසාගේ මොළයේ හැකියාව ටිකෙන් ටික මොට වෙමින් පවතින බවට ඕනෑ තරම් උදාහරණ මගින් පෙන්වා දිය හැක.ඉතාම සරල ගණිතකර්මයක්  වුවද විසදීමට අද ගණක යන්ත්‍රයක් අවශ්‍යම වී ඇත.නැතහොත් අපේ මොළයේ හැකියාවන් අද තාක්ශණයට බාරදී ඇත.කරුණු මතක තබාගැනීමට මොළය භාවිතාකිරීම ,විශේෂ සිදුවීම් මතකතබාගැනීම වෙනුවට රිමයින්ඩස් (Reminders),ඇලරට් (Alert) භාවිතය විලාසිතාවක් බවට අද පත්ව ඇත.

මහාචාර්ය Susan Greenfield පවසන ආකාරයට තාක්ශණය මිනිසා හා මිනිසාගේ මොළය වෙනස් කිරීමට සමත්ව ඇති බවද මේ නිසා මිනිසා තම පෞද්ගලික අනන්‍යතාවය,තමා කවුරුන්ද යන වග,තමා කරන කියන දෑ මෙන්ම ප්‍රතිචාර දැක්වීම යනාදී කරුණු කාරණා අවබෝධ කරගැනීමට පවා අපොහොසත් වීම නිසා බලාපොරොත්තු නොවූ අර්බුධයකට මුහුණ දී ඇති බව පෙන්වා දෙයි.

සමාජ විද්‍යාඥ William Ogburn 1934 දී ප්‍රකාශ කොට ඇති පරිදි යන්ත්‍ර සමග ජීවත්වන මිනිසුන් තම සමාජ,පාරිසරික,සන්ස්කෘතික සබදතා වලින් වෙන්වී යන නැඹුරුතාවයක් දක්වන බවයි.මෙය සෘජුවම තාක්ශණය නිසා මොළය තුල සිදුවී ඇති වෙනස්කම් නිසා ඇති වී ඇති මානසික තත්වයක් බව දැක්විය හැක.
2008 වර්ෂයේදී Scotland's Dundee Unuvercity විසින් කරණලද පර්යේෂණයකට අනුව සුදු,කලු වර්ණ සහිත රූපවහිනී තිර නරඹන පුද්ගලයින් සිහින දකින්නේද එම වර්ණම මූලික කොටගෙන බවය.මෙය තාක්ශණය විසින් මොළයේ ඇතිකරන ලද ස්වභාවයකි.

මිනිසාගේ ස්නායු ක්‍රියාකරීත්වය සම්බන්ධව පර්යේෂණ කරනු ලබන විද්වතුන් ප්‍රකාශකරන පරිදි Laptop,Tablet,Smartphone වලින් නිකුත්වන ආලෝකය මිනිසාගේ නිදි චක්‍රය වෙනස් කිරීමට බලපාන බවද එයට හේතුව රාත්‍රියේදී පවා ඩිජිටල් උපකරණ භාවිතාකරන කෙනෙකුගේ මොළය විසින් රාත්‍රීකාලය ලෙස නොව එය දිවාකාලය ලෙස වැරදි  ලෙස හදුනාගැනීම නිසා නිදි චක්‍රය අක්‍රමවත් වී නින්ද නොයෑමේ රෝග වලට මිනිසුන් මුහුණ දී ඇති බවද පෙන්වා දී ඇත.

Halo,Call of Duty වැනි  Shooter ඩිජිටල් ක්‍රීඩා නිසා මිනිසාට තීරණගැනීම් හා දැකීමේ හැකියාවන් වැඩි දියුණු වන බව 2013 වර්ෂයේදී සොයාගන්නා ලදී.එමෙන්ම මෙම ක්‍රීඩා වල නිරත ක්‍රීඩකයන් නොරිස්සුම් ගති ඇති ආක්‍රමණශීලී හැසිරීම් රටා සාමාන්‍ය ජීවිතයේදීද පෙන්වනබව සොයාගෙන ඇත.

තාක්ෂණයේ වේගවත් ප්‍රගමණය නිසා මිනිස් මොළයේ දියුණුව මෙන්ම පරිහානියද සිදුවනබව ඉහත කරුණු අධ්‍යයනය කිරීමෙන් අප කාටත් වැටහෙන සත්‍යයකි.තාකෂණය වුවද සීමාවට වඩා ජීවිතයට එකතුකර ගැනීම මොළයේ හිතකර වෙනසක් ඇතිකිරීමට හේතුපාදක වනවාට වඩා අහිතකර වන බව අප කවුරුත් හොදින් සිහියේ තබාගත යුතුය.ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත යන කියමනේ සත්‍ය මේ සෑම කරුණකින්ම ඉස්මතුවන බව කිව යුතුමය.

සටහන:- තිස්ස නවරත්න විසිනි