Monday, June 14, 2021

වෙබ්2.0 - Web 2.0

වෙබ්2.0 - Web 2.0


අප දැනටමත් අන්තර්ජාලය,වෙබ් අඩවි තුල නිරතුරුවම සැරිසරන්නෙමු.එහි ඇති බහුමාධ්‍යන් භාවිතා කරන්නෙමු.ප්‍රවෘත්ති,කාලගුණ වාර්ථා,විනෝදකාමී වැඩසටහන්,චිත්‍රපට,සමාජජාලා,අන්තර්ජාල ආශ්‍රිත ක්‍රීඩා එදිනෙදා ජීවිතය හා බද්ධවී ඇත.

එසේනම් වෙබ්2.0 යන තාක්ෂණය කුමක්ද?වෙබ් 1.0 යන සංකල්පයේදී වෙබ් අඩවි පරිශීලකයන්ට එම වෙබ් අඩවි තුල පවතින අන්තර්ගතයන් පරිහරණයට පමණක් ඉඩ ලැබුණි.නමුත් වෙබ්2.0 තාක්ෂණයේදී පරිශීලකයන්ට වෙබ් අඩවි තුලට බහුමාධ්‍යන් ආතුලත්කිරීමට අවස්ථාව ලබාදී ඇත.මෙය මෙය වෙබ්2.0 තාක්ෂණයේ ඇති පැහැදිලිම වෙනසයි.විකි,බ්ලොග්,සමාජ මාධ්‍යය තුල බහුලව පවතින්නේ පරිශීලකයන් විසින් ඇතුලත් කල බහුමාධ්‍යන් වේ.

වෙබ්2.0 හි පරිශීලකයන් එකිනෙකා අතර තොරතුරු සමාජ ජාල මූලික කරගෙන හුවමාරු කරගනී.මෙහිදී අතත්‍ය සමාජයක්(Virtual Community) බිහිවී තිබේ.වෙබ් 2.0 තාක්ෂණයේ ප්‍රධාන ලක්ෂණ ලෙස,

තොරතුරු වර්ගීකරණය කලහැකි වීම. (Folksonomy)

ඉහල පරිශීලක අත්දැකීම් (Rich user participation). උදාහරණ ලෙස,විකිපීඩියාහි අන්තර්ගතයන් පරිශීලකයන්ට වෙනස්කල හැකිලෙස සකසා තිබීම.

ඉහල පරිශීලක සහභාගීත්වය (Rich user participation)

මෘදුකාංග සේවාවක් ලෙස ලබාදීම. (Software as a service-SaaS)- වලාකුළු පරිගණක තාක්ෂණික සේවාවක් ලෙස සැලකෙන මෙම සේවාව වෙබ් අතරික්සුව මත භාවිත මෘදුකාංග ක්‍රියාත්මක කරගතහැකි තාක්ෂණයකි.

බහුතර සහභාගීත්වය (Mass participation) යනාදිය දැක්විය හැක.

මෙම වෙබ් අඩවිවල සෙවුම්,අධිසන්ධාන,අන්තර්ගතයන් වෙනස්කිරීමේ බලය,ඇමුණුම්,මෘදුකාංග කොටස් එකතුකිරීම,සංඥා ක්‍රම(RSS)වැනි ගතිලක්ෂණ හා තාක්ෂණයන් දක්නට ලැබීම වෙබ්1.0 හා සැසදීමේදී හමුවන පැහැදිලි වෙනස්කම් වේ.

වෙබ් 2.0 තාක්ෂණයේ වැදගත් කොටසක් වන සමාජ වෙබ් අඩවි(Social websites)දැක්විය හැක.මෙම වෙබ් අඩවි තුල මාර්ගගත යෙදවුම්(Online tools) හා පරිශීලකයන් අතර අදහස්,සංකල්ප,පළපුරුද්ද,හැගීම් යනාදිය හුවමාරුකරගැනීමට මනා වේදිකාවක් සපයයි.මෙම වෙබ් අඩවි තුලදී පරිශීලකයා,පරිශීලකයෙකු පමණක් නොව වෙබ් අඩවි පෝෂණය සදහා උදව්කරුවෙකුද වේ.මේ සදහා පොඩ්කාස්ට්,බ්ලොගින්,ටැගින්ග්,කර්වින්ග් විත් RSS, Social bookmarking,සමාජ ජාල,සමාජ මාධ්‍ය,විකි,Web content voting(Review or Rating site) භාවිතා කරයි.වෙබ් 2.0 තාක්ෂණය බ්ලොග්,විකි,සමාජ ජාල යන තාක්ෂණයන් නිසා ලොවපුරා ප්‍රසිද්ධ වී ඇත.

මෙම තාක්ෂණය සමාගම්,ලාභ නොලබන ආයතන(Non-profit organization),රජයන් විසින් තම සේවාලාභියා වෙත විවිධ භාණඩ,සේවාවන් සැපයීම සදහා අලෙවිකරණ මාධ්‍යයක් ලෙසද භාවිතා කරයි.වෙබ්2.0 මෙවලම් භාවිතයෙන් පාරිභෝගිකයන් සම්බන්ධ කරගැනීම හරහා ඔවුන්ගේ භාණ්ඩ,සේවාවන් දියුණු කරගැනීම හා ප්‍රචාරණය කරගැනීමට භාවිතා කරයි.මෙම ආයතන අතර සම්බන්ධතාවයන් ගොඩනගාගැනීම,පවත්වාගැනීම,වැඩිදියුණුකර ගැනීම,නව ව්‍යාපාරික සහකරුවන් සොයා යාම සදහාද භාවිතා කරයි.

සංචාරක ක්ෂේත්‍රය(Tourism industry) තුලදී වෙබ්2.0 තාක්ෂණය ඉතා සාර්ථක වී ඇත.අතත්‍ය සමාජ ජාල(Virtual networks) ගොඩනගාගැනීම හරහා සංචාරක සමාගම් තම ව්‍යාපාරික කටයුතු මනාව සිදුකරගනී.”Trip advisor” වැනි මාර්ගගත සාකච්ඡා පෝරම (Discussion forum) හරහා සංචාර, හෝටල්, ගමනාන්ත සදහා උදව් ලබාගනී. සමාජජාල වෙබ් අඩවි සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සදහා වෙබ්2.0 තාක්ෂණය මනා පිටුවහලක් දක්වයි.

අධ්‍යාපන ක්ෂේත්‍රය සාදහාද වෙබ් 2.0 තාක්ෂණය මනා සහයෝගයක් දක්වයි.බ්ලොග් අඩවි හරහා තම දැනුම පහසුවෙන් සමාජගත කල හැකි වීම විශාල වාසියකි.මාර්ගගත(Online) අධ්‍යාපනය සදහා විවිධ මෘදුකාංග වලට ක්‍රියාත්මක වීමේ හැකියාව ලැබී ඇත.වදන් සැකසුම්,පැතුරුම්පත්,ප්‍රදර්ශණ මෘදුකාංග “Ajax” වැනි වෙබ් අඩවි දියුණු කරන තාක්ෂණයන් හරහා පරිශීලකයන්ට ලබාගත හැකිවී ඇත.

“EyeOs”, ”YouOs” වැනි සේවාදායක පරිගණක හරහා ක්‍රියාත්මකවන මෙයෙහුම් පද්ධති වෙබ්2.0 මත මනා සේවයක් පරිශීලකයන්ට ලබාදේ.

වෙබ්2.0 මත ක්‍රියාත්මක වන ගතික වෙබ් අඩවි(Dynamic Websites) හරහා බහුමාධ්‍ය හුවමාරු කිරීම සදහා වේගවත් තාක්ෂණයන් වන XML(Extensible Markup Language) මත පදනම්ව RSS(Really Simple Syndication),RDF(Resource Description Framework)හා Atom ලෙස හැඳින්වෙන වෙබ් ප්‍රමිතීන් භාවිතා වේ.මද්‍යගත වෙබ් අඩවි මත අන්‍යොන්‍ය ලෙස බලපැවැත්වීම සදහා FOAF(Friend of a friend)- මේ හරහා පරිශීලක කණ්ඩායම් වලට මද්‍යගත දත්ත ගබඩාවක් රහිතව සමාජජාල් හරහා සම්බන්ධ විය හැක. XFN (XHTML Friends Network) නමින් හැඳින්වෙන HTML (Hyper Text Markup Language) මත පාදක වූ ප්‍රොටොකෝලය(Protocol) මගින් පරිශීලකයන් අතර සංධාන(Links) හරහා සබඳතා ගොඩනගාගැනීමට නිපදවා ඇත.

වෙබ් 2.0 තාක්ෂණය හරහා ක්‍රියාත්මකවන  REST” ආකෘතිය හා SOAP” හරහා භාවිත වැඩසටහන් අතුරුමුහුණත්(Application Programming Interface-API) භාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.

වෙබ් තාක්ෂණයේ නිර්මාතෘ වන “Tim burners lee” විසින් වෙබ්2.0 පිළිබඳව ප්‍රකාශ කොට ඇත්තේ, කිසිවෙකු වෙබ්2.0 පිළිබඳව සත්‍යවශයෙන් නොදන්නා බවත්,බ්ලොග් හා විකි වැනි වෙබ් අඩවි හරහා මිනිසුන් හා මිනිසුන් අතර පවතින සබඳතාවයක් බවයි.කෙසේ නමුත් වෙබ් යනු මිනිසුන් එකිනෙකා අතර සහයෝගයෙන් ක්‍රියාකිරීම සදහා නිර්මාණය කොට ඇති වඩා රසවත් අවකාශයක් බවයි”.