Tuesday, October 10, 2017

පෘතුවිය තවදුරටත් මිනිසාගේ පැවැත්ම සදහා සුදුසුද?


අතීතයේ පටන් මිනිසාගේ විවිධාකාර වූ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස පෘතුවිය මිනිසාට තව දුරටත් ජීවත්වීම සදහා නුසුදුසු වෙමින්  පවතින බව,ඔක්ස්ෆර්ඩ් සරසවියේ භෞතික විද්‍යා මහාචාර්ය "හොස්කින්" මහතා අනතුරු හගවයි.

කාර්මිකකරණය සහ නොයෙකුත් විෂ රසායනික ක්‍රියාවලි නිසා පෘතුවි ජීවීන්ට අනාගතයේදී භයානක වසංගත රෝග,අභාවකාශ වස්තු පතිතවීම හෝ උල්කාපාත වර්ෂාවන් වැනි දේ වලට මුහුණදීමට සිදුවන අතර එයට මුහුණදීමට මිනිසාට හැකියාවක් නොමැති වීම නිසා මිනිසා මිහිමතින් තුරන්වීම නවතාලිය නොහැකි බව ඔහු අනතුරු හගවයි.

ගෝලීය උණුසුම ඉහලයාම හේතුවෙන් දැනටමත් ග්‍රීන්ලන්තය දියවීමට පටන් ගැනීමෙන් බ්‍රිතාන්‍ය‍ය අයිස් යුගයක් කරා ගමන් කරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටී.එමෙන්ම පසුගිය මාස කීපය තුල සිදුකල ගවේෂණ වලින් හෙලි වී ඇති පරිදි සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අතුරුදහන් වී ඇති බවද ඔහු පවසයි.

මහාචාර්ය හෝකින් යනු පෘතුවියේ අනාගතය පිලිබදව රෝද පුටුවේ සිට නොයෙකුත් ජනප්‍රිය අනාවැකි පළකරන්නෙකු වන අතර ඔහුගේ දත්ත වලට අනුව දේශගුණික විපර්යාස,වසංගත රෝග,ග්‍රහ වස්තු වල විපර්යාස නිසා මිනිසාට සිදුවන අනතුරු වලින් බේරීමට නම් ඉදිරි වසර 100 තුල මිනිසා පෘතුවියෙන් ඉවත්විය යුතු බවද ඔහු පසුගිය වසරේ ඔක්ස්ෆර්ඩ් සන්සදයේදී අනතුරු හගවා තිබේ.

කෙසේ නමුදු ඔහුගේ මෙවැනි අනාවැකි වලින් අපට පසක් වෙන්නේ බුදුන් වහන්සේ දේශනා කල ලෝක විනාශයම වැඩි ඈතක නොවන බව නොවන්නේද?
සටහන:-තිස්ස නවරත්න විසිනි.