නෙත පින්නවන දසුනක් දුටුවිට එය කැමරාගත කර ගැනීම අප පුරුදු වී සිටින්නෙමු.නිතර කැමරාවක් අත නොමතිවීම රූප රාමු ගැනීමට අද බාධාවක් නොවන්නේ ස්මාර්ට් ජන්ගම දුරකතනයෙන් එම කාරිය මනාව ඉටුකොට ගත හැකි බැවිනි.තම දෛනික කටයුතුවලදී පවා රූප ගැනීම අද විලාසිතාවක් බවට පත්ව ඇත.
සීමාව ඉක්මවා සෙල්ෆි ගැනීම මානසික සමබරතාවයට ගැටලුවක් ඇතිකරන බව විද්වතුන් සිදුකල පරීක්ෂණ වල ප්‍රතිඵල දෙස බැලූවිට දැන් පෙනීගොස් ඇත.සෙල්ෆි ගැනීම සමහර පුද්ගලයන්ගේ හුදු විනෝදාංශයක් බවට අද පත්ව අත්තාක් සේම එය විලාසිතාවක් බවටද පත්ව ඇත.කරුනු කෙසේ වුවද තම ජීවිත අනතුරු ගැනද නොසලකා සෙල්ෆි ගැනීම අද උන්මාදයක් බවට පත්ව ඇත.සමාජීය ගැටලු රැසකටද අත වැනීමට මෙම සෙල්ෆි කලාව දායක වී ඇත.
සෙල්ෆි නිසාම වැළදෙන "සෙල්ෆයිටිස්" ලෙසින් හැදින්වෙන මානසික රෝගයක් ගැන APA(American Psychsrtic Association) නොබෝදා අනාවරණය කරගෙන ඇත.සෙල්ෆි කලාව හිණිපෙත්තේම වැජඹුනු අවධියේ APA මගින් මෙය මානසික රෝගයක් බවට පත්විය හැකි බැව් අනතුරු හැගවුවද එය ගණනකට නොගැනීම නිසා සෙල්ෆයිටිස් නම් වූ මානසික රෝගය දක්වා එය ඔඩුදිවීමට හේතුපාදක වී ඇත.
මෙය කොතරම් දරුණු තත්වයකට පත්වී ඇතිද යන්න පවසනවානම් සෑම පුද්ගලයින් 12 දෙනෙකුටම 1 අයෙක් සෙල්ෆයිටිස් රෝගයෙන් පෙළෙනබව සොයාගෙන ඇත.මෙහි අවධි 3 ක් ඇති බවද පළමු හා දෙවන අවධියේ පසුවන්නන් සුව කිරීමට පහසු වුවත් තෙවන අවධිය ගැන විශ්වාස තැබිය නොහැකි බව APA හි විද්වතුන්ගේ මතයයි.
අසාමාන්‍ය ලෙස නොනවත්වා සෙල්ෆි ගැනීමට යම් කිසි කෙනෙකු නිරන්තරයෙන් යොමුවේනම් සහ එම සෙල්ෆි සමාජ ජාල ගත කරනවානම් එවන් අය ගැන විශ්ෂ සැලකිල්ලක් දක්වන ලෙස APA අනතුරු හගවයි.තාක්ශණය දියුණු මෙවන් ලෝකයක විවිධ විකාරරූපී ක්‍රියාවලීන් ඉදිරියටත් වැඩි වැඩියෙන් සිදුවිය හැකි සේම මිනිසුන්ගේ මානසික සමබරතාවය රැකගැනීමට නම් සිහිකල්පනාවෙන් එම තාක්ශණය බුක්තිවිදිය යුතු බවද කිවමනාය.නැතහොත් මෙලොව සෑම පුද්ගලයෙක්ම තාක්ශණය සීමාව ඉක්මවා භාවිතාකිරීම නිසා විවිධ රෝගපීඩා වලට පත්වීම වැළැක්විය නොහැකි බව දැන් පසක් වී හමාරය.
සටහන:- තිස්ස නවරත්න විසිනි