Monday, August 1, 2016

සමාජ ජාල භාවිතය රෝගවලට අතවැනීමක්ද?




දියුණුවන ලෝකයත් සමග තාක්ෂණයේ නවමුකරණයන් සිදුවීම මිනිසාගේ දියුණුවට මෙන්ම පරිහාණියටද හේතුපාදක වන බව අපකවුරුත් හොදින් දන්නා කරුණකි.සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන ප්‍රමාණය එන්න එන්නම වැඩිවීම තුලින් අපට වැටහෙන කරුණ නම් එය අද බාල,තරුණ,මහළු කාටත් අවශ්‍ය මෙවලමක් බවට පත්ව ඇතිබවයි.

සමාජජාල වෙබ් අඩවි තම එදිනෙදා ජීවන රටාවන් වලට ඉතා තදින් බද්ධ වී ඇතිබව එය භාවිතා කරන කාටවුවද වැටහෙන කරුණකි.ගමන් බිමන් වල යෙදුනද,කෑමක් බීමක රස බැලුවද,අළුත් ඇදුමක්,මෙවලමක් මිලදී ගත්තද,ප්‍රිය සම්භාෂණයකට සහභාගී වුවද මෙකී නොකී කුමන ආකාරයේ ක්‍රියාවලියක නිරත වුවද එහි රූපරාමු,වීඩියෝ දර්ශණ සමාජ ජාල වෙබ් අඩවි වෙත යොමු කොට කැමැත්ත (Likes) කොතරම් ප්‍රමාණයක් ලැබී ඇතිද යන්න විමසා බලා සතුටුවීම අද උන්මාදයක් බවට පත්ව ඇත.එලෙසම ඒවා නරඹන අය දක්වන විවේචනයන් (Comments) බලා සතුටු වීම හෝ නොසතුටු වීම නිසා එය විවිධ රෝග රැසකට අතවැනීමක් බවට පත්ව ඇත.

මෑතකාලයේ ඇමරිකාව ආශ්‍රිත අධ්‍යනයකදී "National Institute Of Mental Health"නැමති අනුග්‍රාහක ආයතනය හදුනාගත් පරිදි සමාජ ජාල වෙබ් අඩවි භාවිතය හා මානසික අවපීඩනය (Depression) අතර විශාල සබදතාවයක් පවතින බව සොයාගෙන ඇත.එමෙන්ම සමාජ ජාල වෙබ් අඩවි භාවිතාකරන කාලය,ප්‍රමාණය අනුව මානසික අවපීඩනය ඉහලගොස් ඇති බවද සොයාගෙන ඇත.

මානසික අවපීඩනය ඇතිවීමට සමාජ ජාල තුලට ඇතුලත් කරන අන්තර්ගතයන් හේතුවන බවද පර්යේෂකයන් විසින් තහවුරු කොට ඇත.කෙනෙකු තමාට වඩා සතුටින්,සැපෙන් ජීවත්වන රූපරාමු,වීඩියෝපට දැකීම තුලින් තම පිලිබද ආත්ම සම්මානය (Self Esteem) අඩුවීම දැක්විය හැක.සංසන්දනය කිරීම මිනිසාගේ සහජ පුරුද්දක් වීම ඊට හේතුවයි.

දීර්ඝ කාලයක් සමාජ ජාල වෙබ අඩවි භාවිතා කිරීම නිසා "Decision Paralysis",දුෂ්ඨි ආබාධ මෙන්ම නිදි චක්‍රය (Sleep -Cycle) අක්‍රමවත් වී විවිධ රෝගවලට ලක්වීමේ අවධානමක්ද පවතින බව මේවන විට පර්යේෂකයින් සොයාගෙන ඇති කාරණා අතර කිහිපයකි.

දිගින් දිගටම සමාජ ජාල භාවිතය පුරුද්දක් කර ගැනීම නිස එයට ඇබ්බැහිවීම සිදුවන බවද ඒ නිසාම අධික තරබාරුකම,දියවැඩියාව,කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහලයාම,බෙල්ල,කොන්ද,අතපය ආශ්‍රිත ආබාධ ඇතිවීම නිසා මිනිසා රෝගීන් බවටද පත්ව ඇති බවද සොයාගෙන ඇත.

රෝගාබාධ පමණක්ම නොව සමාජ සබදතා බිදවැටී සමාජයෙන් කොන්වීම,යහපත් හැකියාවන් මොටවීයාම වැනි බරපතල සමාජීය ගැටලු රැසකටද සමාජජාල වෙබ් අඩවි වලට ඇබ්බැහිවීම නිසා ඇතිවන බව පර්යේෂකයින්ගේ මතයයි.