එදිනෙදා වැඩකටයුතු සදහා යම් මට්ටමක හෝ පරිගණක දැනුමක් තිබීම යුගයේ අවශ්‍ය තාවයක් වී ඇත.කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා පරිගණක භාවිතා කරන යුගයක් අප පසුකරමින් සිටින්නෙමු.දියුණු යුරෝපා රටවල නම් ආසන්න වශයෙන් 80% වත් ජනතාව තම එදිනෙදා වැඩකටයුතු සදහා තොරතුරු තාක්ෂණය මෙවලමක් ලෙස භාවිතා කරන බව අප කාටත් නොරහසකි.තම ආහාරවේල පවා අන්තර්ජාලය හරහා ඇණවුම් කරන මිනිසුන් වෙසෙන ලෝකයක කුප්පිලාම්පුවේ කනාමැදිරි එලියෙන් ජීවත්වන මිනිසුන්ද නොඅඩුව වෙසෙති.
කරුණු කෙසේ වුවද ශ්‍රීලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල තොරතුරු සන්නිවේදන සාක්ෂරතාවය යන මාතෘකාව කථාකිරීම පවා එක් අතකින් හාස්‍යජනක කාරණයකි.ඒ මන්ද යත් අත්‍යාවශ්‍ය පහසුකම් හෝ නොමැති මිනිසුන් අප රටේ කොතරම් අතිද?ඔවුන් හමුවේ තොරතුරු සන්නිවේදන සාක්ෂරතාව ගැන උදම් ඇනීම හරියට කනාට මැණිකක අගය කියනවා වැනිය.එයට හේතුව නම් පරිගණක යන්ත්‍රයක් ස්පර්ශ කිරීමට පවා වරම් නොලද ජනතාව තවමත් අපරට තුල ජීවත්වන බැවිනි.මුදල් යහමින් ඇති අයට නම් කෑම වට්ටෝරු බැලීමට පවා අන්තර්ජාල පහසුකම් ඇත.ඔවුන් හමුවේ මෙම කාරණය පයපාමුල ගෑවෙන දූවිල්ලකට සමානය.
සත්‍යවශයෙන්ම අප රට තුල මූලිකව ගොඩනැගිය යුත්තේ මූලික අවශ්‍යතාවයන්ය.එම අවශ්‍යතා සම්පූර්ණ වූ කල මිනිසා වුවද නිතැතින්ම පෙලඹෙන්නේ ඊලග අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීමට බව"ඒබ්‍රහම් මැස්ලෝ" නැමැති ලෝ ප්‍රකට මනෝ විද්‍යාඥයා දක්වා ඇත.
අප කවුරුත් දන්නා ලෝ ප්‍රකට "බිල් ගේට්" මහතා සමාජ සත්කාර සදහා 90% තම දනය යෙදවීම මානව දයාව ප්‍රකට කරවන සිදුවීමකි.ඒ මන්ද යත්,තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට පවා තොරතුරු සන්නිවේදන සාක්ෂරතාවය දියුණු කිරීමට වඩා මිනිසාගේ මූලික අවශ්‍යතා සාක්ෂාත් කරගැනීමට උදව් උපකාර කිරීම වඩා වැදගත් බව මනාව තේරුම් ගොස් අති බැවිනි.කෙසේ නමුදු කරුණු කරනා මෙසේ වුවද තොරතුරු සාක්ෂරතාවය වැඩි කිරීමට අනාගත පරපුර තාක්ෂණික සමාජයක් බිහිකිර්‍රමෙහි ලා වැදගත්ම ක්‍රියාවලියකි.රටක් ලෙස එදිරියට යාමට තොරතුරු සන්නිවේදන සාක්ෂරතාවය අත්‍යාවශ්‍ය සාධකයක් බව කිව මනාය.
No comments:
Post a Comment