Saturday, July 3, 2021

කළමනාකරණ තොරතුරු පද්ධති (Management information system)

 කළමනාකරණ තොරතුරු පද්ධති (Management information system)

ආයතනයක තොරතුරු ගලායාමේ ව්‍යුහය සැලකූ විට මූලික මට්ටම් 3ක් පවතී.ඉන් ඉහලම මට්ටමේ සිට පහල මට්ටමට අවධානය යොමුකළ විට ඉහළම මට්ටම උපක්‍රමශීලී පරිපාලන මට්ටම වේ.මෙය Strategic level ලෙස හැඳින්වේ.ආයතනයක ඉහල මටමේ සාමාජිකයින්(සභාපති,ලේකම්,අධ්‍යක්ෂක මණ්ඩල,ජේෂ්ඨ කළමනාකරුවන්) යන තනතුරු ඇතුලත් වේ.තීරණ ගැනීම සැලකූ විට ව්‍යුහගත නොවන(Unstructured decisions) තීරණ ගැනීම් මෙම මට්ටමේ ස්වාභාවය වේ.

ආයතනයක දෙවන මට්ටම කළමනාකරණ මට්ටම ලෙස හැදින්වෙන අතර මෙය Managerial level ලෙස හැඳින්වේ.ආයතනයක කළමනාකරුවන් ඇතුලත් වේ.මෙම මට්ටමේ තීරණ ගැනීමේ ස්වභාවය සැලකූ විට අර්ධ ව්‍යුහගත (Semi structured)වේ.ආයතන සේවකයින් කළමනාකරණය කිරීම,ව්‍යාපාරික අරමුණු ඉටුකරගැනීම සදහා සේවකයින් මෙහෙයවීම,සැලසුම් කිරීම,කාර්‍යසාධනය ඇගයීම වේ.

ආයතනයක තීරණ ගැනීම, සම්බන්ධීකරණය, පාලනය, විශ්ලේෂණය, දැක්ම යනාදී ක්‍රියාවලීන් සදහා මූලිකවශයෙන් කළමනාකරණ තොරතුරු පද්ධති (Management information system) භාවිතා කරයි.

කළමනාකරණ තොරතුරු පද්ධතියක ඉතාම වැදගත් කොටසක් ලෙස පරිගණකගත දත්තගබඩා සැළකිය හැක.ආයතන පරිපාලකයින්ට අවශ්‍ය විවිධාකාර වූ වාර්ථා ලබාගැනීම සදහා කළමනාකරණ තොරතුරු පද්ධතියට සම්බන්ධ කොට ඇති දත්ත ගබඩාවේ ඇති තොරතුරු වැදගත් වේ.කළමනාකරණ තොරතුරු පද්ධතියකින් ලබාගත හැකි වාසි කිහිපයකි.

සමස්ථ ආයතනය පිළිබඳව දැක්මක් ලබාගත හැකිවීම.

ආයතනයක ක්‍රියාකාරී ඵලදායීතාවය වැඩිකරගත හැකිවීම.

ආයතන කළමනාකරුවන්ට වඩාත් නිවැරදි, ප්‍රතිඵලදායක, ප්‍රායෝගික තීරණගැනීමට හැකිවීම.

විවිධාකාර වාර්ථා ක්ෂණිකව හා නිවැරදිව ලබාගත හැකිවීම.

සන්නිවේදන හා සැලසුම් මෙවලමක් ලෙස භාවිතා කළ හැකිවීම.

පාරිභෝගික වාර්ථා උපයෝගී කරගෙන වඩා ප්‍රතිඵලදායක අලෙවිකරණ උපක්‍රම හා අලෙවිකරණ ක්‍රියාවලි සැලසුම් කිරීමට හැකිවීම.

ආයතනයක තරගකාරීලෙස වටිනාකමක් ලබාගැනීමට උපකාරී වීම, යනාදිය දැක්විය හැක.

කළමනාකරණ තොරතුරු පද්ධති වර්ග කිහිපයක් පහත පරිදි වර්ගීකරණය කොට දැක්විය හැක.

ක්‍රියාවලි පාලන පද්ධති (Process control system)

කළමනාකරණ වාර්ථා පද්ධති (Management reporting system)

තොගලේඛණ පාලන පද්ධති (Inventory control system)

විකුණුම් අලෙවිකරණ පද්ධති (Sales & marketing system)

මානව සම්පත් කළමනාකරණ පද්ධති (Human resource management system)

ගිණුම් හා මූල්‍යකරණ පද්ධති (Accounting & Finance system)

තීරණගැනීමේ සහායක පද්ධති (Decision support system)

විශේෂඥ්ණ පද්ධති (Expert system)

විධායක තොරතුරු පද්ධති (Executive information system)

ගනුදෙණු කළමනාකරණ පද්ධති (Transaction processing system)

පාසැල් කළමනාකරණ පද්ධති (School management system)

•කාර්යාල ස්වයංකරණ පද්ධති (Office automation system)

ව්‍යාපාර සම්පත් සැලසුම් පද්ධති (Enterprise resource planning)

ස්ථානීය දත්ත ගබඩා (Local database)

ලොව ප්‍රකට කළමනාකරණ තොරතුරු පද්ධති ලෙස, Eambrace, Sdlogbe, Excelsof, C-Bia, Fifasoft යන මෘදුකාංග උදාහරණ ලෙස දැක්විය හැක.

කළමනාකරණ තොරතුරු පද්ධතවල වාසි මෙන්ම අවාසිද පවතී.ඒවානම්,

කළමණාකරන තොරතුරු පද්ධතීන් තාක්ෂණය, මෘදුකාංග හා දෘඪාංග මත රදාපවතී.

නිවැරදි නොවන තොරතුරු ලැබීමේ යම්කිසි විභවතාවයක් පැවතීම යනාදිය දැක්විය හැක.

No comments: