Thursday, June 10, 2021

ව්‍යාපාරික බුද්ධිය(Business Intelligence-BI)

ව්‍යාපාරික බුද්ධිය(Business Intelligence-BI)

IBM ආයතනයේ පර්යේෂකයෙකු ලෙස සේවයකල Hans Peter Luhn” විසින් ව්‍යාපාරික බුද්ධිය යන වචනය 1958 දී පළවූ ලිපියක දක්වා ඇත. එහිදී “දැනට පවතින සිද්ධි වල ඇති  අන්තර්සබදතා, අනාගත අරමුණු සදහා මාර්ගය පෙන්වන බව” දක්වා ඇත.1989 දී Howard Dresner” විසින් BI යනු “Umbrella Term” ලෙසත් “සිද්ධි මූලික කරගත් පද්ධති නිර්මාණය කිරීමෙන් ව්‍යාපාරයක් තුල තීරණගැනීම සිදුකල හැකි බවත් මේ සදහා ව්‍යාපාරික  සංකල්ප හා ක්‍රමවේදයන් භාවිතා කල හැකි බවත් පෙන්වා දෙන ලදී.

ඒ අනුව,ව්‍යාපාරික බුද්ධිය හෙවත් Business Intelligence යනු උපක්‍රම,තාක්ෂණික ක්‍රමවේදයන් රාශියක එකතුවකි.ව්‍යාපාරික ආයතනයක ව්‍යාපාරික තොරතුරුවල දත්ත විශ්ලේෂණ(Data analysis)කිරීමක් ලෙස සරලව අර්ථ දැකිවිය හැක.

මෙම ක්‍රියාවලි සඳහාම නිර්මාණය කරන ලද තොරතුරු පද්ධති(Information System) වලින් දත්ත ඒකරාශි කිරීම(Data gathering),දත්ත තැන්පත් කිරීම(Data storage),දැනුම කළමනාකරණය(Knowledge management) යන මූලික ක්‍රියාවලි සිදුකරයි.BI තාක්ෂණය හරහා විශාල මෙන්ම සංකීර්ණ දත්ත විශ්ලේෂණය කොට ව්‍යාපාරික ආයතනයක තීරණගැනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කරණු ලබයි.

BI ක්‍රියාවලියේදී භාවිතා වන තාක්ෂණය හරහා ව්‍යාපාරික ආයතනයක අතීත, වර්තමාන ක්‍රියාවලි විශ්ලේෂණය කිරීමෙන් ව්‍යාපාරික ක්‍රියාවලි පිළිබඳව පුරෝකථනයන් සිදුකරනු ලබයි. මෙම ක්‍රියාවලිය සදහා පහත දැක්වෙන පොදු කර්තව්‍යයන් තාක්ෂණික සහය ඇතිව සිදුකරයි.

ඒවානම්,ව්‍යාපාරාකට අවශ්‍ය වාර්තා සැපයීම,මාර්ගගතව ව්ශලේෂණ ක්‍රියාවලි සිදුකිරීම,දත්ත විශ්ලේෂණය,පාලක පුවරුව වැඩිදියුණුව(Dashboard development),Data mining, Process mining,සංකීර්ණ සිදුවීම් ක්‍රියාකරවීම,ව්‍යාපාරික කාර්‍ය්යසාධනය කළමනාකරණය,Text mining,පුරෝකථන විශ්ලේෂණය,නිර්දේශ විශ්ලේෂණය යනාදී වූ බහුවිධ,සංකීර්ණ මෙන්ම තාක්ෂණික ක්‍රියාවලි ඉතා කාර්‍යක්ශමව සිදුකරනු ලබයි.

BI තාක්ෂණයේදී ඉතා විශාල වූත්, ව්‍යුහගත හෝ ව්‍යුහගත නොවන දත්ත හඳුනාගැනීම, වැඩිදියුණුව හෝ නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය සදහා උපයෝගී කරගැනේ. ව්‍යාපාරික ආයතනයක් මෙවැනි තාක්ෂණික ශිල්පක්‍රම දියුණු කිරීමට උනන්දු වන්නේ ඒ හරහා ආයතනයක විශාල දත්ත විශ්ලේෂණයට හා පරිවර්තනයට පහසු වීමත්,තරගකාරී ව්‍යාපාරික ලෝකයේ නව අවස්ථා සොයාගැනීමටත්,ප්‍රතිඵලදායක ව්‍යාපාරික උපක්‍රම සූක්ෂම ලෙස සොයාගැනීමටත් ඒ හරහා ආයතනයේ දීර්ඝකාලීන ස්ථාවරත්වය පවත්වාගැනීමටත් යන කාරණාවලටය.

දීර්ඝ ඉතිහාසයක් සහිත ව්‍යාපාරික ආයතනවල අති විශාල වූ දත්ත(Big data)BI ක්‍රියාවලියට භාජනයකිරීමට පෙර විශාල දත්ත ගබඩාවක(Data warehouse),Data mart වැනි දත්ත ආචයන මාධ්‍ය වල තැන්පත් කොට BI තාක්ෂණය භාවිතයෙන් මෘදුකාංග වෙත ලබාගනී.එනිසා මෙම තාක්ෂණික ශිල්පක්‍රම දෙකම ඒකාබද්ධ කොට “BIDW” ලෙස නව සංකල්පයක් නිර්මාණය කොට ඇත.මෙහිදී Data warehouse  තුල ආයතනයක ව්‍යාපාරික දත්ත විශ්ලේෂණයෙන් ලබාගන්නා පිටපත් තැන්පත් කරගැනීම මූලිකව සිදුකරන අතර එම දත්ත එම ආයතනයේ තීරණගැනීමේ ක්‍රියාවලියට ඍජුවම යොදාගනී.

BI තාක්ෂණය විවිධාකාර වූ ව්‍යාපාරික ක්‍රියාවලි සදහා භාවිතා කෙරේ. එනම්,

ව්‍යාපාරික ක්‍රියාවලි කළමනාකරණය සදහා,

ව්‍යාපාරික දැනුම සොයාගැනීම සදහා මෙන්ම තීරණ අතරින් වඩාත්ම ගැලපෙන තීරණ ලබාදීම සදහා,

ව්‍යාපාරික ආයතනයේ වාර්තා අවශ්‍ය මොහොතේ ක්ෂණිකව ලබාදීම සදහා. මේ සදහා Data visualization, Execute Information systems, OLAP(Online Analytical Processing)භාවිතා කරයි.

ව්‍යාපාරික ආයතනයක ඇතුලත හා පිටත දත්ත හුවමාරුකරගැනීම හා විද්‍යුතමය වශයෙන් දත්ත හුවමාරුකරගැනීම සදහා (Electronic Data Exchange).

ව්‍යාපාරික දැනුම කළමනාකරණය (දැනුම නිර්මාණය, බෙදාහැරීම හා භාවිතය) සදහා.

BI තාක්ෂණයේදි භාවිතා වන දත්ත වර්ග කිහිපයක් ඇති අතර ඒවාගෙන් 85% වන ව්‍යාපාරික දත්ත ආවරණය කරයි. ඒවානම්,ව්‍යුහගත(structured),අර්ධ ව්‍යුහගත(Semi Structured),ව්‍යුහගත නොවන(Unstructured) දත්ත ලෙස දැක්විය හැක.BI හා Data Warehouse නිර්මාණයේදී ව්‍යුහගත දත්ත වඩා ප්‍රතිඵලදායක වේ.Business Intelligence, Data warehouse යන තාක්ෂණ ඒකාබද්ධ කොටගෙන වර්තමාන හා අනාගත ව්‍යාපාරික ක්‍රියාවලි වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රතිඵලදායක ලෙස භාවිතා කල හැක.

Tuesday, June 8, 2021

බලශක්තිය නෙලාගැනීම(Energy Harvesting)

බලශක්තිය නෙලාගැනීම(Energy Harvesting)

වර්තමානයේ අප ගෙවනු ලබන්නේ විද්‍යුත් යුගයයි.මෙම යුගයේ අත්‍යවශ්‍යම සාධකය වන්නේ බලශක්තියයි.අප භාවිතා කරන බොහොමයක් උපකරණ සදහා බලශක්තිය අත්‍යාවශ්‍ය වේ.සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභව වන ජලය,ගල් අඟුරු,ඉන්ධන,සූර්ය බලය තවදුරටත් අනාගත බලශක්ති අවශ්‍යතා සදහා ප්‍රමාණවත් නොවන බව නොරහසකි.

මේ සදහා වඩා සතුටුදායක පිළිතුරක් ලෙස බලශක්තිය නෙලාගැනීම(Energy Harvesting) හැදින්විය හැක.හාත්පස පවතින කුඩා බලශක්ති ප්‍රභව කෙරෙහි අවධානය යොමුකොට එම බලශක්ති නෙලාගෙන,ගබඩාකොටගෙන අඩු විදුලිබල පරිභෝජන උපකරණ වෙත ලබාදීම බලශක්තිය නෙලාගැනීම(Energy Harvesting) ලෙස සරලව අර්ථ දැක්විය හැක.

බලශක්තිය නෙලාගැනීමේ තාක්ෂණයෙන් සූර්ය කිරණ,තාප බලය,සුළං බලය,මුහුද තුල ගැබ්ව ඇති බලය හා හාත්පස(Ambient) බලය ලබාගෙන එම බලය කුඩා බලශක්ති ගබඩාවල ගබඩාකොටගෙන රැහැන් රහිත( Wireless) ස්වයංක්‍රීය උපකරණ,වෙයාරබල් උපකරණ හා රැහැන් රහිත සන්නිවේදන ජාල යනාදියේ භාවිතා කරනු ලබයි.

බලශක්ති නෙලාගන්නන්(Energy Harvesters) කුඩා බලශක්ති ප්‍රභව අඩු වියදමකින්,අඩු විදුලිබලයක් ලබාගන්නා උපකරණ වෙත ලබාදේ.මෙහිදී ඔවුන් මිල අධික බලශක්ති ප්‍රභව වෙත අවධානය යොමු කිරීමට මැලිකමක් දක්වයි.

හාත්පසින් ලබාගතහැකි බලශක්ති භාවිතා කිරීම පිළිබඳව “Crystal radio” නැමති උපකරණය හැදින්විය හැක.මෙම උපකරණයේ ඇති රිසීවරය හරහා ලැබෙන ඇමතුම් වල අඩංගු රේඩියෝ තරංග බලශක්තිය බවට පරිවර්තනය කොට ලැබෙන ඇමතුම් වල හඬ උත්පාදනය කරයි.එමනිසා ඒ සදහා අමතර බලශක්තියක් අවශ්‍ය නොවේ.මෙය 1974 පමණ භාවිතා කල උපකරණයකි.

බලශක්තිය නෙලාගැනීම යන තාක්ෂණය තුල යොදාගනු ලබන ප්‍රභවයන් හා ඒවා භාවිතයට ගැනෙන උපකරණ කිහිපයක් පිළිබඳව උදාහරණ පහත දැක්වේ.

සමහර අත් ඔරලෝසු ක්‍රියාකිරීමට අවශ්‍ය බලශක්තිය අතේ චලනයන්ගෙන් ලබාගැනීම.

” Photovoltaics” යන තාක්ෂණික ක්‍රමවේදය හරහා සූර්ය තරංග ඍජුව විදුලිබලය බවට පරිවර්තනය කිරීම හරහා බලශක්තිය නෙලාගැනීම.

” Micro wind turbine” නැමති උපකරණය බලශක්තිය නෙලාගැනීම සදහා සුළං බලය භාවිතා කරයි.

විශේෂිත ඇන්ටෙනා මගින් අවකාශය තුල පැතිරී පවතින රේඩියෝ තරංග වල අඩංගු බලශක්තිය ලබාගැනීමට භාවිතා කරයි.

සමහර උපකරණ (ජංගම දුරකථන, දුරස්ථ පාලක) වල ඇති බොත්තම්(Keys) එබීමේදී ඇතිවන බලය එම උපකරණ ක්‍රියාකිරීමට අවශ්‍ය බලශක්තිය ලබාදේ.

කම්පනවලදී නිදවෙන ශක්තිය නෙලාගෙන එම බලය විදුලිබලය බවට පරිවර්තනය කරන උපකරණ නිපදවා ඇත.

මෑතකාලයේදී සිදුකරනලද පර්යේෂණ වලදී රේඩියෝ තරංග (Radio Frequency) වල අඩංගු ශක්තිය නෙලාගැනීම සදහා දියුණු උපකරණ නිපදවා ඇත.

වායුගැලීම්(Airflow) වලදී ඇතිවන බලය ටර්බයින් හෝ වෙනත් උපකරණ හරහා නෙලාගැනීමට හැකි යන්ත්‍ර නිපදවීමට හැකියාව ලැබී ඇත.

ශරීරය තුල රුධිරය ගලායන විට ඇතිවන බලය නෙලාගැනීමට අධිතාක්ෂණික උපකරණ නිපදවා ඇත.

”Piezoelectric effect” තාක්ෂණයේදී යාන්ත්‍රික බලය විදුලිය බවට පරිවර්තනය කරනු ලැබේ. මිනිසාගේ ශාරීරික චලන(Human motion)වලදී ඇතිවන බලය නෙලාගැනීම සදහාද දියුණු උපකරණ බිහිවී තිබේ.

“Pyroelectric effect” තාක්ෂණයේදී උෂ්ණත්ව වෙනස විදුලිබලය බවට හැරවීම සිදුකරයි.

• 1981 දී “Thomas Johann Seeback” විසින් උෂ්ණත්ව වෙනසක් ඇතිකිරීම මගින් විදුලිබලය උත්පාදනය කලහැකි බව සොයාගන්නා ලදී.

•Electrostatic(Capacitive) තාක්ෂණය භාවිතා කොට කම්පනයන් තුලින් ධාරාවන්ගේ ධාරිතාව වෙනස්කිරීම තුලින් නිපදවෙන බලය නෙලාගැනීම සිදුකරයි.

“Magnatic induction” තාක්ෂණයේදී චුම්භක බලය, චලනය කිරීමෙන් හෝ කරකැවීම තුලින් නිපදවෙන බලය නෙලාගෙන විදුලිය බවට පරිවර්තනය කලහැකි ක්‍රම මේ වනවිට සොයාගෙන ඇත.

රුධිරයේ අඩංගු සීනි ඔක්සිකරණ(Oxidation) වීමේදී නිපදවෙන ශක්තිය නෙලාගැනීම හරහා එම ශක්තිය විදුලිය බවට හැරවීම සිදුකරයි. මෙම ක්‍රමවේදය “Biobatteries”ලෙස හඳුන්වයි.Pacemakers, Implanted biosensors, Implanted active RFID උපකරණ නිපදවීම සදහා ඉහත ක්‍රමය භාවිතා කරයි.

“Bio- Energy Harvesting” යන ක්‍රවේදයේදී ශාකවල ගැබ්ව ඇති ජීව ශක්තිය නෙලාගැනීම සිදුකිරීම සිදුකරයි. Power remote sensors, Mesh network” නැමති තාක්ෂණයන් මෙහිදී බලය නෙලාගැනීම සදහා භාවිතා කරයි.

” Metamaterial” මූලික කොටගත් උපකරණයක් තුලින් 900Mhz ක්ෂුද්‍ර තරංග 7.3 Volts වලට පරිවර්තනය කරයි. මෙම උපකරණයෙන් Wi-Fi, Satellite, Sound තරංග විදුලිබලය බවට හරවා ශක්තිය නෙලාගනී.

අපට භාවිතා කලහැකි විශාල බලශක්තියක් මුහුදේ ගැබ්ව ඇත. වඩදිය බාදිය,ලවණතා වෙනස්වීම්,මුහුදු රළ,මුහුදු ජලයේ උෂ්ණත්ව වෙනස්වීම් යන සාධක සියුම්ව නිරීක්ෂණය කොට එම වෙනස්වීම් බලශක්තිය බවට පරිවර්තනය කොට එම බලශක්තිය නෙලාගැනීම නූතනයේ සොයාගත් නවතම බලශක්තිය නෙලාගැනීමේ ක්‍රමවේදයයි.

ඉහතින් දැක්වනලද විවිධාකාර ක්‍රම හරහා කුඩා වුවද ඒතුල ගැබ්ව ඇති බලශක්තිය නෙලාගෙන විදුලිබලය බවට හැරවීම තුලින් අප අවට ඇති විවිධාකාර බලශක්තීන් අපතේ යාම වළක්වා එම ශක්තිය ප්‍රයේජනවත් ලෙස උපකරණ තුලට ලබාගැනීම හරහා වර්තමාන සහ අනාගත බලශක්ති අවශ්‍යතා වලට තිරසාර විසඳුමක් සොයාගත හැකිවන බව නොඅනුමානය. 

Sunday, June 6, 2021

සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය(Internet of Things - IOT)

සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය(Internet of Things - IOT)


භූගෝලීය වශයෙන් වෙන්වුණු ප්‍රදේශ දෙකක ජීවත්වන මිනුසුන් හට සන්නිවේදන කාර්‍යයන් වඩා පහසුවෙන්,කාර්‍යක්ශම ලෙස සිදුකරගැනීම සදහා අන්තර්ජාලය මනා පිටුවහලක් වූ බව නොරහසකි. මිනිසුන්ට පමණක් නොව විවිධාකාර උපාංගවලටද අන්තර්ජාලය හා සම්භන්දවී තවත් උපාංග සමග සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සාකෂාත් කරගැනීම සදහා සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාල සංකල්පය බිහිවිය.

මෙය හුදෙක්ම සංකල්පයකට එහා ගිය ප්‍රායෝගික යෙදවුම් සමුදායකි.පරිගණකය,ජංගම සුහුරු දුරකථන වලට අමතර විවිධාකාර වූ විද්‍යුත් උපකරණ අන්තර්ජාලය හරහා සන්නිවේදන කාර්‍යයන් සිදුකරමින් එම උපකරණ දුරස්ථව පාලනයට පසුකම් ලබාදීම IOT තාක්ෂණය හරහා සිදුවේ.මෙම IOT තාක්ෂණයට් අදාල උපාංග නිර්මාණයේදී සංවේදක,මෘදුකාංග ,අන්තර්ජාල සම්බන්ධතා සහ ප්‍රතිචාර දක්වනයන් භාවිතා කරනු ලැබේ.

IOT සංකල්පය තුල භාවිතා කරනු ලබන ද්‍රව්‍ය ලෙස, “Real time analytics, Machine Learning, Ubiquitous Computing, Commodity Sensors, Embedded Systems” යන ද්‍රව්‍ය දැක්විය හැක.

පාරිභෝගික වෙළෙඳපොලේදී බහුලවශයෙන් “සුහුරු නිවාස- Smart Home” සංකල්පය භාවිතාවේ.නිවාස තුල භාවිතා කරන Lightning fixes, Thermostat, Home Security Systems, Camera සහ අනෙකුත් උපකරණ මෙම IOT තාක්ෂණය හරහා පහසුවෙන් පාලනය හා සන්නිවේදනය කල හැකි වීම විශේෂත්වය වේ.

මෙම සංකල්පය තුල භාවිතාකරන උපාංග පාරිභෝගික,වෙළෙඳ,කර්මාන්ත,යටිතල පහසුකම් ලෙස වර්ගකල හැක.පාරිභෝගික උපාංග ලෙස ගෘහස්ථ ස්වයංක්‍රීය උපකරණ(Room control unit, Thermostat, Ring video doorbell, Home smart lock) යනාදිය දැක්විය හැක.මෙම උපකරණ “ස්මාර්ට් හෝම් හබ්(Smart home hub)ලෙස හැඳින්වෙන Amazon Echo, Google Home, Appl's Home Pad, Samsung Smart Thing Lab මෙන්ම විවෘත කේත මෘදුකාංග ලෙස Home Assistant ,OpenHAB ,Domoticz හරහාද පාලනය කල හැක.

IOT වල තවත් ප්‍රධාන භාවිතක් ලෙස වැඩිහිටි සුරැකුම් (Elder Care) දැක්විය හැක. විවිධ ආබාධ ඇති වයස්ගත ප්‍රජාව සදහා IOT උපාංග මනා පිටුවහලක් සපයයි.”Voice control” නැමති යෙදුම ඒකාබද්ධ කිරීම හරහා වඩා පහසුවෙන් මෙම උපකරණ හැසිරවීමට හැකිවී තිබේ.

වෛද්‍ය හා සෞඛ්‍ය අංශ තුල භාවිතයට ගැනෙන "Internet of Medical Things(IOMT)” ලෙස යෙදුමක් භාවිතා වේ.එම යෙදුම හරහා ක්‍රියාත්මක වන උපාංග Smart Healthcare” ලෙස හැඳින්වේ.Remote health monitoring ,Emergency notification system හරහා මෙම උපකරණ ක්‍රියාත්මක වේ.රෝගීන්ගේ රුධිර පීඩනය,හදවතේ ක්‍රියාකාරිත්වය වැනි අතාවශ්‍යාකරුණු IOT උපාංග වලින් පරීක්ෂා කර බලා එම තොරතුරු අන්තර්ජාලය හරහා අදාල අංශ වෙත සන්නිවේදනය කරනු ලබයි.එමෙන්ම දුරස්ථව සිටින රෝගියෙකු පරීක්ෂා කිරීම(Remote monitoring) සදහාද IOT තාක්ෂණය භාවිතා කරයි.මෙම IOMT යෙදුම් හරහා රෝගීන්ගේ ජීවිත අවදානම සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට හැකියාව ලැබී ඇත.

රක්ෂණ අංශය තුලදී පාරිභෝගිකයාගේ සෞඛ්‍ය තත්වය පිරික්සීම සදහා සංවේදක වර්ගයක් වන “ Bio Sensors” මෙන්ම Wearables, Connected health devices හා ජංගම යෙදුම් භාවිතා වේ.

ගමනාගමන(Transportation) වලදී  විවිධ ගමනාගමන පද්ධති සමග සන්නිවේදනට,පාලනයට හා තොරතුරු සැකසීමේ ක්‍රියාවලියට IOT තාක්ෂණය භාවිතාවේ.Smart traffic control, Smart parking, Electronic toll collection systems, Logistics, Fleet Management, Vehicle control වැනි භාවිතයන් වඩා ආරක්ෂකාරීව සිදුකරගැනීමට IOT තාක්ෂණය භාවිතා වේ.වාහන හා වාහන අතර(V2V), වාහන හා අනෙකුත් වස්තු අතර(V2X), වාහන හා පදිකයන් අතර(V2P) හා වාහන හා යටිතල පහසුකම් අතර(V2I) අතර මනා සන්නිවේදනයක් ඇතිකරගැනීමට IOT තාක්ෂණය භාවිතා වේ.

ගොඩනැගිලි තුල අඩංගු යන්ත්‍රසූත්‍ර,විදුලි උපකරණ පිරික්සීම හා පාලනය සදහා Building automation systems” භාවිතා වේ.මෙම යෙදුම IOT තාක්ෂණය හරහා ක්‍රියාත්මක වේ.අන්තර්ජාලය හා ගොඩනැගිලි තුල ඇති බලශක්ති ප්‍රභව ඒකරාශී කරගනිමින් මෙම යෙදුම IOT තාක්ෂණය හරහා ක්‍රියාත්මක වන අතර එම සංකල්පය Smart Building” ලෙස හඳුන්වයි.

පාරිසරික වෙනස්වීම් ග්‍රහණය කරගැනීම සදහා “Environment Monitoring” නම් වූ යෙදුම ක්ෂුද්‍ර පාලක මූලික කොටගෙන IOT සංකල්පය මට ක්‍රියාත්මක වන යෙදවුමකි.ජලයේ තත්වය, වායුගෝලයේ තත්වය, පසේ තත්වය මෙන්ම සතුන් හා ඔවුන්ගේ හැසිරීම් රටා අධීක්ෂණය කොට එම විස්තර එකතුකොට අදාල පාලන මධ්‍යස්ථාන වෙත ලබාදීම තුලින් පරිසරය ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබී තිබේ.සුනාමි,භූචලන,නායයෑම්,ගංවතුර තත්ව,අධික සුලං,වර්ෂාපතන තත්ව වැනි ස්වාභාවික ව්‍යසනයන් කල්තියාම හදුනාගෙන ඒ හරහා මිනිස් හා සත්ව ජීවිත,දේපල හානි අවම කර ගැනීමට හැකියාව ලැබී ඇත.

IOT තාක්ෂණය මෙලෙස තවත් විවිධාකාර අංශ (සමුද්‍රීය කලාප, හමුදා, බලශක්ති කළමනාකර, යටිතල පහසුකම්) සදහා ඉතා සාර්ථකව භාවිතයට ගැනේ.

මෙලෙස IOT තාක්ෂණය සදහා සහය ලබාදෙන රැහැන් රහිත(Wireless) තාක්ෂණික ක්‍රම ලෙස ,Bluetooth,Zigbee,Z-Wave,LoRa,NB-IOT,CatM1 දැක්විය හැක.IOT තාක්ෂණයේ අවාසි ලෙස,ආරක්ෂාව ,දත්ත තැන්පත් කිරීමට වැඩි ආචයන ධාරිතාවක් වැයවීම,වේගවත් අන්තර්ජාල සම්භන්ධතා අවශ්‍යවීම,පරිසරයේ ස්ථිරසාරත්වයට ඇතිවන බලපෑම යනාදිය දැක්විය හැක.

Friday, June 4, 2021

සුහුරු නගරය(Smart City)

සුහුරු නගරය(Smart City)

අද අප පසුකරමින් සිටින්නේ විද්‍යුත් යුගයයි.මෙම යුගයේදී ඉතාම වැදගත් උපකරණය වන්නේ පරිගණකයයි. පරිගණකය මෙන්ම ඒහා බැඳුණු අන්තර්ජාලය,සුහුරු උපකරණ(Smart Devices),ක්ෂුද්‍ර පාලක(Micro Sensors),මෘදුකාංග ,කෘතීම මොළය වැනි තාක්ෂණික උපකරණ හා ක්‍රමෝපායන් මේ වන විටත් ලොවපුරා ප්‍රචලිත වී ඇත.

සාම්ප්‍රදායික නගරයක මූලික ලක්ෂණ වන්නේ නගරය තුල බොහෝ ක්‍රියාවලි තාක්ෂණය මත පදනම් නොවී සිදුකරලීමයි.තාක්ෂණය භාවිතා වුවද එමගින් නගරයේ ක්‍රියාවලි (විදුලි පහන් දැල්වීම,නිවීම,කඩ සාප්පු ස්වයංක්‍රීයව විවෘත කිරීම හා වසාදැමීම, ජලපවාහන කටයුතු ස්වයංක්‍රීයව සිදුකිරීම, අපද්‍රව්‍ය බැහැරකිරීම, නඩත්තු කටයුතු සිදුකිරීම, පුස්තකාල ,පාසල්, බැංකු, ආයතන,බිල් ගෙවීම ,ආපන ශාලා වල කටයුතු ස්වයංක්‍රීයව සිදුකිරීම)වැනි කටයුතු සිදුනොවන අතර ඒවා හස්තමූලිකව(Manually) සිදුවේ.

තාක්ෂණයේ අඛණ්ඩ දියුණුවත් සමග ඉහතින් දැක්වූ ක්‍රියාවලි හා තවත් බහුවිධ ක්‍රියාවලි ස්වයංක්‍රීය ලෙස, මෘදුකාංග, ක්ෂුද්‍ර පාලක, අන්තර්ජාල සංරචක(IOT) වැනි තාක්ෂණයන් භාවිතයෙන් සිදුකරනු ලබන නවීන අධි තාක්ෂණික නගර ලෙස හඳුන්වනු ලබයි.ලෝකයේ දැනට වඩාත්ම දියුණු සුහුරු නගරය සිංගප්පූරුවේ නිර්මාණය කොට ඇත.

සුහුරු නගරයක මූලික සිද්ධාන්තය වන්නේ විවිධාකාර වූ තාක්ෂණික,විද්‍යුතමය හා ක්ෂුද්‍ර සංවේදක හරහා නගරය තුල දත්ත එකතුකිරීමයි.මෙම දත්ත හරහා නගරය තුල වූ වත්කම්,පහසුකම් හා සේවාවන් වඩා කාර්‍යක්ශමව භාවිතා කිරීමෙන් නගරය තුල වූ විවිධාකාර ක්‍රියාකාරකම් වඩා වේගයෙන් සිදුකිරීමට හැකියාව ලැබීමයි. එපමණක් නොව නගරයේ ජනතාව,උපකරණ ,ගොඩනැගිලි හා වෙනත් වත්කම් වල දත්ත ලබාගෙන ඒවා සකස්කොට විශ්ලේෂණය කිරීමෙන් නගරය තුල පවතින වාහන තදබදය, ගමනාගමනය, බලශක්ති මධ්‍යස්ථාන, ජලසම්පාදන ක්‍රම, අපද්‍රව්‍ය ,අපරාධ විමර්ශනය, තොරතුරු පද්ධති, පාසල්, පුස්තකාල , බැංකු, ආරෝග්‍යශාලා හා අනෙකුත් ප්‍රජාසත්කාරක සේවා පහසුකම් කළමනාකරණය කල හැක.

ටෙලි සන්නිවේදනය,ක්ෂුද්‍ර පාලක යන තාක්ෂණයන් සුහුරු නගර සංකල්පය හා සෘජුවම බැදී පවතී.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,කෘතීම මොළය(Artificial Intelligence),දත්ත විශ්ලේෂණ(Data Analysis),IOT(Internet Of Things)යන සංකල්ප මත දත්ත ඒකරාශි කිරීම හරහා නගරයේ බහුවිධ ක්‍රියාවලි හා සේවාවන් ඉතා පහසුවෙන්,කාර්‍යක්ශමව හා ඵලදායි ලෙස නාගරික ප්‍රජාවට සම්බන්ධ කල හැකිවීම මෙම සුහුරු නගරය සංකල්පයේ ඇති වටිනාකමක් ලෙස දැක්විය හැක.

සුහුරු නගර සංකල්පය වඩාත් පෝෂණය කිරීමට “ස්මාර්ට් ග්‍රිඩ්"(Smart Grid) යන තාක්ෂණය මූලික කරගනී.ස්මාර්ට් ජංගම දුරකථන,ටැබ්ලට් පරිගණක වැනි සුහුරු උපාංග භාවිතා කිරීම මගින් වඩාත් කාර්‍යක්ශමව හා පහසුවෙන් සුහුරු නගරය සමග සන්නිවේදනය කල හැකිය.”ටෙලිකොමියුනිකේෂන්(Telecommunication),ටෙලි හෙල්ත් (Telehealth), බොලොක් චේන්(Bock chain), ෆින්ටෙක්(Fintech), මාර්ගගත බැංකුකරණය(Online Banking)” සුහුරු නගර සංකල්පය හා බැඳුණු ඉතා දියුණු තාක්ෂණික ක්‍රමෝපායන් ලෙස දැක්විය හැක.”ස්මාර්ට් කාර්ඩ්”(Smart Card, Electronic Card) සුහුරු නගරයක භාවිතා වන පුද්ගල අනන්‍යතාවය(Personal Identification)තහවුරු කිරීමට භාවිතා කරයි.මෙම කාඩ්පත් මගින් සුහුරු නගරයක බොහෝ රාජ්‍ය සේවාවන් වෙත වඩා ආරක්ෂකාරීව ප්‍රවේශ විය හැක.

සුහුරු නගර සංකල්පය,ඒ හා බැඳුණු අධි තාක්ෂණික ක්‍රමවේදයන් අපවැනි රටකට නවමු අත්දැකීමක් වන අතර එම තාක්ෂණික ක්‍රමවේදයන් නාගරික ප්‍රජාවට පමණක් නොව හුදු මහජනතාවට ක්‍රමානුකූලව සමීප කරවීම හරහා ඉදිරි අනාගතයට ගැලපෙන තාක්ෂයෙන් පිරිපුන් මිනිසුන්(Technological Human) බිහිකිරීමට හැකියාව ලැබෙනු ඇති.

2026 A/L ICT Classes