Monday, June 21, 2021

අංකිත අලෙවිකරණය(Digital Marketing)

 අංකිත අලෙවිකරණය(Digital Marketing)


අන්තර්ජාල,වෙබ් අඩවි,සමාජ මාධ්‍යය හා වෙනත් අංකිත මාධ්‍යය වල භාවිතය ඉතා සීග්‍රයෙන් ඉහල යන යුගයක අප ජීවත්වෙමින් සිටින්නෙමු.ව්‍යාපාර ලෝකයේ මෙම යුගයට ගැලපෙන පරිදි නව්‍යකරණය වෙමින් ඉදිරියට ගලායයි.

1990 දී අංකිත අලෙවිකරණ සංකල්පය බිහිවිය. අන්තර්ජාල අලෙවිකරණය,වෙබ් අලෙවිකරණය ආදී නම් වලින් හැඳින්වුණු අංකිත අලෙවිකරණය වර්තමානයේ ප්‍රබලම අලෙවිකරණ මාධ්‍ය වී හමාරය.

සාම්ප්‍රදායික අලෙවිකරණයේ පමණක් වර්තමාන හා අනාගත ලෝකයට ගැලපෙන පරිදි භාණ්ඩ හෝ සේවා විකිණිය නොහැකි තත්වයකට පත්ව ඇත.ඊට හේතු ලෙස,මිනිසුන් අතීතයට වඩා කාර්ය බහුල වීම,අවශ්‍යතා බහුල වීම,විද්‍යුතමය අංකිත උපකරණ(පරිගණක,ජංගම දුරකථන)යනාදියේ වැඩිපුර කාලය ගතකිරීම,ව්‍යාපාරික ලෝකය පෙරට වඩා තරගකාරී වීම,පාරිභෝගිකයන් තාක්ෂණික ක්‍රම වලට වැඩි කැමැත්තක් දැක්වීම,වඩා ඉක්මනින් ගනුදෙනු කිරීමට පෙළඹීම යනාදිය දැක්විය හැක.

ඉහත හේතුසාධක නිසා අන්තර්ජාලය මත පදනම්වූ අලෙවිකරණ උපක්‍රම අනුගමනය කිරීමට භාණ්ඩ හා සේවා සපයන ආයතන නැඹුරුතාවයක් දක්වයි.අංකිත අලෙවිකරණය සදහා අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර(Search engines),සමාජ මාධ්‍ය(Social media),විද්‍යුත් තැපෑල(Email),බ්ලොග් අඩවි හරහා තම පාරිභෝගිකයන් වෙත භාණ්ඩ හා සේවා අලෙවිකරනු ලබයි.මේ හරහා පාරිභෝගිකයන්ට සේවාවන් ලබාගැනීමට බහුමාධ්‍ය තාක්ෂණයන් උදව් කරගනී.ඒ හරහා වඩා ආකර්ෂණීය ලෙස සිත් ඇදගන්නා ලෙස අලෙවිකරණ ක්‍රියාවලිය අන්තර්ජාලය හරහා සිදුකරනු ලබයි.අංකිත අලෙවිකරණයේදී ව්‍යාපාරික ආයතන පහත සදහන් තාක්ෂණික ක්‍රම යොදාගනු ලබයි.

සෙවුම්යන්ත්‍ර ප්‍රශස්ථකරණය (Search Engine Optimization-SEO)-මෙම තාක්ෂණය හරහා ව්‍යාපාරික වෙබ් අඩවි වෙත තදබදයක්(Traffic) ඇතිකිරීම තුලින් අදාල වෙබ්අඩවියට වැඩි ගණුදෙනුකරුවන් ප්‍රමාණයකට පිවිසීමට අවස්ථාව ලබා දේ. මුදල් නොගෙවා වෙබ්අඩවි වලට පිවිසීමේදී තදබදයක් ඇතිකිරීම මෙම තාක්ෂණයේ අරමුණ වේ.මේ සදහා රූප ,වීඩියෝ,අධ්‍යාපන,ප්‍රවෘත්ති සෙවීම,කර්මාන්ත විශේෂිත සෙවුම් යන්ත්‍ර (Industry Specific vertical search)යනාදිය දැක්විය හැක.

සමාජ මාධ්‍ය අලෙවිකරණය(Social media marketing)- මෙම ක්‍රමය හරහා ප්‍රකට සමාජ මාධ්‍යය වලට ව්‍යාපාරික ආයතන ප්‍රචාරක දැන්වීම් ඇතුලත් කිරීම හරහා තම භාණ්ඩ හෝ සේවා පාරිභෝගිකයන් වෙත ප්‍රචාරණය කරනු ලබයි.මෙහිදී පාරිභෝගිකයන්ට එම දැන්වීම් හුවමාරු කිරීමට,අදහස් දැක්වීමට,ගුණදොස් විවේචනයට අවස්ථාව ලැබේ.මෙම උපක්‍රමය Earned media” ලෙස හැඳින්වේ.සමාජ මාධ්‍යය වෙබ් අඩවි තුල නිර්මාණය කොට ඇති දත්ත විශ්ලේෂණ මෙවලම්(Data analytics tools) හරහා තම ආයතනයේ දැන්වීම් වල සාර්ථකවය පිළිබඳව විමසා බැලියහැකි වීම සමාජ මාධ්‍ය අලෙවිකරණය ආයතන වල ප්‍රචලිත වීමට හේතුවකි.

වීඩියෝ අලෙවිකරණය (Video marketing) - ආයතනයක් මගින් ලබාදෙන භාණ්ඩයට හෝ සේවාවට අදාලව නිර්මාණය කරන ලද ආකර්ෂණීය වීඩියෝ පට අන්තර්ජාලයේ ව්ව්ධ වෙබ් අඩවි තුලට උඩුගතකිරීම(Upload)හරහා පාරිභෝගිකයන් තුල රුචිකත්වක් ඇතිකිරීම තුලින් අලෙවිකරණය සිදුකරයි. වර්තමානයේ මෙම අලෙවිකරණ උපක්‍රමය වඩා සාර්ථක වී ඇත.

විද්‍යුත් තැපැල් අලෙවිකරණය (Email marketing)- විද්‍යුත් තැපැල් පණිවිඩයක් යැවීම හරහා භාණ්ඩ හෝ සේවාවන් අලෙවි කිරීම මෙහිදී සිදුවේ. මේ හරහා යම්කිසි භාණ්ඩයක් හො සේවාවකට අදාල දැන්වීම,වීඩියෝ පට ආදිය ඉලක්ක කරගත් පාරිභෝගික කණ්ඩායම් වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලෙස යැවීමට සැලැස්වීම හරහා එම පාරිභෝගිකයන්ගේ විශ්වාසය,පක්ෂපාතීත්වය ඇති කිරීම හරහා ආයතන තම අලෙවිකරණ ක්‍රියාවලි සාර්ථක කරගනී.

බ්ලොග් අඩවි අලෙවිකරණය (Blog marketing)- ව්‍යාපාරික ආයතනයක් විසින් නිර්මාණය කරනු ලබන බ්ලොග් අඩවි තුලට භාණ්ඩ හෝ සේවා පිළිබඳව ප්‍රදර්ශක(Post), විස්තර, ගුණදොස්, අතුලත්කිරීම හරහා ඒ පිළිබඳව පාරිභෝගිකයා තුල විශවාසයක් ඇතිකොට අලෙවිකරණයේ යෙදීම මෙහිදී සිදුවේ.

අංකිත අලෙවිකරණයේදී ආයතන විසින් අලෙවිකරණය යම්කිසි සැලැස්මකට අනුව සිදුකරනු ලබයි.මේ සදහා පහත උපක්‍රම හා ක්‍රමවේදයන් අනුගමනය කරයි.

පුරෝකථන විශ්ලේෂණය- මේ සදහා “Data mining"ලෙස හැදින්වෙන මෙවලම් භාවිතා කොට යල්පැනගිය දත්ත විශ්ලේෂණය කොට අනාගත පාරිභෝගික අවශ්‍යතා හෝ හැසිරීම් රටා විශ්ලේෂණය කොට පුරෝකථන ඉදිරිපත් කරයි.

පාරිභෝගික පෞද්ගලිකත්වය (Consumer privacy)- පරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය හා ඔවුන්ගේ හැසිරීම් රටා, භාණ්ඩ හෝ සේවා පිළිබද රුචිකත්වය යනාදිය නිරීක්ෂණය කිරීමෙන් ඒ ඒ පාරිභෝගිකයාගේ ව්ශේෂිත අවශ්‍යතා හඳුනාගැනීම.

අලෙවිකරණ උපක්‍රම (Marketing Strategies)- අලෙවිකරණ උපක්‍රම අංකිත අලෙවිකරණයේදී ඉතා වැදගත් සාධකයකි. එයට හේතුව පාරිභෝගිකයා ඍජුවම මුණ නොගැසෙන බැවිනි.මේ සදහා භාවිතා කරන අලෙවිකරණ උපක්‍රම කිහිපයක් ලෙස,ආකර්ෂණීය වෙබ් අඩවි නිර්මාණය,SEO,අනුබද්ධිත වැඩසටහන් භාවිතය,විද්‍යුත් තැපෑල භාවිතය,බ්ලොග් අඩවි පවත්වාගෙන යාම,සමාජ මාධ්‍ය,වෙබ් පෝරම භාවිතය,Google+, Twitter වැනි සේවාවන් භාවිතය දැක්විය හැක.”Zenmedia” වෙබ් අඩවියතුල මෙවැනි අංකිත අලෙවිකරණ උපක්‍රම 51 දක්වා ඇත.

අංකිත අලෙවිකරණයේදී ව්‍යාපාරික ආයතන විසින් විද්‍යුත් තැපැල් අලෙවිකරණ උපක්‍රමය හරහා භාවිතා කරන ආයචිත තැපැල් ක්‍රමය(Spam) නිසා පාරිභෝගිකයන් අපහසුතාවට පත්වේ.ආයචිත තැපැල් නිසා විනාශකාරී වැඩසටහන් හෝ කේත (Malicious Programs or code)පාරිභෝගිකයින්ගේ පරිගණක වෙත ස්වයංක්‍රීයව ස්ථාපනය වේ.කෙසේ වෙතත් මෙවැනි විනාශකාරී තාක්ෂණික ක්‍රියාවන් අංකිත අලෙවිකරණයට බාධා පමුණුවයි.

Friday, June 18, 2021

අංකිත බෙදීම(Digital Divide)

අංකිත බෙදීම(Digital Divide)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මිනිසුන් අතර ප්‍රචලිත වූවාසේම එම තාක්ෂණය ලොව සැමටම එකම ආකාරයකට බුක්තිවිදිය නොහැකිය.දියුණු මෙන්ම දියුණු වෙමින් පවතින රටවල් අතර මෙම තාක්ෂණය භාවිතා කිරීම හෝ භාවිතයේ අඩුකම,මිනිසුන්ගේ අංකිත සාක්ෂරතාවයේ අඩුවැඩි බව නිසා මිනිසුන් මෙන්ම අටවල් අතරද බෙදීමක් ඇතිකරයි.

එසේනම් අංකිත බෙදීම යනු කුමක්ද?අංකිත බෙදීම යනු “තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීමට ඇති පසුකම සහ හැකියාව,හැසිරවීමේ හැකියාව සහ ඒ පිළිබඳව ඇති දැනුම මිනිසා ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් වෙන්කිරීමයි".අංකිත බෙදුමට හේතු සාධක කිහිපයක් පහත පරිදි දැක්විය හැක.

උගත්කම-තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදුම් සහ ඒවායෙහි ඵල ප්‍රයෝජන මොනවාදැයි දන්නා බව සහ නොදන්නා බව.

තාක්ෂණික හැකියාව - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීමට හැකියාවක් ඇති ඒ පිළිබඳව දැනුම ලබාගත් මිනිසුන්ද, කිසිම ආකාරයේ දැනුමක් නොමැති මිනිසුන්ද අතර එකිනෙකා හා සම්බන්ධතා ඇති නොවේ.

වත් පොහොසත් බව- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමට අවශ්‍ය වුවද එහි යෙදුම් භාවිතා කිරීමට අවශ්‍ය වුවද ඒ සදහා අවශ්‍ය පිරිවැය දැරීමට නොහැකිවීම.

කාර්මික වූ නොවූ බව - රටක් කාර්මිකකරණය වීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදුම් භාවිතා වීමට එක් හේතුවකි. එසේ නොවූ කල රටකින් රටකට අංකිත බෙදීම දක්නට ලැබේ.

ජීවන රටාව-නාගරිකව ජීවත් වන මිනිසා ඉතා කාර්ය බහුලය. ඔවුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදුම් බොහෝ ලෙස යොදාගනී.නමුත් ගම්බද ජීවන රටාවකට යොමුවූ මිනිසා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් පිළිබඳව සැලකිල්ලක් නොදක්වයි.මෙයද අංකිත බෙදුමට හේතුපාදක වී ඇත.

අංකිත බෙදුමට විසදුමක් ලෙස “අංකිත සේතුව- Digital Bridge” දැක්විය හැක.අංකිත සේතුව ඇතිකිරීම සදහා “අංකිත සාක්ෂරතාවය - Digital Literacy” පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත් වේ.අංකිත සාක්ෂරතාවය ලෙස හැඳින්වෙන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව මිනිසා ලබාගන්නා දැනුම් සම්භාරයටයි.අංකිත සාක්ෂරතාවය ඇතිමිරීම නිසා මිනිසාට පහත සදහන් වාසි ලබාගත හැකිවේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යෙදවුම් භාවිතා කිරීමේ අවශ්‍යතාවය තේරුම්ගැනීම හා ඒ පිළිබඳව උනන්දුවක් ඇතිවීම.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යෙදුම් භාවිතා කිරීමේදී ඇතිවන ගැටලු බොහෝ දුරට නිරාකරණය කරගැනීමට හැකිවේ.

බිල්පත් ගෙවීම, අධ්‍යාපනික තොරතුරු ගවේෂණය හා රැස්කිරීම, වෛද්‍ය තොරතුරු අනාවරණය යනාදී බහුවිධ අවශ්‍යතාවයන් අන්තර්ජාලය භාවිතා කිරීම තුලින් සිදුකරගැනීම වඩා පහසු බව වටහා ගැනීම, යනාදිය අංකිත සාක්ෂරතාවයේ වාසි ලෙස දැක්විය හැකිය.

අංකිත සේතුව ඇතිකිරීම සදහා ආර්ථික දුෂ්කරතා ඇති ළමයින්ට පරිගණක ලබාදීම දැක්විය හැක. මේ සදහා රාජ්‍ය,රාජ්‍ය නොවන ආයතන වල මැදිහත්වීම් දිරි ගැන්වීම වැදගත් වේ.

අනෙකුත් මූල්‍ය බාධම ඉවත්කිරීම හා සැමට සම අවස්ථා ලබාදීමද සිදුකිරීම වැදගත් වේ.මෙහිදී අඩු මුදලට පරිගණක,අන්තර්ජාල සම්බන්ධතා ලබාදීම සිදුකල හැක.මේ සදහා රාජ්‍ය,පෞද්ගලික මෙන්ම රාජ්‍ය නොවන ආයතන වල මැදිහත්වීම ඉතා වැදගත්වේ.

අතරමැදියන්ගේ සහභාගීත්වය හරහා අංකිත සාක්ෂරතාවය ඇතිකිරීමට වැඩපිළිවෙළක් සකස්කල හැක.

අංකිත බෙදීම නැතිකිරීම සදහා අංකිත සේතුව ඇතිකිරීම විසඳුම වුවද රටක රජයකට ඒ සදහා විශාල වගකීමක් මෙන්ම නිශ්චිත හා ප්‍රයෝගික වැඩපිළිවෙළක් ගොඩනගාගත යුතුය.රටක අනාගත අභිවෘද්ධිය සදහා රටක හුදු මහජනතාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් පිළිබඳව මනා අවබෝධයක් නියත වශයෙන්ම පැවතිය යුතුය.එය කාලීන අවශ්‍යතාවයකි.පාසල් විෂය මාලාවට අනිවාර්ය විෂයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුලත් කිරීම කාලෝචිත ක්‍රියාවක් වන අතර ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා සෑම පාසලකම පරිගණක විද්‍යගාරයක් මෙන්ම සුදුසුකම්ලත් ගුරුභවතුන් අනුයුක්තකිරීම හරහා කුඩාකල සිටම ළමයින්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම ලබාදිය යුතුය.ඒ හරහා අනාගත ප්‍රජාව ඉබේම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වෙත නැඹුරු වනවා සේම භාවිතයන් පිළිබඳවද මනා දැනුමක් මෙන්ම හුරුවක්ද ලබාගනු ඇත.

Thursday, June 17, 2021

විද්‍යුතමය කෘෂිකර්මය(E- Agriculture)

විද්‍යුතමය කෘෂිකර්මය(E- Agriculture)


කෘෂිකර්මාන්තය යනු ශ්‍රීලංකාව වැනි දියුණුවෙමින් පවතින බොහෝ රටවල මිනිසුන්ගේ ප්‍රධානතම ජීවන උපායයි.නවීන ලෝකයේ පවතින දැඩි තරගකාරීත්වය කෘෂිකර්මාන්තයටද විශාල බලපෑමක් ඇතිකර ඇත.එම තරගකාරීත්වය නිසාම සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම භාවිතාකිරීම හරහා ඉල්ලුමට සරිලන,ගුණාත්මක අස්වැන්නක් අවශ්‍ය අවස්ථාවල,ඉක්මනින් ලබාදීම පිළිබඳව ගැටලුවක් ඇත.මෙයට විසඳුම තාක්ෂණික ක්‍රම කෘෂිකර්මාන්තය සදහා ගැලපෙන පරිදි යොදාගැනීමයි.

මේ සදහා විද්‍යුතමය කෘෂිකර්මය කදිම පිළිතුරකි.එසේනම් විද්‍යුතමය කෘෂිකර්මය යනු කුමක්ද?විද්‍යුතමය කෘෂිකර්මය(E- Agriculture) යනු,”තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කෘෂිකර්මාන්තය සදහා යොදාගැනීමයි”.මේ හරහා කෘෂිකර්මාන්තය වඩා ඵලදායී ලෙස,නියමිත තාක්ෂණයට අනුව සිදුකරගැනීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මෙන්ම ඒ හා බැදනු අන්තර්ජාලය,සාර්ව ද්‍රව්‍යාඅන්තර්ජාලය,(Internet of Things-IOT) වැනි තාක්ෂණයන් මෙන්ම පරිගණක,ජංගම දුරකථන,සංවේදක,රොබෝ තාක්ෂණය මෙන්ම වෙනත් තාක්ෂණික උපකරණ යනාදිය භාවිතා කිරීමයි.

විද්‍යුතමය කෘෂිකර්මය හේතුවෙන් වඩා වැඩි අස්වැන්නක් ඉතා ඉහල ගුණාත්මක තත්වයකින් යුක්තව ලබාගත හැක.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විවිධ අවස්ථා වලදී(වගා භූමිය සැකසීම,පැල රෝපණය,වල්පැල නෙලීම,පොහොර හා ජලය යෙදීම,වල්නාශක යෙදීම, බෝග වර්ධක අවස්ථා නිරීක්ෂණය,පලිබෝධ පාලනය,නව පලිබෝධකයින් හඳුනා ගැනීම,අස්වනු නෙලීම,සැකසීම,පසු අස්වනු තාක්ෂණය) සදහා මෙන්ම සත්ව පාලනයේදී,සතුන්ගේ සංචරණ රටා,සෞඛ්‍ය තත්වය වැනි කාරණා නිරීක්ෂණයට මෙන්ම ගොවිපළ කළමනාකරණයට(Farm Management) යනාදියට මෙන්ම ධීවර කර්මාන්තයටද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කරයි.

කෘෂිකර්මාන්තය සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් සදහා උදාහරණ කිහිපයක් පහත දැක්විය හැක.

කාලගුණික මිනුම් යන්ත්‍ර- කාලගුණය, දේශගුණය, වර්ෂාපතනය, සුළඟේ වේගය හා දිශාව යන සාධක පෙන්නුම් කරයි. ඒ අනුව බෝග වගාවට හා අස්වනු නෙලීමට සුදුසුම කාලය තීරණය කල හැක.

වගාබිමෙහි තත්වය මනින උපකරණ-මෙමගින් වගාබිමෙහි තෙතමනය, සරු නිසරු බව, පසේ PH අගය යනාදිය නිරීක්ෂණය කොට බෝග වගාවට සුදුසු නුසුදුසු බව තීරණය කරයි.

ස්වයංක්‍රීය වල්පැල නෙලනය-ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම උපකරණ මගින් වල්පැල හා බෝග වෙන්කර හදුනාගෙන වල්පැල ගලවා ඉවත්කරයි. මේ නිසා ශ්‍රමිකයන් හිඟකම යන ගැටලුවට පිළිතුරු ලබාගත හැක.

රොබෝ තාක්ෂණයෙන් පැල සිටුවීම- විශාල වගාබිම්වල පැල එහාමෙහා ගෙනයාමටත් පැල අතර පරතරය නිසිලෙස පවත්වාගෙන පැල සිටුවීමට මෙම යන්ත්‍ර යොදාගනී.

ස්වයංක්‍රීය ජල සැපයුම (Drip irrigation)- පසට යොමුකොට ඇති තෙතමනයට සංවේදී ක්ෂුද්‍ර සංවේදක හරහා වගාබිමේ තෙතමනය පරීක්ෂා කොට සුදුසු අවස්ථාවලදී ස්වයංක්‍රීයව ජල සැපයුම සිදුකරයි.

ස්වයංක්‍රීය කුරුමිණිපාලන යන්ත්‍රය - මේ හරහා ක්ෂුද්‍ර සංවේදක භාවිතා කොට වගාබිමෙහි සැරිසරන කුරුමිණිවර්ග, සිටින දිශාව, වර්ධාය වන ආකාරය හඳුනාගැනීම හා ග්‍රහණය කරගැනීම සිදුකරයි.

රොබෝ තාක්ෂණයෙන් අස්වනු නෙලීම- වගාබිමේ සවිකොට මෙන්ම ජංගම උපකරණ මගින් ශාකයක ඵලදාව නිරීක්ෂණය කොට සුදුසු වර්ධන අවස්ථාවල පවතින අස්වනු නෙලාගැනීමට භාවිතා කරයි.

හරිතාගාර(Greenhouse) - භෝග වගාවේදී වර්ෂාව, සුළඟ, උෂ්ණත්ව, කෘමීන්, වසංගත ආදියෙන් බෝග ආරක්ෂාකොට වඩා ගුණාත්මක අස්වනු ලබාගැනීම සදහා හරිතාගාර භාවිතා කරයි. හරිතාගාර තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් වගාවන්ට උචිත ලෙස ආර්ද්‍රතාව,ජලය,වාතය,උෂ්ණත්වය  හා ආලෝකය පාලනය කිරීම සිදුකරයි.

ගුවන්විදුලි සංඥා හැඳුනුම් උපකරණය (Radio Frequency Identification Device-RFID)- රේඩියෝ ක්ෂුද්‍ර තරංග භාවිතයෙන් ගොවිපලෙන් දුරස්ථව සිටින සතුන් හඳුනාගැනීම, ගණනය කිරීම සිදුකරයි. මේ සදහා එම ගොවිපළ සතුන්ගේ RFID උපකරණය සවිකොට ඇති අතර පාලන මද්‍යස්ථානය වෙත රේඩියෝ ක්ෂුද්‍ර තරංග හරහා සම්බන්ධ වේ.

තත්වපාලනය- ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන තත්වපාලන උපකරණ මගින් එළදෙනුන්ගෙන් ලබාගන්නා කිරිවල තත්වය පරීක්ෂා කරනු ලබයි.

ගොවිපළ ආරක්ෂාව - ගොවිපළක සතුන්, අස්වනු, වගාබිම්, උපකරණ සොර සතුරන්ගෙන් හා වෙනත් උපද්‍රව වලින් ආරක්ෂා කරගැනීම සදහා CCTV කැමරා, වෙබ් කැමරා, ක්ෂුද්‍ර පාලක යනාදී තාක්ෂණික උපකරණ රැහැන් රහිත මාධ්‍යයන් හරහා සම්බන්ධ කිරීම මගින්, ගොවිපළ පිටස්තර ස්ථානයක සිට වුවද නිරීක්ෂණය කල හැකිය.

ගොවිපළ කළමනාකරණය - ගොවිපළ හිමියාට තම ගොවිපළෙහි වාර්ථා තබාගැනීම, ලාභ අලාභ ගණනයට, සේවක වැටුප්, අස්වනු පිළිබඳ තොරතුරු ආදිය තැන්පත් කරගැනීම සදහා ජංගම දුරකථන, පරිගණක ආදියෙහි සථාපනය කර ඇති ගොවිපළ කළමනාකරණ මෘදුකාංග හරහා සිදුකරගත හැක. එලෙසම අන්තර්ජාලය හා සම්බන්ධ වී වෙළදපොල තත්වය නිරීක්ෂණයෙන් අස්වනු විකිණීම හා සම්බන්ධ තොරතුරු ලබාගත හැක.ඒ අනුව වෙලදපොළ ඉල්ලුම අනුව සැපයීම් සිදුකොට වඩා වැඩි ලාභයක් උපයාගත හැක.

ධීවර කර්මාන්තයේදී- ක්ෂුද්‍ර සංවේදක මගින් මසුන් සිටින ප්‍රදේශ හදුනාගෙන එම තොරතුරු, සන්නිවේදන ක්‍රම ඔස්සේ ධීවර යාත්‍රවල ඇති පරිගණක වෙත ලබාදේ.

GPS (Global Positioning System) මගින් වගාබිම්වල මැනීම් කටයුතු සිදුකිරීමට් භාවිතා කරයි.

මෙවැනි තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කිරීම මගින් වර්තමාන හා අනාගත කෘෂි අවශ්‍යතා ,ඉහල ගුණාත්මක තත්වයකින්,කලට වේලාවට,අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් හා සාධාරණ මිලක් යටතේ ලබාදිය හැක.නමුත් තාක්ෂණයෙන් ඌණ සංවර්ධිත රටවලට මෙම තාක්ෂණයන් යථාර්ථයක් කරගැනීමට දැඩි කැපවීමක් හා උනන්දුවක් පැවතිය යුතුවේ.

Monday, June 14, 2021

වෙබ්2.0 - Web 2.0

වෙබ්2.0 - Web 2.0


අප දැනටමත් අන්තර්ජාලය,වෙබ් අඩවි තුල නිරතුරුවම සැරිසරන්නෙමු.එහි ඇති බහුමාධ්‍යන් භාවිතා කරන්නෙමු.ප්‍රවෘත්ති,කාලගුණ වාර්ථා,විනෝදකාමී වැඩසටහන්,චිත්‍රපට,සමාජජාලා,අන්තර්ජාල ආශ්‍රිත ක්‍රීඩා එදිනෙදා ජීවිතය හා බද්ධවී ඇත.

එසේනම් වෙබ්2.0 යන තාක්ෂණය කුමක්ද?වෙබ් 1.0 යන සංකල්පයේදී වෙබ් අඩවි පරිශීලකයන්ට එම වෙබ් අඩවි තුල පවතින අන්තර්ගතයන් පරිහරණයට පමණක් ඉඩ ලැබුණි.නමුත් වෙබ්2.0 තාක්ෂණයේදී පරිශීලකයන්ට වෙබ් අඩවි තුලට බහුමාධ්‍යන් ආතුලත්කිරීමට අවස්ථාව ලබාදී ඇත.මෙය මෙය වෙබ්2.0 තාක්ෂණයේ ඇති පැහැදිලිම වෙනසයි.විකි,බ්ලොග්,සමාජ මාධ්‍යය තුල බහුලව පවතින්නේ පරිශීලකයන් විසින් ඇතුලත් කල බහුමාධ්‍යන් වේ.

වෙබ්2.0 හි පරිශීලකයන් එකිනෙකා අතර තොරතුරු සමාජ ජාල මූලික කරගෙන හුවමාරු කරගනී.මෙහිදී අතත්‍ය සමාජයක්(Virtual Community) බිහිවී තිබේ.වෙබ් 2.0 තාක්ෂණයේ ප්‍රධාන ලක්ෂණ ලෙස,

තොරතුරු වර්ගීකරණය කලහැකි වීම. (Folksonomy)

ඉහල පරිශීලක අත්දැකීම් (Rich user participation). උදාහරණ ලෙස,විකිපීඩියාහි අන්තර්ගතයන් පරිශීලකයන්ට වෙනස්කල හැකිලෙස සකසා තිබීම.

ඉහල පරිශීලක සහභාගීත්වය (Rich user participation)

මෘදුකාංග සේවාවක් ලෙස ලබාදීම. (Software as a service-SaaS)- වලාකුළු පරිගණක තාක්ෂණික සේවාවක් ලෙස සැලකෙන මෙම සේවාව වෙබ් අතරික්සුව මත භාවිත මෘදුකාංග ක්‍රියාත්මක කරගතහැකි තාක්ෂණයකි.

බහුතර සහභාගීත්වය (Mass participation) යනාදිය දැක්විය හැක.

මෙම වෙබ් අඩවිවල සෙවුම්,අධිසන්ධාන,අන්තර්ගතයන් වෙනස්කිරීමේ බලය,ඇමුණුම්,මෘදුකාංග කොටස් එකතුකිරීම,සංඥා ක්‍රම(RSS)වැනි ගතිලක්ෂණ හා තාක්ෂණයන් දක්නට ලැබීම වෙබ්1.0 හා සැසදීමේදී හමුවන පැහැදිලි වෙනස්කම් වේ.

වෙබ් 2.0 තාක්ෂණයේ වැදගත් කොටසක් වන සමාජ වෙබ් අඩවි(Social websites)දැක්විය හැක.මෙම වෙබ් අඩවි තුල මාර්ගගත යෙදවුම්(Online tools) හා පරිශීලකයන් අතර අදහස්,සංකල්ප,පළපුරුද්ද,හැගීම් යනාදිය හුවමාරුකරගැනීමට මනා වේදිකාවක් සපයයි.මෙම වෙබ් අඩවි තුලදී පරිශීලකයා,පරිශීලකයෙකු පමණක් නොව වෙබ් අඩවි පෝෂණය සදහා උදව්කරුවෙකුද වේ.මේ සදහා පොඩ්කාස්ට්,බ්ලොගින්,ටැගින්ග්,කර්වින්ග් විත් RSS, Social bookmarking,සමාජ ජාල,සමාජ මාධ්‍ය,විකි,Web content voting(Review or Rating site) භාවිතා කරයි.වෙබ් 2.0 තාක්ෂණය බ්ලොග්,විකි,සමාජ ජාල යන තාක්ෂණයන් නිසා ලොවපුරා ප්‍රසිද්ධ වී ඇත.

මෙම තාක්ෂණය සමාගම්,ලාභ නොලබන ආයතන(Non-profit organization),රජයන් විසින් තම සේවාලාභියා වෙත විවිධ භාණඩ,සේවාවන් සැපයීම සදහා අලෙවිකරණ මාධ්‍යයක් ලෙසද භාවිතා කරයි.වෙබ්2.0 මෙවලම් භාවිතයෙන් පාරිභෝගිකයන් සම්බන්ධ කරගැනීම හරහා ඔවුන්ගේ භාණ්ඩ,සේවාවන් දියුණු කරගැනීම හා ප්‍රචාරණය කරගැනීමට භාවිතා කරයි.මෙම ආයතන අතර සම්බන්ධතාවයන් ගොඩනගාගැනීම,පවත්වාගැනීම,වැඩිදියුණුකර ගැනීම,නව ව්‍යාපාරික සහකරුවන් සොයා යාම සදහාද භාවිතා කරයි.

සංචාරක ක්ෂේත්‍රය(Tourism industry) තුලදී වෙබ්2.0 තාක්ෂණය ඉතා සාර්ථක වී ඇත.අතත්‍ය සමාජ ජාල(Virtual networks) ගොඩනගාගැනීම හරහා සංචාරක සමාගම් තම ව්‍යාපාරික කටයුතු මනාව සිදුකරගනී.”Trip advisor” වැනි මාර්ගගත සාකච්ඡා පෝරම (Discussion forum) හරහා සංචාර, හෝටල්, ගමනාන්ත සදහා උදව් ලබාගනී. සමාජජාල වෙබ් අඩවි සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සදහා වෙබ්2.0 තාක්ෂණය මනා පිටුවහලක් දක්වයි.

අධ්‍යාපන ක්ෂේත්‍රය සාදහාද වෙබ් 2.0 තාක්ෂණය මනා සහයෝගයක් දක්වයි.බ්ලොග් අඩවි හරහා තම දැනුම පහසුවෙන් සමාජගත කල හැකි වීම විශාල වාසියකි.මාර්ගගත(Online) අධ්‍යාපනය සදහා විවිධ මෘදුකාංග වලට ක්‍රියාත්මක වීමේ හැකියාව ලැබී ඇත.වදන් සැකසුම්,පැතුරුම්පත්,ප්‍රදර්ශණ මෘදුකාංග “Ajax” වැනි වෙබ් අඩවි දියුණු කරන තාක්ෂණයන් හරහා පරිශීලකයන්ට ලබාගත හැකිවී ඇත.

“EyeOs”, ”YouOs” වැනි සේවාදායක පරිගණක හරහා ක්‍රියාත්මකවන මෙයෙහුම් පද්ධති වෙබ්2.0 මත මනා සේවයක් පරිශීලකයන්ට ලබාදේ.

වෙබ්2.0 මත ක්‍රියාත්මක වන ගතික වෙබ් අඩවි(Dynamic Websites) හරහා බහුමාධ්‍ය හුවමාරු කිරීම සදහා වේගවත් තාක්ෂණයන් වන XML(Extensible Markup Language) මත පදනම්ව RSS(Really Simple Syndication),RDF(Resource Description Framework)හා Atom ලෙස හැඳින්වෙන වෙබ් ප්‍රමිතීන් භාවිතා වේ.මද්‍යගත වෙබ් අඩවි මත අන්‍යොන්‍ය ලෙස බලපැවැත්වීම සදහා FOAF(Friend of a friend)- මේ හරහා පරිශීලක කණ්ඩායම් වලට මද්‍යගත දත්ත ගබඩාවක් රහිතව සමාජජාල් හරහා සම්බන්ධ විය හැක. XFN (XHTML Friends Network) නමින් හැඳින්වෙන HTML (Hyper Text Markup Language) මත පාදක වූ ප්‍රොටොකෝලය(Protocol) මගින් පරිශීලකයන් අතර සංධාන(Links) හරහා සබඳතා ගොඩනගාගැනීමට නිපදවා ඇත.

වෙබ් 2.0 තාක්ෂණය හරහා ක්‍රියාත්මකවන  REST” ආකෘතිය හා SOAP” හරහා භාවිත වැඩසටහන් අතුරුමුහුණත්(Application Programming Interface-API) භාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.

වෙබ් තාක්ෂණයේ නිර්මාතෘ වන “Tim burners lee” විසින් වෙබ්2.0 පිළිබඳව ප්‍රකාශ කොට ඇත්තේ, කිසිවෙකු වෙබ්2.0 පිළිබඳව සත්‍යවශයෙන් නොදන්නා බවත්,බ්ලොග් හා විකි වැනි වෙබ් අඩවි හරහා මිනිසුන් හා මිනිසුන් අතර පවතින සබඳතාවයක් බවයි.කෙසේ නමුත් වෙබ් යනු මිනිසුන් එකිනෙකා අතර සහයෝගයෙන් ක්‍රියාකිරීම සදහා නිර්මාණය කොට ඇති වඩා රසවත් අවකාශයක් බවයි”.

Sunday, June 13, 2021

විද්‍යුත් අපද්‍රව්‍ය(E Waste)



මිනිසා කාර්‍යබහුල වීමත් සමගම තම කටයුතු පහසුවෙන්,වේගයෙන් කාර්‍යක්ශමව සිදුකරගැනීම සදහා විදුලි බලයෙන් ක්‍රියාකරනු ලබන විවිධාකාර උපකරණ භාවිතය සීඝ්‍ර ලෙස වැඩිවී ඇත.

පරිගණක,රූපවාහිනී,ජංගම දුරකථන වැනි විදුලිබලයෙන් හෝ බැටරියකින් ක්‍රියාකරන නොයෙකුත් ඉලෙක්ට්‍රොනික නිශ්පාදන ඒවායේ ක්‍රියාකාරී,ප්‍රයේජනවත් කාලය අවසන්වූ විට ඒවා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (E Waste) ලෙස හඳුන්වනු ලැබේ.

නොයෙකුත් හානිකර මූලද්‍රව්‍යවලින් නිෂ්පාදනය කර ඇති මෙම උපකරණ ප්‍රයෝජනවත්,සක්‍රීය කාලය අවසානයේදී අනිසි ලෙස පරිසරයට බැහැරකිරීම නිසා මිනිසාට මෙන්ම පරිසරයට අතිවිශාල හානියක් සිදුවී ඇත.පරිසරය අපවිත්‍ර වීම නිසා එහි අහිතකර ප්‍රතිඵල වලට නිතැතින්ම ගොදුරුවීමට මිනිසාට සිදුවී ඇත.

කැළිකසළ සමග බොහෝ නිවෙස්වලින්,ආයතන වලින් CFL බල්බ වලින් මිනිස් සෞඛ්‍යයට අහිතකර රසදිය පරිසරයට එකතුකරයි.රසදිය නිසා මිනිසාගේ සෞඛ්‍යයට පහත පරිදි හානි ගෙනදේ.

ස්නායු පද්ධතිය අඩපණ වේ.

මොළයේ සෛලවලට හානිවේ.

මද්‍යස්නායු පද්ධතියට හානි ගෙනදේ.

සමේ අසාත්මිකතා ඇතිවේ.

වකුගඩු, අක්මාවට හානි ගෙනදේ.

•DNA හා ක්‍රොමොසෝම වලට හානි ගෙනදේ.

මෙලෙසම අනෙකුත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැරකිරීම නිසා ශරීරයේ ඉදිමුම සහිත දැවිල්ල,ඔක්කාරය,හෘදවාහිනී ආබාධ,ආතතිය,DNA විනාශවීම,පිළිකා ආදිය දැක්විය හැක.රසදිය පමණක් නොව විවිධාකාර සෞඛ්‍ය ගැටලු ඇතිකරන මූලද්‍රව්‍ය මෙම විද්‍යුත් අපද්‍රව්‍ය වල අඩංගු වී ඇත.ඒවානම්,ආසනික්,බේරියම්,බෙරිලියම්,ඊයම්,ක්‍රරෝමියම්,ඩයොක්සීන්,සෙලිනියම් ආදිය දැක්විය හැක.මිනිසාට පමණක් නොව සතුන් හා ශාක වලටද මෙම අහිතකර මූලද්‍රව්‍ය හානි ගෙනදේ.

යුරෝපියානු කොමිසමේ(European Commission) හි ආධාර සහිතව CWIT නම් ව්‍යපෘතිය මගින් 2012 වර්ෂය වනවිට,ටොන් මිලියන 3.5(35%) ක විද්‍යුත් අපද්‍රව්‍ය යුරෝපයේ පමණක් විනාශ කොට ඇත.ටොන් මිලියන 6.15(65%) ක් ප්‍රතිචක්‍රීකරණය කොට ඇත.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආරක්ෂකාරීව බැහැරකිරීම සදහා ක්‍රමවේද 3ක්(3R) ලෙස සොයාගෙන ඇත.

භාවිතය අඩු කිරීම(Reduce)- දැනට ප්‍රයෝජනයට ගන්නා ඉලෙක්ට්‍රොනික උපකරණ නිසිපරිදි නඩත්තු කිරීම හා සම්පාදනය කිරීම තුලින් අනවශ්‍යාපරිදි මිළදීගැනීම් අඩුකරගත හැක.

නැවත ප්‍රයෝජනයට ගැනීම(Reuse) - පැරැණි නමුදු ක්‍රියාකාරී තත්වයේ ඇති ඉලෙක්ට්‍රොනික උපකරණ විනාශ නොකොට භාවිතයට ගැනීම, පරිත්‍යාග කිරීම හෝ විකිණීම.

ප්‍රතිචක්‍රීකරණය(Recycle)- ඇලුත්වැඩියා කලනොහැකි උපකරණ ප්‍රතිචක්‍රීකරණ මද්‍යස්ථාන වෙත ලබාදීම.

මෙම ක්‍රමවේද 3 මගින් අනවශ්‍ය ලෙස පරිසරයට එකතුවන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය අඩුකරගැනීමටත් ඒ හරහා මිනිසාට,සතුන්ට මෙන්ම ගංගා,ඇලදොල වැනි ස්වාභාවික සම්පත් වලට සිදුවන බලපෑම් අවමකරගත හැක.

හරිත පරිගණකය(Green Computing) ජංගම දුරකථන ප්‍රතිචක්‍රීකරණය,ආරක්ෂිත දත්ත ලේඛණය(Safety data sheet),ප්‍රතිපරිගණක(Retro computing) යන ක්‍රමවේද තුලින් විද්‍යුතමය අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණයට,හදුනාගැනීමට,ඒවායේ අඩංගු බැරලෝහ පිළිබඳ විස්තර අනාදිය හඳුනාගත හැක.

විශේෂයෙන්ම හරිත පරිගණක සංකල්පය තුලින් පරිගණකයක බහුතර කොටස් පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කිරීමට Apple පරිගණක සමාගම සමත්වී ඇත.ආරක්ෂිත දත්ත ලේඛණය තුලින් විද්‍යුත් උපකරණ තුල අඩංගු අහිතකර මූලද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය පිළිබඳව විස්තර අඩංගු වේ.ප්‍රතිපරිගණක තාක්ෂණයදී පැරණි පරිගණක කොටස් නව පරිගණක වලට භාවිතාකරයි.

මෙම විද්‍යුත් අපද්‍රව්‍ය වල පුද්ගල සංවේදී තොරතුරු අඩංගු වන බැවින් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේදී ඒ සදහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අනුගමනය කරයි.මෙහිදී පළමුව එම දත්ත මකාදමා ඉදිරි පියවර සදහා යොමුවේ.

වර්තමාන ලෝකය මුහුණදෙමින් සිටින මෙම විද්‍යුත් අපද්‍රව්‍ය පිළිබඳ ගැටලු සදහා සාධනීය විසඳුම් මේවන විටත් පර්යේෂකයන් විසින් සොයාගෙන ඒ සදහා සුදුසු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනුලබන අවධියක අපේ යුතුකම හා වගකීම වන්නේද විද්‍යුත් අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය කිරීමට හැකි පමණ දායක වීමයි.

Friday, June 11, 2021

කෘතීම බුද්ධිය (Artificial Intelligence -AI)

කෘතීම බුද්ධිය (Artificial Intelligence -AI)


තාක්ෂණයේ ඉතා දියුණු අංශයක් ලෙස “කෘතීම බුද්ධිය” හදුන්වාදිය හැක. පරිගණක විද්‍යවේ විස්තර කිරීමට අනුව මෙම තාක්ෂණයේ පර්යේෂණ Study of Intelligence agents” ලෙස හැඳින්වේ.

එසේනම් කෘතීම බුද්ධිය යනු කුමක්ද?කෘතීම බුද්ධිය යනු,යම්කිසි පද්ධතියක් විසින් බාහිරින් ලැබෙන දත්ත නිවැරදිව හදුනාගෙන එම දත්ත පරිවර්තනයෙන් යම්කිසි සිදුවීමක් පිළිබඳව ඉගෙනගෙන,ඉතා නම්‍යශීලී හැඩගැසීමක් තුලින් විශේෂිත වූ අරමුණු හා කාර්‍යයන් සිදුකිරීමයි.”

AI පද්ධතියක් බාහිර පරිසරයෙන් ලැබෙන දත්ත විශ්ලේෂණය කොට එමගින් යම්කිසි ප්‍රතිචාරයක් ලබාදීම සිදුකරන අතර එම ප්‍රතිචාරවල සාර්ථකත්වය ඉහල මට්ටමකට පවත්වාගනී. එමෙන්ම අතීත,වර්තමාන දත්ත මත AI පද්ධතියක සාර්ථකත්වය රදාපවතී.

AI පද්ධතියක සමස්ථ ක්‍රියාකාරිත්වය ඇල්ගොරිතම(Algorithms) මත අදාපවතී. ඇල්ගොරිතමයක් යනු,යම්කිසි ක්‍රියාවක් සිදුකිරීම සදහා අනුගමනය කළයුතු ක්‍රමවත් ක්‍රියාපටිපාටියක් වේ.බොහෝ AI ඇල්ගොරිතම දත්ත වලින් ඉගෙනගන්නා අතර එම ඉගෙනීම නව අත්දැකීම් තුලින්ද සිදුවේ.කෙසේ නමුදු මෙම ඉගෙනීම මිනිසාගේ ඉගෙනුම් විලාශයක් වන “තර්කනයෙන් ඉගෙනීම” ට කිසිසේත්ම සමාන කල නොහැක.

ඊට හේතුව මිනිසාගේ තර්කන හැකියාව අවකාශය,කාලය,භෞතික සබඳතා වැනි අංශ ඔස්සේ විසිරී පවතින බැවිනි.එමෙන්ම මිනිසුන් තුල පවතින “ගැමි මානසිකත්වය” ඔවුන් AI පද්ධති වලින් පැහැදිලිවම වෙන් කරයි.මෙමගින් ස්වාභාවික භාෂා ඉගෙනීමේ හැකියාව මිනිසාට උරුමවී ඇත.මිනිසාට උපතින්ම ලැබී ඇති සාමාන්‍ය දැනීම(Common Knowledge)AI පද්ධතිවලට නොමැතිකම නිසා එම පද්ධති වල දෝෂ හටගනී.

මෙම් දෝෂ නිසා AI තාක්ෂණයට බොහෝ අභියෝග එල්ලවී ඇත.එනම්,

විශාල සංසිද්ධි වලට අදාල ගැටලු විසදාගැනීමට ප්‍රමාණවත් තරම් ඇල්ගොරිතම නොමැතිකම.

පරිකල්පන හැකියාවන් වලින් අඩුවීම.

සාමාන්‍ය දැනුම (Common-sense knowledge) වල හිඟකම.

එකම විසඳුම ඒහා සමාන සෑම ගැටලුවකටම ආදේශකිරීමට යාමේදී ඇතිවන නොගැලපීම.

දෙනලද දැනුම් ගබඩාවකට (Knowledge base) පමණක් සීමාවීම.

සංජානනය(Perception) නොමැතිකම.

සමාජ බුද්ධිය (Social Intelligence) සාමාන්‍ය බුද්ධිය (General Intelligence) නොමැතිකම.

ආදී දෝෂ පවතී.මෙම දෝෂ යම්තාක් දුරට හෝ මගහැර වඩා ප්‍රථිපලදායක AI පද්ධති නිර්මාණය සදහා පර්යේෂකයන් උත්සාහ ගනිමින් සිටී.

පරිගණක ආශිත විවිධාකාර සංකල්ප AI පද්ධති නිර්මාණය සදහා භාවිතා කරයි.ඒ අතර,

බුද්ධිමය සෙවීම් (Intelligently searching) වලදී වියහැකි විසඳුම් රාශියක් අතරින් වඩාත් ගැලපෙන විසඳුම් සෙවීමේදී Reasoning” යන සංකල්පය භාවිතයෙන් සෙවීම් ප්‍රමාණය අඩුකරගත හැක.

තාර්කික ක්‍රමවේද රැසක් AI පර්යේෂණවල යොදාගනී. Propositional logic, First- order logic, Fuzzy set theory, Default logic, Non- monotonic logic යනාදී ක්‍රමවේද භාවිතා කරයි.

 

• “Bayesian network” නැමති පොදු මෙවලම විවිධ AI ගැටලු විසදීමට යොදාගනී.

• ”සම්භාවිතා ඇල්ගොරිතම” (Probability algorithms) AI තාක්ෂණයේදි දත්ත ප්‍රවාහ වෙන්කරගැනීමට, පුරෝකථන, සරලකිරීම් වැනි කාර්‍යයන් වලට යොදාගනී.

ගණිතමය මෙවලම් වන, Decision theory, Decision analysis, Information value theory යනාදිය බුද්ධිමය ඒජන්තවරුන් (Intelligent agent) රුචිකත්වය හා පිඹුරු සැකසීමට යොදාගනී.

AI තාක්ෂණය භාවිතා කරන අවස්ථා කිහිපයක් පහත පරිදි දැක්විය හැක.

සෞඛය අංශයේදී රෝග විනිශ්චය (Medical diagnosis) සදහා.

කලා අංශයේදී.

ගණිතයමය න්‍යයන් සත්‍යාපනයේදී (Proving mathematical theorems)

මාර්ගගත ක්‍රීඩාවලදී (such as Chess or go)

වෙබ් සෙවුම් යන්ත්‍රවලදී (such as Google search)

මාර්ගගත සහකරුවන් (Online assistant such as “Siri”)

චායාරූප හදුනාගැනීමේදී (Image processing)

ආයචිත තැපැල් පෙරණ වලදී (Spam filters)

ජූරිසභාවල තීරණ පුරෝකථනය සදහා (Prediction of judicial decisions)

මාර්ගගත දැන්වීම් ඉලක්කගතකිරීම

ශක්තිය ගබඩාකිරීම, යනාදිය දැක්විය හැක.

AI තාක්ෂණයේ දාර්ශණික ගැටලු 3 ක් පවතී.

€AI තාක්ෂණයේ විභවතාවක් ඇත. යන්ත්‍රයකට ගැටලුවක් විසඳිය හැකි නමුත් මිනිසා තම බුද්ධියෙන් ගැටලු විසදයි.නමුදු AI තාක්ෂණයට සීමාවක් පවතී.

බුද්ධිමය යන්ත්‍රවල යම්කිසි අවධානමක් ඇත. එම යන්ත්‍රවල හැසිරීම නීත්‍යානුකූලව සිදුවේද,නොවේද යන්න පිළිබඳව සහතිකවිය නොහැක.

යන්ත්‍ර මිනිසා සේම මොළයකින් හා මානසික තත්වයකින් සමාන නම් යන්ත්‍ර තම අභිමතය පරිදි හැසිරුනහොත් සත්‍යවශයෙන්ම ඒවා මිනිසාට හානිකර විය හැකිය.

කෙසේනමුත්,මේ සියලු කාරණා විමසා බැලූ ලොව ප්‍රකට විද්වතෙකු වන් Stephen hawking”ගේ මතය අනුව,”මිනිසාගේ තරගය AI තාක්ෂණයේ දියුණුවත් සමග නිමාවනු ඇතයන්නයි.

2026 A/L ICT Classes