Tuesday, May 17, 2016

ගූගලීකරණය වූ නූතන මිනිසා

 

මිනිසා යනු හොද මතක ශක්තියක් ඇති බුද්ධිමත්ම සත්ව කොට්ඨාශයකි.අනෙකුත් ජීවීන්ට වඩා බොහෝ සෙයින් කරුණු මතක තබා ගැනීමට මිනිසාට හැකියාවක් ඇත.එපමණක්ද නොව කරුණු විශ්ලේෂණය කිරීම,වඩාත් සුදුසු කරුණු තෝරා බේරා වෙන්කර ගැනීමටද මිනිසාට මනා හැකියාවක් ඇත.විද්වතුන් පවසන පරිදි මිනිසාගේ මොළයේ මතක ධාරිතාව 3TB තරම් වේ.

තාක්ශණයේ විප්ලවීය වෙනස්කම් රාශියක් මේ වන විටත් සිදු වී හමාරය.පරිගණක තාක්ශණය ඒ අතරින් ඉදිරියෙන්ම සිටී.කාලයාගේ ඇවෑමෙන් මිනිසා අද තම ජීවිතයේ බොහෝ කටයුතු පරිගණකය ලවා ඉටුකර ගැනීමට හුරු වී සිටී.මේ අතරින් කරුණු සෙවීමට හා මතක තබාගැනීමට මැළිකමක් දක්වන බව නොරහසකි.මොළය වෙහෙසවමින් කරුණු කාරණා පරිගණකය ලවා ඉටුකර ගැනීමට වැඩි වැඩියෙන් පෙලඹී ඇත.

මේ හේතුව නිසා අද ඉතා කුඩා ගණනය කිරීමකට වුවද ගණක යන්ත්‍ර භාවිතයට හුරුවී සිටී.මේ නිසා මනෝමය හැකියාව සෑහෙන දුරකට මොට වී ඇති බව පිළිගත යුතු සත්‍යයකි.කරුණු සෙවීමට පොත පත පරිශීලනය කරනවාට වඩා ගූගල් වල පිහිට පැතීම සැබැවින්ම පහසුවකි.ගූගල් නිරන්තරයෙන් එම කාර්‍ය‍ය සදහා සැදී පැහැදී සිටී.මේ නිසාම ගූගල් වැනි සෙවුම් යන්ත්‍ර අද මිනිසාගේ පරම මිතුරෙකු වී හමාරය.

දිනපතා බිලියන ගණනක් මිනිසුන් ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා ඉතා විශාල ලෙස තොරතුරු සෙවීමට පෙලඹී ඇත්තේ එය Yahoo,Lycos,Bing,Altavista වැනි අනෙකුත් සෙවුම් යන්ත්‍ර වලට වඩා වේගයෙන් එකවර බිලියන 6 ක පමණ තොරතුරු සොයා දෙන බැවිනි.2013 දී හදුන්වාදුන් හමින්බර්ඩ්(Hummingbird) ඇල්ගොරිදමය නිසා ගූගල් වල වේගය සැලකිය යුතු තරමකින් ඉහල ගොස් ඇති බව විද්වතුන්ගේ මතයයි.

කරුනු එසේ වුවද ගූගල් සෙවුම් යන්ත්‍රයට ඇත්තේ දැනට අන්තර්ජාලයේ ඇති තොරතුරු සොයාදීමේ හැකියාව පමණි.නව දැනුම,තොරතුරු නිර්මාණය කිරීමට ගූගල්හට හැකියාව නොමැත.ඒ අතින් බැලූවිට මිනිස් මොළය තවමත් ඉදිරියෙන් ඇත්තේ මිනිස් මොළයට තොරතුරු අලුතින් නිර්මාණය කල හැකි බැවිනි.එය මිනිස් මොළයට ලැබී ඇති සුවිශේෂී හැකියාවකි.

ගූගලීකරණය 2003 දී John Battelle සහ Alex Salkever විසින් හදුන්වා දෙන ලද සංකල්පයකි.ගූගල් නිර්මාණය වූ මුල් කාලවලදී එම සේවාවට හැකිවූයේ අක්ශර මූලික කොටගත් තොරතුරු සෙවීමට පමණකි.නමුත් වර්තමානයේ එය රූප,වීඩියෝ,ඩිජිටල් පොත්,ප්‍රවෘත්ති යනාදී වශයෙන් සොයා දීමට හැකිවන ලෙස සකසා ඇත.එමෙන්ම එහි සේවාවන්ද පුලුල් කොට අති බව අප කාටත් දැකගත හැකිව ඇත.

Desktop,Laptop,Notebook,Tablet,Smart Phone හරහාද දැන් මෙම සේවාව අත්විදිය හැකිවීම එක් අතකින් පහසුවක් ලෙස පෙනුනද තොරතුරු මතකතබා ගැනීමට එය ඍජු බාධාවක් ලෙස දැක්විය හැක්කේ ඒ සදහා මොළය වෙහෙසවීම අවශ්‍ය නොවන හෙයිනි.තමන්ට යමක් දැනගැනීමට අවශ්‍යනම් ගූගල් ඒ සදහා සැදී පැහැදී සිටීම අපට මහා අස්වැසිල්ලක් සේ දැනුනද බුද්ධිමත්ව සිතා බැලුවහොත් ගූගල් අපේ මොළයේ මතක තබා ගැනීමේ හැකියාව,විශ්ලේෂණ හා ආවර්ජන හැකියාව මොට කරන තවත් එක් තාක්ශණික ප්‍රයෝගයක් නොවන්නේද?

සටහන:- තිස්ස නවරත්න විසිනි

Thursday, May 12, 2016

පරිගණක ක්‍රීඩා තුලින් ඉගෙනීම




පරිගණක ක්‍රීඩා කියූ සැනින් අප කාට වුවත් මතකයට නැගෙන පරිගණක ක්‍රීඩාවක් නොමැති තරමට අද එය ප්‍රචලිත වී ඇත.වයස් බේදයකින් තොරව කාගේත් සිත් ඇදගන්නා පරිගණක ක්‍රීඩා අද ලෝකයේ එමට ඇත.මතකය,ආවර්ජනය,ගොනුකිරීම,වේගවත් තීරණ ගැනීම,ක්‍රියාශීලී බව,විමසිලිමත්කම යනාදී වූ හැකියාවන් දියුණු කර ගැනීමට පරිගණක ක්‍රීඩා අප නොදැනුවත්වම වුවද ඉවහල් වූ බව තර්කයකින් තොරව පිලිගැනීමට තරම් ප්‍රමාණවත් සාධක මේ වන විටත් විද්වතුන් විසින් ඉදිරිපත්කොට ඇත.

ඉහල තාක්ශණික ශිල්ප ක්‍රම හරහා නිර්මාණය කොට ඇති දියුණු පරිගණක ක්‍රීඩා පිලිබදව අප අසා ඇත්තෙමු.විද්වතුන් ලොව පුරා කරන ලද පරීක්ශණ වලට අනුව පරිගණක ක්‍රීඩා පිලිබදව අප දැරූ සාම්ප්‍රදායික ආකල්ප වෙනස් කරගැනීමට දැන් කාලය එලඹ ඇත.ඊට හේතු පාදක වී ඇත්තේ අද පවතින විවිධාකාර පරිගණක ක්‍රීඩා ක්‍රීඩා කිරීම තුලින් බොහෝ දේ ඉගෙනගැනීමට හැකිබව මෙන්ම සමහර පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ අරමුණද වී ඇත්තේ ඒ හරහා විෂය කරුණු ඉගැන්වීමය.

ඉගෙනීමේ නව ක්‍රමවේදයක් ලෙස අද GBL (Game Based Learnning) පිළිගෙන ඇත.මෙහි අර්ථය නම්,විවිධාකාර ක්‍රමශිල්ප භාවිතා කොට නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩා ඒකරාශී කොට එම ක්‍රීඩා වල ඇති විවිධාකාර  ක්‍රමවේද (Machanics) ක්‍රීඩා කිරීම තුලින් අධ්‍යනය කොට තම හැකියාවන්(Skills) හා දැනුම (Knowledge) ඒ හරහා ලබා ගැනීමයි.විද්වතුන් පවසන පරිදි කුඩා ළමුන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා යම් යම් පරිගණක ක්‍රීඩා වල යෙදීම තුලින් රාජකාරි මෙන්ම එදිනෙදා වැද කටයුතු වලදී පවා අලුත් යමක් ශණිකව ඉගෙනීමේ හා ඵලදායිතාවය (Productivity) ඉහල තලයකට ගෙන ආ හැකි බවයි.

GBL ක්‍රමවේදය Play station,Tablets,Video Games වලට පමණක්ම සීමාකල නොහැකිය.ඒ මන්ද යත් ක්‍රීඩා කිරීමේදී පුද්ගලයින්ගේ  භෞතික තත්වයන් (Physical Form) හරහාද යමක් ඉගෙනීමට හැකි බව විද්වතුන්ගේ මතය වන බැවිනි.බොහෝ පරිගණක ක්‍රීඩා හරහා විනය,හොද ගතිගුණ,ඉලක්කයකට වැඩ කිරීම,සමාජශීලී වීම,තම ජීවන අත්දැකීම් අත්හදා බැලීම යනාදී හැකියාවන් මේ හරහා වැඩිදියුණු වන බව සොයාගෙන ඇත.

GBL Serious Games ලෙසද අර්ථ දැක්විය හැක.එනම් සමහර පරිගණක ක්‍රීඩා නිර්මාණය කොට ඇත්තේද ඉගෙනීමට සහ එම ක්‍රීඩා හරහා ලැබෙන නිපුණත්වය තම පෞද්ගලික ජීවිතයේ එදිනෙදා ක්‍රියාකාරකම් වල යහපත් වෙනසක් ඇතිකරගැනීමට හැකිවන ලෙසයි.මෙම ක්‍රීඩාවල ත්‍රිමාන රූප හරහා එම ක්‍රීඩකයාට සජීවී ලෝකය මනාව අධ්‍යනය කොට තේරුම් ගැනීමට හැකිවන ලෙස සකසා තිබීමද විශේෂත්වයකි.

GBL ක්‍රියාවලිය හා සසැදෙන Gamification නම් වූ ක්‍රියාවලිය තුල පරිගණක ක්‍රීඩා හරහා සිතීමේ හැකියාව හා ක්‍රීඩාවේ ක්‍රියාදාමයන් (Machanics) ගැටලු සාර්ථක ලෙස විසදීමටද මංපෙත් විවරකර දෙන ක්‍රියාවලියකි.Portal2 වැනි පරිගණක ක්‍රීඩා හරහා ක්‍රීඩකයාට ගැඹුරු ලෙස සිතීමේ හැකියාව,නිර්මාණශීලී හැකියාව ප්‍රගුණ කරවයි.මෙම හැකියාවන් ප්‍රගුණ වීම නිසා ශිෂ්‍යාට සාම්ප්‍රදායික ක්‍රමවේද වලින් බැහැරව සිතීමේ හා නිර්මාණය කිරීමේ හැකියාව ඇති වේ.ගුරුවරුන්ටද පරිගණක ක්‍රීඩාවල ඇති සිත් ඇදගන්නාසුලු අතුරු මුහුණත්,චලනයන්,වර්ණවත් රූපරාමු භාවිතා කොට විෂය කරුණු නව මුහුණුවරකින් ශිෂ්‍යාට ඉගැන්විය හැකිය.

කරුණු කෙසේ වුවද ගුරුවරයා මෙහිදී වඩා උපක්‍රමශීලී වීමට වගබලා ගත යුතු වන්නේ ශිෂ්‍යාට පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වීමට වැඩි ඉඩකඩක් ඇති බැවිනි.

සටහන:- තිස්ස නවරත්න විසිනි.

Monday, May 9, 2016

තොරතුරු තාක්ෂණයේ ප්‍රගමණය හා මිනිසාගේ අනාගතය



තාක්ෂණයේ වේගවත් දියුණුව හා පරිණාමය අනාගත ලෝකය අසුරුසැනින් වෙනස් කිරීමට යහමින් දායක වෙමින් ඇතිබව අප කාටත් පුදුමයක් නොවේ.මානව ශිෂ්ඨාචාරයේ දියුණුව,අතිනවීන තාක්ෂණික මෙවලම්,ජෛව තාක්ෂණික නිපැයුම් වැනි නවීන සොයාගැනීම් සීඝ්‍ර ලෙස ඉහලයාම අප කවුරුත් නොසිතනා ලෙස ඉතාවේගයෙන් සිදුවෙමින් පවතී.

ඉදිරි දශක කිහිපය තුල නිර්මාණය වන පරිගණක වල මිනිස් මොළයේ ආගනන හැකියාවට (Computational Speed) ළගාවිය හැකිවනු ඇති බවද විද්වතුන්ගේ මතයයි.එපමණක්ද නොව මෙම පරිගණක වලට මිනිසුන් හා කතා කිරීමට අමතරව සවන්දීමේ හා මතක තබාගැනීමේ හැකියාවද ලැබෙනු ඇත.මේ හරහා මිනිසුන් පශ්චාත් මානව අවදියකට ගමන් කරනු ඇති බව බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත.

නැනෝ තාක්ශණය(Nano Technology) ආශ්‍රිතව නිපදවන ඉතා කුඩා ප්‍රමාණයේ රොබෝ යන්ත්‍ර මිනිස් සිරුරට අතුලුකොට ඒ හරහා මිනිසාගේ හැකියාව වැඩිදියුණු කිරීමේ ඉඩකඩක් ඇතිබවද සිතිය හැක.මෙමගින් ලෙඩරෝග මැඩපැවත්වීම, ශුද්‍ර සැත්කම්(Microsurgery) හා මිනිසාගේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීම කලහැකි බව විද්වතුන් පෙන්වා දී ඇත.මෙමගින් සිදුවනුයේ මිනිසාගේ ශරීරයේ ඇති සීමාවන් හා අඩුලුහුඩුකම් මගහැරී ගොස් මිනිසා ජෛව යාන්ත්‍රික තත්වයට පත්වීමය.

මිනිස් මොළය පරමාණුවෙන් පරමාණුවට පිටපත් කොට එම තොරතුරු පරිගණකයට අතුලත් කිරීම(Upload) තුලින් අවසානයේ දිනයක මරණය පවා ජයගැනීමට මිනිසාට හැකිවනු අති බව නිගමනය කල හැකිය.ආලෝකයේ වේගයෙන් තොරතුරු රටාවන්(Information Pattern) ලෙස පරිගණක පද්ධති හරහා ගමන් කිරීමේ හැකියාව මිනිසාට උදාවනු ඇති අතර,මිනිස් සිරුර මුලුමනින්ම අතහැර දැමිමේ හැකියාව ලැබෙනු ඇත.දැනටමත් ලොව වටා ජීවත්වන විද්වතුන් මෙවනි පෙරළිකාර සොයාගැනීම් සදහා ක්‍රියා කරමින් සිටින බවද අප කාටත් නොරහසකි.

සටහන:- තිස්ස නවරත්න විසිනි.

Sunday, February 28, 2016

ශ්‍රීලංකාවේ තොරතුරු සන්නිවේදන සාක්ෂරතාව



එදිනෙදා වැඩකටයුතු සදහා යම් මට්ටමක හෝ පරිගණක දැනුමක් තිබීම යුගයේ අවශ්‍ය තාවයක් වී ඇත.කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා පරිගණක භාවිතා කරන යුගයක් අප පසුකරමින් සිටින්නෙමු.දියුණු යුරෝපා රටවල නම් ආසන්න වශයෙන් 80% වත් ජනතාව තම එදිනෙදා වැඩකටයුතු සදහා තොරතුරු තාක්ෂණය මෙවලමක් ලෙස භාවිතා කරන බව අප කාටත් නොරහසකි.තම ආහාරවේල පවා අන්තර්ජාලය හරහා ඇණවුම් කරන මිනිසුන් වෙසෙන ලෝකයක කුප්පිලාම්පුවේ කනාමැදිරි එලියෙන් ජීවත්වන මිනිසුන්ද නොඅඩුව වෙසෙති.

කරුණු කෙසේ වුවද ශ්‍රීලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල තොරතුරු සන්නිවේදන සාක්ෂරතාවය යන මාතෘකාව කථාකිරීම පවා එක් අතකින් හාස්‍යජනක කාරණයකි.ඒ මන්ද යත් අත්‍යාවශ්‍ය පහසුකම් හෝ නොමැති මිනිසුන් අප රටේ කොතරම් අතිද?ඔවුන් හමුවේ තොරතුරු සන්නිවේදන සාක්ෂරතාව ගැන උදම් ඇනීම හරියට කනාට මැණිකක අගය කියනවා වැනිය.එයට හේතුව නම් පරිගණක යන්ත්‍රයක් ස්පර්ශ කිරීමට පවා වරම් නොලද ජනතාව තවමත් අපරට තුල ජීවත්වන බැවිනි.මුදල් යහමින් ඇති අයට නම් කෑම වට්ටෝරු බැලීමට පවා අන්තර්ජාල පහසුකම් ඇත.ඔවුන් හමුවේ මෙම කාරණය පයපාමුල ගෑවෙන දූවිල්ලකට සමානය.

සත්‍යවශයෙන්ම අප රට තුල මූලිකව ගොඩනැගිය යුත්තේ මූලික  අවශ්‍යතාවයන්ය.එම අවශ්‍යතා සම්පූර්ණ වූ කල මිනිසා වුවද නිතැතින්ම පෙලඹෙන්නේ ඊලග අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීමට බව"ඒබ්‍රහම් මැස්ලෝ" නැමැති ලෝ ප්‍රකට මනෝ විද්‍යාඥයා දක්වා ඇත.

අප කවුරුත් දන්නා ලෝ ප්‍රකට "බිල් ගේට්" මහතා සමාජ සත්කාර සදහා 90% තම දනය යෙදවීම මානව දයාව ප්‍රකට කරවන සිදුවීමකි.ඒ මන්ද යත්,තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට පවා තොරතුරු සන්නිවේදන සාක්ෂරතාවය දියුණු කිරීමට වඩා මිනිසාගේ මූලික අවශ්‍යතා සාක්ෂාත් කරගැනීමට උදව් උපකාර කිරීම වඩා වැදගත් බව මනාව තේරුම් ගොස් අති බැවිනි.කෙසේ නමුදු කරුණු කරනා මෙසේ වුවද තොරතුරු සාක්ෂරතාවය වැඩි කිරීමට අනාගත පරපුර තාක්ෂණික සමාජයක් බිහිකිර්‍රමෙහි ලා වැදගත්ම ක්‍රියාවලියකි.රටක් ලෙස එදිරියට යාමට තොරතුරු සන්නිවේදන සාක්ෂරතාවය අත්‍යාවශ්‍ය සාධකයක් බව කිව මනාය.

Thursday, February 11, 2016

ජංගම දුරකථන හා සමාජය



අතීතය මෙන් නොව තාක්ෂණය දියුණු වීමත සමගම මිනිසාගේ අවශයතාවයන්ද ඒ හා සමානව ඉහල ගිය යුගයක අන්තර් පුද්ගල සබදතා ඉතා සීඝ්‍රයෙන් ඩිජිටලීකරණයට ලක්වූයේ මුලු විශ්වයම ක්ෂණික ව කනපිට පෙරලමිනි.
කෙනෙකු සමග අදහස් හුවමාරු කරගැනීමට දුරකථන භාවිතාකල යුගය අද නව මන්පෙතකට යොමුව ඇත.හුදෙක්ම කතාකිරීමට පමණක් නොව කෙටි පණිවිඩ,චිත්‍රමය පණිවිඩ වලටත් එහා ගිය තාක්ෂණයක් ජoගම දුරකථනයේ ඇත.
ස්මාර්ට්  පෝන් යුගයේ නවමු පැතිකඩවල දොරගුලු දැන් විවර වී හමාරය.ගමන්කරනවිට,කාර්යාලයේදී,නිවසේදී පමණක් නොව එගෙනුම් ලබන පන්තිකාමරවලදී පවා ජoගම දුරකථන ගජරාමෙට කාර්යබහුල වී ඇත්තේ අන්තර්ජාලයට ප්‍රවිශ්ඨවීමට හෑකි පහසුම මගක් ස්මාර්ට් පෝන් හරහා විවරවීම නිසාය.තොරතුරු සෙවීමට ගූගල් කිරීමද අද මිනිසාගේ මතක ශක්තිය හා ආවර්ජන හැකියාව මොට කිරීමට සමත්ව ඇත.
කරුණු මතකතබාගැනීමේ අවශ්‍යතාවයක් දැන් නැත. ජoගම දුරකථන හරහා ගූගල් වෙත පිවිස අවශ්‍ය කරුනු ක්ෂණිකව වෙබ් අඩවි හරහා පීරා බැලීමට හැකිවීම මීට හේතුවයි.හොද හෝ නරක රූපරාමු,වීඩියෝ දර්ශණ කෂණිකව අන්තර්ජාලයට එක් කිරීමට තාක්ෂණය සමත්වී ඇත.ලොව පුරා තත්පර කිහිපයකදී බොහෝ දේ එක් කිරීමට ජoගම දුරකථනය සමත්ව ඇත.පුද්ගල අනන්‍යතාවයට හා විවිධාකාර වූ සමාජමය ගැටලු ඇතිකිරීමටද හේතුපාදක වී ඇත.
කෙසේ නමුදු මිනිසා යනු බුද්ධිමත් සත්වයෙක් බව අපි හොදින් දන්නෙමු. ජoගම දුරකථන මෙන්ම නවීන මෙවලම් හා තාක්ෂණය තමාට මෙන්ම සමාජයටද වැඩදායක ලෙස භාවිතා කිරීම අපසතු වගකීමකි.

සටහන:- තිස්ස නවරත්න විසිනි.

Monday, February 8, 2016

How Technology Help to The Education?



Technology has helped us in our education too. This is the easiest way to learn and teaching introduced for students and teachers. He also gave us the modern discoveries and historical things. We can use the internet anywhere for multiple books and we can also watch videos on the Internet to get more ideas on the subject that we want to study. Today we discuss using the projector in our school and other educational institutions to work with the whole class.

We can also get ideas by reading blogs on various issues and the opinions of each other on a number of issues to discuss education using blogs. We can also ask our teacher via email while we are at home, which is of great importance may be particularly for the exam day and we can also do some research on the internet and we should not look at the books and finding the right page. This saves time for students. We can also help our friends to learn in a collaborative environment.

Although there are advantages of using them in our education system also has a number of disadvantages. Now people a day are based on the Internet too much to believe that everything written on the web page. It also has the job of the library, because most people who are dependent on the Internet library because they buy their favorite books on the Internet. So libraries are closed because people rely on the internet library.

2026 A/L ICT Classes